පොත් වලට වින කරන කෘමීන්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    පොත් වලට වින කරන කෘමීන්

    පොත් සංරක්‍ෂණය කිරීමට එරෙහි වන සතුරෝ බොහෝමයි. දැන් මේ සූදානම පොත් වල සතුරන් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමටයි. පොත් වලට වින කරන්නන් ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. එනම් ජීව විද්‍යාත්මක කාරකයන්, භෞතික කාරකයන් සහ රසායනික කාරකයන් වේ. පොදුවේ ගත් කල පුස්තකාල ද්‍රව්‍යවල සතුරන් ලෙස මිනිසා ද ප‍්‍රධාන තැනක් ගනියි. පුස්තකාල විනාශ කිරීම, ප‍්‍රකාශන සොරකම් කිරීම, ඉරාදැමීම, ගලවා දැමීම, මෙන්ම කඩා දැමීමද සිදුවන්නේ මිනිසාගෙනි. පාඨකයන් නොමැති නම් පොත් වලට පැවැත්මක් නොවන අතර ඔහු විසින් ඉටවිය යුතු කාර්යයන් බොහෝයි. පොත් පරිශීලනයේදී පොත් වල පිටු නැමීම, ඒ මත කුරුටු ගෑම, දහදිය, මඩ, දූවිලි හා තෙල් වර්ග පොත් පිටුවල තැවරිම ආදී වූ කඩදාසියේ හානිය ඉක්මන් කරන දේ වලින් වහාම වැළකිය යුතුය. ශිෂ්ටාචාරය බිහි වූදා සිටම කෘමින් හා මිනිසා අතර ගැටුම පැවැති නමුත් අද එය තවත් වර්ධනය වී තිබෙනු දැකිය හැකිය. මේ අතරින් පොත් වලට හානි පමුණුවන කෘමින් බොහෝ සිටින බැවින්, ඒ සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය නිපදවා තිබුණද තවමත් සම්පූර්ණයෙන්ම ප‍්‍රතිඵල ලබාගත නොහැකි වී ඇත. කැරපොත්තන්, පොත් කාවන්, පොත් ගුල්ලන්, වේයන්, කෘන්තකයින් මෙන්ම දිලීර සහ පුස් මේ සතුරන් අතර ප‍්‍රධාන තැනක් හිමි කරගනු ලැබෙනවා.කැරපොත්තන් වර්ග 1200 ක් පමණ සිටින අතර මින් වර්ග 5 ක් පමණ පුස්තකාල සහ ලේඛණ සුරක්‍ෂිතාගාරවල සුලබව දක්නට ලැබේ. කි‍්‍ර. ව. 1602 සිට මොවුන් පොත් වල සතුරන් ලෙස සොයාගෙන ඇති අතර රාක්ක යට, අල්මාරි වල බිත්ති වල කැඩී බිඳී ගිය ගුල් තුළ වාසය කරමින් රාතී‍්‍ර කාලයේදී ආහාර සෙවීම සිදු කරති. වැඩි වශයෙන් අනුභවයට පි‍්‍රයකරන්නේ පොත්කවර වල ඇති පාප්ප සහ මැළියම්ය. මේවා සොයා ගැනීම සඳහා පොත් වල රෙදි බැම්ම කාගෙන එහි ඇති මැළියම් සොයා යති. කැරපොත්තන් නිකුත් කරන කළු ද්‍රව්‍යයන් හේතු කොටගෙන කඩදාසියේ වර්ණය වෙනස් වේ.
