හදිසියෙ ආ ආසාවක් නිසා Dune චිත්‍රපටි දෙක මැරතන් එකක් දැමීමේදි හිතුන දේවල් කිහිපයක්.
නැරඹීමෙ ආතල් එකට ලිවූ කටු සටහනක් පමණක් බව සඳහන් කරමි.
1. Frank Herbert ගේ Dune කතා මාලාවේ විශ්වය සිනමාවට නැගිය නොහැකි බවට මතයක් පැවතුණි. පොත් වල මිනිස් සම්බන්ධතා වල සංකීර්ණතාවය, පොත් වල අභ්‍යන්තර කථනයට වැඩි ඉඩක් දීම, තාක්ෂණික සීමාවන් ආදිය මීට හේතුව විය. මෙය එතරම් නිවරැදි නොවන ඕවරේටඩ් මතයකි. Villeneuve මෙය පහසුවෙන් බොරු බව පෙන්වීය.
2. Dune විශ්වය යනු මැදපෙරදිග ගැන සාදෘශයක් බව පැහැදිලිවම පෙනේ. අධිරාජ්‍යයට නැතිව බැරි රන්වන් spice නිස්සාරණය කරන්නේ Arrakis නම් කාන්තාර ග්‍රහයාගේ වැල්ල හැරීමෙනි. Arrakis අධිරාජ්‍යයා විසින් පාලනය කෙරේ. පෞද්ගලික සමාගම් කල්ලියක් තාක්ෂණය ප්‍රවාහනය සපයයි. හර්බට් පොත ලියන කාලයෙ මැදපෙරදිග ප්‍රවණතාවන් මුලුමනින් දලු ලා තිබුනෙ නැත. බටහිර ඉන්දීය වෙලඳ සමාගම් පෙරදිග කල වෙලඳ ක්‍රියාකාරකම් සහ යටත්විජිකරනය කතාව හැඩස්වා ඇති බව පැහැදිලියි. නමුත් එලඹෙන කාලයෙ මැද පෙරදිග නොහිතූ ලෙස Dune වලටම සමාන වෙයි.
3. Arrakis වල වෙසෙන Fremen ලා අරාබි ගෝත්‍ර මත පදනම්ව ගොඩ නැගුවකි. පොත් වල සඳහන් වන්නේ ඔවුන්ගේ ආගම සුන්නි ඉස්ලාම් + සෙන් බුද්ධාගමේ සංකලනයක් බවයි - ZenSunni.
4. පළමු චිත්‍රපටියේ මන්දගාමී, මුනිවර සෞන්දර්‍යය එලෙසම දෙවනි කොටසේ දකින්නට නැත. මෙය තරමක පාඩුවකි. නමුත් මිනිසුන් නොඉල්ලූ කතාවකින් ඩොලර් මිලියන සිය ගණනක ස්ටුඩියො චිත්‍රපටි කිරීම අතුරෙ යනවා වැනි වැඩකි. පොපියුලිස්ට් දේ අකමැත්තෙන් හෝ කරන්නට සිදුවේ.
5. කිව යුත්තේ Paul ගැලවුම්කාරයා (මහ්දි - ෂියා අදහසකි) නොවන බවයි. ඔහු අධිරාජ්‍යයා වෙන අවස්ථාවේදීම මෙය පැහැදිලිය. ඔහු චානි වෙනුවට අධිරාජ්‍යයාගේ දුව සරණ පාවා ගන්නේ බලය වෙනුවෙනි.
6. Long live the fighters යනු ඇල්ජීරියානු නිදහස් සටනේ රණ ඝෝෂාව වූ Long live the martyrs සමරූපයයි.
7. Salusa Secundus - !!! කියන්න වචන නැත. මේ ලොව පෙන්වන්නේ විනාඩියක පමණ කෙටි කාලයක නොවැදගත් දෙබසක් වෙනුවෙනි. නමුත් දෙබස අතරතුර එහි Fascist රණ සංස්කෘතිය අපට පෙනේ. Less is more. අපිට මේ ග්‍රහයා ගැන වෙනම චිත්‍රපටයක් බැලීමට සිත්වෙයි.
8. චානි චිත්‍රපට දෙකේම අවසන් ජවනිකාවේ සිටී. මුල් චිත්‍රපටයේදී කාන්තාරය මැදින් පෙරහැරේ යන ඈ බලාපොරොත්තු සහගත ලෙස Paul නමැති පිටස්තරයා දෙස හැරී බලන අතර, දෙවැනි චිත්‍රපටයේදී පිටස්තරයා විසින් පාවා දෙනු ලැබ, සිය සගයන් නැතිව ඈ හුදෙකලාව කාන්තාරය මැද සිටී. චානි තම ගෝත්‍රයේ විමුක්ති සටනට කැපවූ තැනැත්තියකි. වැදගත් කාරණය ඇය එකම මොහොතේ සියළු පිටස්තර ආධිපත්‍යයට මෙන්ම තමා අයත් වන ජනතාවගේ අගතිගාමී ගෝත්‍රවාදයට (malfunctional tribalism) ද විරුද්ධ බවයි. මෙය ඉතා අසීරු ස්ටාන්ස් එකකි. ඉරානයේ මාෂා අමීනි අරගල වල චානි වැනි අය සිටින්න ඇතැයි සිතමි. මෙය හර්බට් ගේ ම වැඩක් නොවේ. විලනව් ගේ එකතු කිරීමකි.

Last edited: