රනිල් - අපේ රට ගොඩ ගත හැකි එකම නායකයා
1999 දී නැවුම් තරුණ ඇපේක්ෂකයෙකු වූ රනිල් වික්‍රමසි0හ ජනාධිපතිවර්ණ සටන අතරතුරදී සීඝ්‍ර වේගයෙන් ඉදිරියෙන් සිට ජයකණුව තරණය කිරීමට ඔන්න මෙන්න සිටියදී අවසාන අවස්ථාවේ ඔහුගේ ජයග්‍රහණය උදුරා ගනු ලැබුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය වෙත එල්ල වුණු බෝම්බයේ අනුකම්පා ඡන්ද වලිනි...වගකිව යුත්තා ප්‍රභාකරන්ය..
2005 දී ජනාධිපතිවරණය පුරාම පැහැදිළිව ඉදිරියෙන් සිටිමින් නියත ජයග්‍රහණයක් උරුම කරගෙන සිටියදී අවසානයේ ඡන්ද දිනයේ සිදු වූ මැතිවරණ වර්ජනයක් නිසා ඔහුගේ නම ඉදිරියේ ලියවී තිබූ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවට වැටුණි...වගකිව යුත්තා ප්‍රභාකරන්ය...
රනිල් ඉල්ලපු පසුගිය ජනාධිපතිවරණන් දෙකෙහිම ලැබුණේ විකෘති වූ ඡන්ද ප්‍රථිපලයකි...එයයි සැඟවීමට උත්සහ දරන එහෙත් සැඟවිය නොහැකි ඇත්ත...රනිල් ට ඡන්ද දිනන්න බෑ, රනිල්ට මේ රටේ මිනිස්සු කැමති නෑ කියන අය තවත් සිටිනවාද..? නොදැනුවත්කම නිසා එහෙම කියන අයට දිය හැකි පිළිතුර දේශපාලනය තව ටිකක් ඉගෙන ගන්න කියාය...මේ ඇත්ත දැන දැනත් දේශපාලන කුහකකම නිසා එහෙම කියන අයට කියන්නට ඇත්තේ කුහකකම අත්හරින්න කියා පමණි...1999 සහ 2005 ජනාධිපතිවරණ දෙස විමසිලිමත්ව බැලීමෙන් "රනිල්ට දිනන්න බෑ" කියන පිරිස වටහා ගත යුතු වන්නේ එම මැතිවරණ වලදී රනිල් පරාජය වූවා නොව "රනිල් පරාජය කරවූවා" යන්නයි...
අද වන විට රනිල්ට එල්ල කිරීමට චෝදනාවක් හොයා ගන්නවත් බැරි මේ දුර්දාන්ත බන්කොළොත් ආණ්ඩුව තවමත් ඔහුට කොටි ලේබලය ගසමින් මේ රටේ බුද්ධිමත් ජනතාව ඉදිරියේ විහිළුවක් වෙමින් පවතී...