පොන්නයෝ කාලා නේ

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
පොන්නයෝ කාලා නේ

:lol:









අද නම් දරුණුවටම කාලා!!! මම මේ ආන්ඩුවට/රාජිතට ගැන කොච්චර බැන්නත්, අද දුන්න ගේම නම්, ඉහලින්ම අගේ කරනවා!!! පොන්න පැටව්න්ට අද නම් හොදට දීලා තියනවා!!!!

image_c483b93119.jpg

:lol:


පොන්නයෝ කාලා නේ. වැදිලා තියනවා සුපිරියටම!!!!!
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගහල මදි මුන්ට :no: ගේට්ටු කඩාගෙන බිඳගෙන එන්නේ නිකන් මුන්ගේ ආච්චිගේ දේපල වගේ නෙ. අද මොකෝ දන්නේ නෑ ඇතුලට එන්න දුන්නේ පාරේදීම කඳුළු ගෑස් ගහන්නෙ නැතුව
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    rajithayage ama kala pajathai ada
    wendhata ane hapoi kiyana minihath hoda wade okunta kiyana thanata path kara
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    අර රතු ෂර්ට් කාරය හිනාවෙලා නේද ඉන්නේ.මුන් ගුටිකන්නේ ආතල් එකටද ? :eek:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    bump

    Studentship of all those buggers must be cancelled.

    මොන පිස්සුද මචන්... නවක වද වලට මාට්ටු වෙච්චි උනුත් ඩිග්‍රිය ඉවර කරනවා. ඩිසිප්ලින් කියල මෙලෝ දානයක් හදන්නේ නෑ. අන්තිමට පාරේ යන්නවත් දන්නෙ නැති උගත්තු ටිකක් බිහි වෙන්නෙ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    උද්ගෝශණ කරන එක අවුලක් නෑ පොදු දේපල කඩල බිඳල දාන්නෙ නැතුව.. එහෙම කරනව නම් ගුටි පූජා දෙන්නම වෙනව... කරන්න දෙයක් නෑ... හැබැයි සාමකාමී උද්ඝෝශණ වලට ගහනව නම් ඒව පට්ට වැරදී.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මොන පිස්සුද මචන්... නවක වද වලට මාට්ටු වෙච්චි උනුත් ඩිග්‍රිය ඉවර කරනවා. ඩිසිප්ලින් කියල මෙලෝ දානයක් හදන්නේ නෑ. අන්තිමට පාරේ යන්නවත් දන්නෙ නැති උගත්තු ටිකක් බිහි වෙන්නෙ.
    :yes::yes::yes::yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මේ වීඩියෝ එක යන්නේ කොහෙද පොල්ලේ මල් වගේ එකක් කියල හිතෙන්නේ මට විතරද?
    කොහොම උනත් අනිට් වීඩියෝ එක්ක මේක බැලුවම මට හිතුනේ ඔබ අපක්ෂපාති කිව්වට ඇත්තටම ජ.වී.පෙ. හිතවාදියෙක් කියල

    ---------------------------------------------------------------------------------------------------------------------------------------
    ප.ලි.

    මාගේ ඉහත පක්ෂයට පිළිතුරු සැපයු ය වෙත මා දකිනා ආකාරයට පිළිතුරක් සැපයිය යුතු යයි සිතේ. මෙය දීර්ග කොමෙන්ටුවක් වනු ඇති අතර, අකුරු අඩුවීම්, වෙනස් වීම් වනු ඇත. ඒ සඳහා ප්‍රථමව සමාව ඉල්ලමි.

    පළමුව කිව යුත්තේ, මම නිර්පාක්ෂික බවය. එනම් මා කිසිදු දේශපාන පක්ෂයක් අනුමත නොකරන බවත් අනුගමනය නොකරන බවත් නියෝජනය නොකරන බවත් ය.

    පිරිසිදු කම යනු සාපේක්ෂ දෙයක් බව අප වටහා ගත යුතුය. ජ.වී.පෙ. යනු පිරිසිදු පක්ෂයක් ලෙස මම කිසි විටෙකත් පිලි නොගනිමි. ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම දුෂිතයින් ගෙන් පිරුණු, ජනතා මුදල් අව භාවිත කරන්නන් බව අවිවාදයෙන් පිලි ගනිමි. එය අපට ඇස පන්න පිට පෙනෙන දෙයකි.

    ජ.වී.පෙ. මහජන මුදල් නාස්ති නොකරන බව බහුතරයක් අතර ඇති පිළිගැනීමකි. නමුත් මේ පිළිගනිම කොතරම් දුරට සත්‍ය දැයි තම තමන් විසින් වටහා ගත යුත්තකි.
    මා වටහා ගත් ආකාරයට ජ.වී.පෙ ද, මහජන මුදල් යහමින් අවභාවිත කරන පක්ෂයකි. මේ සදහා මා ඔබට එක උදාහරණයක් දෙන්නම්.

    රටේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල ජ.වී.පෙ මැදිහත් වීමෙන් සිදුවන උද්ගෝෂණ, වර්ජන ප්‍රමාණය දෙස බලන්න. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් මෙම උද්ගෝෂණ බහුතරයක් සිදු වන බව නොරහසකි.

    විශ්ව විද්‍යාල සිසුවා යනු, තමන් විසින් මුදල් නොඋපයන පුද්ගලයෙකි. ඔහු විශ්ව විද්‍යාලයට එන්නේ, තම දෙමව්පියන් විසින් උපයන ලද මුදල් වය කර ඉගෙන ගැනීමෙනි. එම ඉගැනීම සිදුවනුයේ රටේ බදු ගෙවන ජනතාව ගේන අයකළ බදු මුදල් වලට පින්සිදුවන්නටය.