    කැරපොත්තන් මේ ආකාරයට විනාශය ගෙන දෙන විට අඟල් භාගයක් පමණ විශාලව වැඩෙන තටු නැති කොරපොතු සහිත මුතු ඇට පැහැති පොත්කාවන් ද පොත් වලට ගෙන දෙන්නේ විශාල හානියක්.වැඩි වශයෙන් තෙතමන සහ සීතල ස්ථාන පි‍්‍රයකරන පොත් කාවන් කි‍්‍රයාත්මක වන්නේ රාතී‍්‍ර කාලයේදීය. කැරපොත්තාට මෙන්ම මාස ගණනක් වුවත් ආහාර නොමැතිව ජීවත් විය හැකි අතර පොත් හො ලේඛන අසු වූ විට පාප්ප වන තුරු කා දමති. පොත් කවර තුළින් රිංගා එහි මැළියම් කෑමට වැඩි කැමැත්තක් දක්වන අතර බිත්තර දැමීමට පොත් රාක්ක පිටුපස, අල්මාරි හා කැබිනට්ටු පිටුපස ස්ථාන තෝරා ගනු ලබයි. සති දෙකකින් පමණ සීඝ‍්‍රයෙන් බෝවන නිසා සම්පූර්ණයෙන් විනාශ කිරීම දුෂ්කරයි.බොහෝ දෙනා පොත් ගුල්ලන් ලෙස වරදවා වටහා ගෙන ඇත්තේ පොත් කාවන්ය. පොත් ගුල්ලෝ පොත් කාවන්ට වඩා හානිකර වේ. දැනට 1600 ක් පමණ පොත් ගුල්ලෝ වර්ග සිටිති. පොත් කාවන් පරදවමින් සම් හා සාමාන්‍ය රෙදි කවර යොදා ඇති ප‍්‍රකාශන කා දැමීමට පොත් ගුල්ලන් පසුඹට නොවේ. දවස පුරාම කි‍්‍රයාත්මක වන මේ සතුරා විනාශකර දමන පොත් වල පිටු එකට ඇලී පවතින අතර අකුරු කියවීමට නොහැකි තරම් විනාශ කර දමයි. පොත් වලට වින කරන සතුරන් අතුරින් වේයා කා අතරත් ප‍්‍රසිද්ධ ය. වර්ෂ කෝටි 200 ක පමණ ඉතිහාසයක් ඇති මෙම කෘමීන්ගේ වාස භූමිය වන්නේ අපි‍්‍රකාව වේ. මොවුහු ප‍්‍රජාවක් ලෙස - එනම් සොල්දාදුවන්, කම්කරුවන් ලෙස කි‍්‍රයාත්මක වේ. ගොඩනැගිලි බිත්ති තුළින් රිංගා ගන්නා වේයෝ එක විටම සොයා ගැනීම දුෂ්කරය. අල්මාරි රාක්ක සහ ලාච්චු පිටු පසින් රිංගා ලීයද කාගෙන පොත්්වලට ඇතුළු වේ. කඩදාසි, ලී, ලිපිගොනු විනාශ කිරීමට මොවුන් තුළ ඇත්තේ විශාල දක්‍ෂතාවකි. වේ රැජින දිනකට බිත්තර 30,000 ක් පමණ දමන බව වාර්තා වේ.
    වැසි දින පැමිණීම ඔවුන්ගේ අවසානය දැකීමේ පෙර නිමිත්තකි. පොත් වලට පමණක් නොව රෙදි වලට වෙනත් ලී බඩු වලට හානි ගෙන දෙන මීයන් තම ගෙවල් තැනීම සඳහා කඩදාසි කැබලි වලට කපා ගෙන යති. මොවුන් විනාශ කර දැමීම එතරම් අපහසු නොවේ. කඩදාසි විනාශ කර දමන ජෛවීය කාරකයන් ලෙස දිලීර සහ පුස් සැලකේ. පොත් පත් මත කහ දුඹුරු සහ කළු ලප වැටීම පුස් සෑදී ඇති බවට සාක්‍ෂියකි. සමහර අවස්ථා වලදී කිසිදු වර්ණයක් නොදක්වා පුස් හා දිලීර වර්ධනය වේ. පුස් හා දිලීර බැඳීම පොතේ විනාශයට ඍජු ලෙසම බලපෑම් එල්ල කරයි. මේවා ඇති වීමට බොහෝ විට බලපාන්නේ අර්ද්‍රතාවය, උෂ්ණත්වය, ආලෝකය වැනි පරිසරයේ සාධක. සාපේක්‍ෂ ආර්ද්‍රතාවය 70% ට අඩු අවස්ථා වලදි පුස් නොවැඩේ. ප‍්‍රමාණවත් වාතාශ‍්‍රය නොමැති අවස්ථාවල පුස් වර්ග සීඝ‍්‍රයෙන් වැඩෙන අතර පුස් වලින් හානියට පත් ලේඛන වල පී. එච්. අගය 4.8 - 5.6 දක්වා පෙන්නුම් කරයි. මේ ආකාරයට පොත් වලට සිදුවන හානිවීම් දුරු කිරිම සඳහා, මසකට වරක්වත් කෘමි නාශකයක් පොළොව හා බිත්ති අතර අහුමුලු වලට විදීම සුදුසු වේ. බේගෝන් දියරය සමඟ 10% ක ප‍්‍රමාණයක පැඟිරි තෙල් මිශ‍්‍රකර කිසි විටකත් පුස්තකාල ද්‍රව්‍ය මතට නොවදින සේ ඉසිය යුතුය. රාක්ක හා අල්මාරි වල කපුරු බෝල තැන්පත් කිරීම, තයිමෝල් ධූමායනයට(Vaccume Fumigaton) ලක් කිරීම, තයිමෝල් විදීම(spray),, කෘමින් හා කෘමි බිත්තර සඳහා රිත්ත ධූමානය හෝ පොස්සීන් (Phosphene Fumigaton)ධූමායනය භාවිතා කිරීම සුදුසුම ක‍්‍රමයයි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!