පොත් ප්‍රදර්ශනේට යනවනම් මේ පොත අනිවා ගන්&#3505

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මචන්, පොත ගහන්නේ විසිදුනු ප්‍රකාශකයෝ....මේක නුගේගොඩ සරසවියේ, ගුණසේන එකේ අනිවා ඇති...ඒත් ඉතින් book fair ගියොත් උබට discount එකක් හම්බෙයි....

    නම මොකද්ද බන් පොතේ ?
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    අපේ ඉතිහාසය ගැන මාර හැගීමක් එන විදිහට ලියල තියෙන එකම පොත කියල මං නම් හිතන්නේ. කියවන් යද්දී සමහර තැන්, ඇහැට කදුලු එන තරමට සංවේදීයි. කොහොම හරි මේ පොත අරන් කියවන්න, මගේ ඉල්ලීම ඒකයි. විසිදුනු ප්‍රකාශකයෝ මේ පොත ගහන්නේ. අද පටන් ගත්ත කොලබ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ බලන්න යනවා නම් අනිවාර්යයෙන් මේක ගන්න..

    :eek::eek::eek::eek:
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඔව් මචන්ලා...මට පුදුමයි මේ වගේ පොතකට ස්වර්ණ පුස්තක සම්මානයද මොකක්ද හම්බුනේ නැත්තේ ඇයි කියල..ස්වර්ණ පුස්තක හම්බුන ස්වයංජාත පොත කියවලා මේක බලද්දී , ඒ පොතට වඩා මේක කොච්චර ලස්සනට ලියල තියෙනවද කියල හිතෙනවා..අර පොතට මං අපහාස කරනවා නෙමෙයි..ඒත් ඔය සම්මාන දෙන ස්වර්ණ පුස්තක ගැන හොද article එකක් තිබුනා ගිය සතියේ පත්තරේ...ඒක බැලුවම,මෙහෙම පොතක් ඇගයීමක් කරන්නේ නැති එක ගැන පුදුමයක් නෑ....

    මේ තියෙන්නේ ඒ article එක...


    ලිංගේන්ද්‍රිය සඳහා ස්‌වර්ණ පුස්‌තක කියවමුද?

    මේ එළඹෙන්නේ ස්‌වර්ණ පුස්‌තක මාසයයි. ස්‌වර්ණ පුස්‌තක මාසය යෑයි කියන්නේ පොත් වෙළෙඳුන්ගේ මාසයයි. තවත් ලෙසකින් කිවහොත් ප්‍රකාශකයන් පස්‌දෙනකුට නවකතා පහක්‌ වඩාත් විශාල වශයෙන් අලෙවි කර ගැනීමටත්, හොඳ නවකතා පොතක්‌ පළකිරීමෙන් ලැබෙන කීර්තිය අත්පත් කර ගැනීමටත් ලැබෙන කාලයයි. ස්‌වර්ණ පුස්‌තක නවකතා තරගය පැවැත්වෙන්නේ ඒ පසුබිම යටතේය.

    මෙවර ස්‌වර්ණ පුස්‌තක පළමු වටයේ පොත් දොළහ (12) තෝරා දීමේදී බුද්ධිමතුන් සහ බුද්ධිමතීලා අමු කුණුහරුප පොතක්‌ හොඳ නවකතාවක්‌ ලෙස තෝරා දීමෙන් ස්‌වර්ණ පුස්‌තක ප්‍රකාශක සංගමයට අගනා කීර්තියක්‌ අත්පත් කරදී තිබේ.

    ඒ පොතේ කුණුහරුප ස්‌වල්පයක්‌ කෙටියෙන් කිවහොත් මෙසේය.

    එහි පුතා කුඩම්මා සමග රමණයේ යෙදෙයි. (කතාව ආරම්භ වන්නේම රමණයෙනි) තාත්තා දියණිය ස්‌ථිර වශයෙන්ම තබාගෙන රමණයේ යෙදෙයි. තවත් තැනෙක පියා පුතාගේ බිරිඳ සමග රමණයේ යෙදෙයි. එගමේම තවත් ගැහැනියක්‌ දිගු නිද්‍රdවක වැටී සිටින තරුණයකුගේ පුරුෂ ලිංගය වැඩෙන ප්‍රමාණය කෙවිටකින් දිනපතා මනියි. මුළු කෘතිය පුරාම සිදුවන එකම දෙය ගමේ මිනිසුන් රමණයේ යෙදීමයි. හැබැයි 1818 කැරැල්ලද මේ ගමට සම්බන්ධ කොට තිබේ.

    පුවත්පතක සඳහන් කිරීමට සුදුසු නොවන නමුත් මේ රමණ නවකතාවේ සාරාංශයක්‌ ලිවීමට සිදු වූයේ ස්‌වර්ණ පුස්‌තක 12 ට මෙය සුදුසු කෘතියක්‌ ලෙස එහි මූලික වටයේ විනිශ්චය කළ බුද්ධිමතුන් හා බුද්ධිමතීන් ලා තෝරා තිබීම නිසාය.

    මේ රමණ නවකතාව අපට කුණුහරුප වූවාට විනිශ්චය මණ්‌ඩලයට කුණුහරුප නොවේ. ඔවුන්ට අනුව මේ නිරන්තර රමණය සංකේතයන්ය. අධි යථාර්ථවාදී රීතියට අනුව යටි පෙළ අරුත් දනවන්නේය.

    අපට කුණුහරුප වූවාට මෙය පශ්චාත් නව්‍යවාදී එකකැයි කියමින් එය උඩ දමන මහාචාර්යවරුන් ද සිටී. එබැවින් මේ රමණ නවකතාව සුළුකොට තැකිය හැකි නොවේ.

    අපට මේ නවකතාව රමණයක්‌ම ලෙස පෙනුණාට ස්‌වර්ණ පුස්‌තක පළමුවැනි වටයේ තේරීම් මණ්‌ඩලයට එය අගනා පොතක්‌ ලෙස පෙනී ගොස්‌ ඇත. එබැවින් මේ අගනා නිර්මාණය සහිත 1 වටය තේරූ බුද්ධිමතුන් සහ බුද්ධිමතීන් ලාගේ නාම ලේඛනය ලංකාවේ පළවන සියලු පුවත්පත්වල පළකිරීමට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු කරන්නේ නම් මැනවි.

    මක්‌නිසාද මින් පසු උසස්‌ කලා කෘති ආශ්වාදනය කිරීම අප උගත යුත්තේ ඔවුන්ගෙන් වන බැවිනි. ඒ බව ස්‌ඵුට කරමින් ස්‌වර්ණ පුස්‌තක පළමුවැනි වටයේ තේරීම් මණ්‌ඩලයේ සාමාජිකයෙක්‌ වන ප්‍රියාන් ආර්. විෙ-බණ්‌ඩාර තෙමේම ඉදිරිපත් වී රමණ නවකතාව ඔද වැඩීම හෙවත් උඩ දැමීමට හේතු ඉදිරිපත් කරමින් පසුගිය සතියේ රාවය පුවත්පතට ලිපියක්‌ ලියා තිබිණි.

    එහි කියෑවෙන අන්දමට ආගන්තුක සත්කාරයට තම දියණිය හෝ බිරිඳ අමුත්තා සමග රමණයට යෑවූ සමාජයක්‌ අපට තිබුණා නම්, එසේ නම් තාත්තා දුව සමග පුතා කුඩම්මා සමග මාමා ලේලිය සමග රමණය කිරීමේ කතාවක්‌ ලිවීමේ ඇති වරද කුමක්‌දැයි හේ ප්‍රශ්න කරයි.

    1818 වන විටත් තිබුණේ රදල වැඩ වසම් සමාජ ක්‍රමයයි. ගම් හත්පත්තුවට එන ප්‍රභූවරයාට බිරිඳ හෝ දියණිය රාත්‍රියට දීමේ සිරිත ඒ රදළ වැඩවසම් ක්‍රමය බලහත්කාරයෙන් ඉල්ලා සිටි එකකි. එහෙත් මේ රමණ නවකතාවේ සිටින සියලු චරිතයෝ ඉවක්‌ බවක්‌ නැති රමණයක යෙදී සිටින්නෝ වෙති.

