පොදු_අපේක්ෂක

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
පොදු අපේක්ෂක වැඩ පිළිවෙළ මුළුමනින්ම අවුලක්


විපක්ෂය ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා පිළිබඳව විපක්ෂයේ නායකයන් එක් එක් දිනවල එකිනෙකට පරස්පර ප්‍රකාශ කිරීම නිසා පොදු අපේක්ෂකයා රටට ඉදිරිපත් කිරීම මෙන්ම පොදු අපේක්ෂකයා සම්බන්ධ කර ඉදිරිපත් කෙරෙන වැඩ පිළිවෙළක් මුළුමනින්ම අවුලක් වී ඇතැයි එජාපයට හා පොදු අපේක්ෂකයාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
පොදු අපේක්ෂකයාගේ වැඩ පිළිවෙළ පසුගිය සතියේ ඉදිරිපත් කරන බව මුලින් කී නමුත් පසුගිය සතිය පුරාම එවැනි වැඩ පිළිවෙළක් ඉදිරිපත් නොකෙරිණි. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර ඇතුළු පිරිස එකිනෙකට වරින්වර පරස්පර ප්‍රකාශ කළහ.
විධායක ජනාධිපති ධුරය දින 100 ක් තුළ අහෝසි කරන බවත් විධායක අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙරෙන බවත් මුලින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියත් මංගල සමරවීර මහතා කියා සිටියේ විධායක අගමැති කෙනෙක් පත් නොකරන බවයි.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී පැය 24 ක් තුළ ජනාධිපති ‍බලය අගමැති ලෙස පත්කරන රනිල් වික්‍රමසිංහ මහතාට පැවරිය යුතු බව එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියත් එසේ නොකරන බව මංගල සමරවීර මහතා කියා සිටියේය.
තිස්ස අත්තනායක, මෛත්‍රී ජනාධිපති වී පැය 24 ක් තුළ ජනාධිපති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට පැවරිය යුතු යැයි කියා සිටි බව කී ආචාර්ය නලින් ද සිල්වා මහතා එසේ කළ හැක්කේ ව්‍යවස්ථාවේ 37 (1) වගන්තිය අනුව බව ඔහු පෙන්වා දුන් බවත් කීය. රෝගාතුර වීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා තමාට කාර්යභාරය කළ නොහැකිනම් ජනාධිපති ධුරයේ කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කළ හැකි බව එම වගන්තියේ සඳහන් වේ.
මේ අතර මෙවර ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට කෙසේවත් ජයග්‍රහණය කළ නොහැකි බව පෙන්වා දුන් එජාපයේම ජ්‍යෙෂ්ඨයෙක් එජාප මුල් පෙළේ කිහිපදෙනාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත නොහැකි නමුත් විධායක ජනාධිපති ධුරය තමන් සතු කර ගැනීමට ඇති කෑදරකම නිසා මෙලෙස වරින්වර පරස්පර ප්‍රකාශ කරන බවයි. මේ අතර පාඨලී චම්පික රණවක හෙළ උරුමයේ ලේකම්වරයා පවසා සිටියේ චන්ද්‍රිකා රනිල් රජ කරවන්න හෙළ උරුමයට අවශ්‍ය නැති බවයි
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10730856_1540798026159111_2683975291985445329_n.jpg