    විශ්ව විද්‍යාලය තුලට පැමිණි පසුද ඔහුගේ වියදම දරන්නේ ඔහුගේ දෙමාපියන් විසිනි, ඔහුගේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සලසන්නේ රටේ බදු ගෙවන ජනතාවයි. එවන් තත්වයක් තුල ඔහු පාරේ උද්ගෝෂණ කරන්නේ නම්, ඔහු කර ඇත්තේ මෙතෙක් ඔහු වෙනුවෙන් වැයකළ එම මහජන මුදල අව භාවිතය නොවේද?, ඔහු උද්ගෝෂණය කිරීමට පෙළඹ වුයේ ජ.වී.පෙ. නොවේද? (මෙය කරන්නේ පෙරටු ගාමින් බව ඔබ පවසාවි, නමුත් පෙරටු ගාමින්ට පෙර මෙය ජවිපෙ විසින් කල බවත්, පෙරටුගාමින් යනු ජ.වී.පෙ තුලින් ම ආ කොටසක් බවත් අපි දනිමු.)

    විශ්ව විද්‍යාල සිසුවා උද්ගෝෂණ කරන්නේ, රටේ අනාගත සිසුන්ගේ අභිවුරුද්ධියට යයි ඔබ සිතනු ඇත. නමුත් එක විශ්ව විද්‍යාල සිසුවෙක් විශ්ව විද්‍යාලයට පැමිණෙන්නේ, තවත් සිසුවෙකුට පැමිණීමට තිබු අවස්ථාව අහිමි කරමින් ය. එසේ පැමිණෙන පුද්ගලයා සිසුන්ගේ අභිවුරුද්ධියට යයි පවසමින් අධ්‍යාපනය කඩා කප්පල් කර ගැනීම කොපමණ සධාරණ ද? ඔහු එසේ කරන්නේ නම් ඔහු ඔහුගේත්, තවත් සිසුවෙකුගේත් අධ්‍යාපනය කඩද කප්පල් කළා නොවේද? තවද, ඔහු හට ඇත්ත වශයෙන්ම අනාගත සිසු පරපුර ගැන කැක්කුමක් ඇත්නම් කල යුත්තේ , තම අධ්‍යාපනය මැනවින් නිම කර , රටේ උසස් තැනකට , වගකිව යුතු තැනකට හා වෙනසක් කල හැකි තැනකට ගොස, අනාගත සිසුන් වෙනුවෙන් වැඩක් කිරීම නොවේද? ඔවුන් කරනා උද්ගෝෂණ හා චතුර සේනාරත්න විසින් පහ වසරේදී කළා යැයි පැවසෙන උද්ගෝෂණ පෙළපාලිය අතර වෙනසක් තිබේද? වටිනා කමක් තිබේද?

    ඔවුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කර ගනිමින් මහජන මුදල් නාස්ති කිරීමට අමතරව පාරවල් අවහිර කිරීම පොදු දේපල විනාශ කිරීම තුලින් නාස්ති කරන ධනය හා මිනිස් කාලය ශ්‍රමය කොතරම් ද?

    අනුන්ගෙන් යැපෙමින්, (තමාගේ වියදම් වත් තමන්ට තනිව පියව ගත නොහැකිව) වෙනසක් කරන්න උත්සහ කිරීම මෝඩ කමක් ලෙස නොහැගේ ද? සිසුව මේ තැනට ඇද දමන්නේ කවුරුද?

    මේ ආකාරය වක්‍රානුකුල්ව මහජන මුදල් නාස්ති කරන පක්ෂයක් පිරිසිදු යැයි පිලි ගැනීමට හැකියාවක් මට නැත. සමහර විට ඔබටත් එය වැටහෙනවා ඇත.
    මා ද රජයේ විශ්ව විද්‍යාලයක උපාධිධාරයෙක්මි, වාසනාවකට මෙන අප ෆැකල්ටිය (මොරටුව ඉංජිනේරු) තුල ජ.වී.පෙ / අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය ක්‍රියාත්මක නොවේ. එබැවින් මා උද්ගෝෂණ / වර්ජන කර නැත. මා විසින්, මා වෙනුවෙන් වය කල මහජන මුදල් මැනවින් භාවිතා කර අධ්‍යාපනය හදාරා අද රටේ උසස් තැනක සිටිමි. අද මා ගෙවන බදු මුදලින් තවත් ශිෂ්‍යයින් නිදහස් අධ්‍යාපනය ලබයි. මා නොමිලේ සිසුන්ට උගන්වයි. මේ සියල්ල මා කරන්නේ ජ. වී. පෙ. මගේ ජිවිතයේ කොටසක් නොවූ බැවිනි.

    2020 එන්නේ කවුරුන්ද යන්න මට ගැටළුවක් නැත, මක් නිසාද යත් 2020 කවුරු ආවත්, දැන් තියන තත්වයට වඩා වෙනසක් වන්නේ නැති බැවිනි.
    එය ජ.වී.පෙ වුවද වෙනසක් බල පොරෝත්තුවෙනම, අනුර මහතා වරක් ප්‍රකාශ කල ආකාරයට එලෙස බල පොරොත්තු වන්නාගේ පුරව ළමා විය සංවර්ධනය කිරීමට නැවත පෙර පාසල් යැවිය යුතුය.

    මා පැවසු දෙය තම තමන්ගේ නැණ පමණින් වටහා ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
    ස්තුතියි