    එවන් ප්‍රබන්ධයක්‌ මේ සා දුරක්‌ ඔසවා තබන්නට කර දුන්නේ ප්‍රියාන් ආර්. විෙ-බණ්‌ඩාර විනිසුරු පමණක්‌ විය නොහැක. පොත ඔසවන්නට නම් තවත් වැඩි දෙනකුගේ ඡන්දය අවශ්‍යය.

    රමණයට ඡන්දය දුන් සෙසු විනිසුරු විනිසුරුවරියන්ගේ නාමලේඛනයද ප්‍රසිද්ධියට පත්කිරීම සමාජයට වැඩදායකය. මක්‌නිසාද රමණය කේන්ද්‍ර කොටගත් නවකතා කෙටිකතා කාව්‍ය සාහිත්‍යයක්‌ කලක සිට ගොඩනැඟෙමින් පවතින බැවින් ඒවා සේවන කරන්නවුන්ට ඉහත කී විනිශ්චය මණ්‌ඩලයෙන් ටියුෂන් ගැනීමට පුළුවන් වන හෙයිනි.

    රමණ ප්‍රවණතාව වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින නිසා ආර්. විෙ-බණ්‌ඩාර මහතා සාහිත්‍ය කෘතියක්‌ කියෑවීමෙන් ඉනෙන් පහළ කොටස පාලනය කර ගැනීමට හිතට කරදර නම් කළ යුත්තේ සාහිත්‍ය සංවාදවල කෙළවරක්‌ නැති ප්‍රශ්න ඇසීම නොව මනෝ වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර ලබා ගැනීම බවට අවවාද කරයි.

    අප මෙතෙක්‌ කල් මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, අමරසේකර, කේ. ජයතිලක, සයිමන් කියෙව්වේ ඔළුවටය. නමුත් ස්‌වර්ණ පුස්‌තක විනිසුරු සාමාජිකයාගේ තර්කයට (අවවාදයට) අනුව දැන් පොත් කියවන්නට සිදුව ඇත්තේ ඉනෙන් පහළටය.

    හිසට නොව ඉනෙන් පහළ ලිංගේන්ද්‍රියට පොත් කියෑවීමේ කලා නිර්ණායකය කියා දුන් ප්‍රියාන් ආර්. විෙ-බණ්‌ඩාරටත්, ඔහුගේ සහචර විනිසුරු මඬුල්ලටත්, ඔවුන් විනිසුරුවන් ලෙස පත්කළ පොත් ප්‍රකාශක සංගමයටත් ස්‌තුති වේවා·

    අපි මෙතැන් සිට ලිංගේන්ද්‍රිය සඳහා කියවන්නෝ වෙමු.


    http://www.divaina.com/2013/09/01/nimna08.html

    මොකද්ද බන් ඔය කියන පොත? ස්වයංජාත ද?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    pu8tl.jpg



    ....කොග්ගල නිලමේ පොතට පස්සේ, අපේ ඉතිහාසය ගැන මාර හැගීමක් එන ......


    කොග්ගල නිලමේ ..., රාවනා...., බුදුන් උපන් ලංකාව..., අනේ අපේ තරුණ පරපුර ඉතිහාසය ඉගනගන්න බාවිතාකරන මුලාශ්‍ර....දැන් දුටුගැමුණු!!!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොග්ගල නිලමේ ..., රාවනා...., බුදුන් උපන් ලංකාව..., අනේ අපේ තරුණ පරපුර ඉතිහාසය ඉගනගන්න බාවිතාකරන මුලාශ්‍ර....දැන් දුටුගැමුණු!!!
    උබ ඉගෙනගන්නේ බයිබලෙන් වෙන්න ඇති...:lol::lol:
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ube bappada yako salli denne.... rewila thinne sinhalunta mey dawas wala... oka demalenuth liwwa nam thambinta market karanna thibba...