පොන්සේකා පව් නේ.....
ජනරාල් මහ ඡන්දයට එනවාට එජාපයෙන් විරෝධය
2010 පෙබරවාරි 02 වෙනි අඟහරුවාදා, 10:57 lanka C news .
ජනරාල් සරත් ෆොන්සේකා මහතා මහ මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. ඔවුන් අතර එජාප නියෝජ්‍ය මහලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, ජෝසප් මයිකල් පෙරේරා, රේණුකා හේරත් යන මහත්ම මහත්මීන් සිටින බව දැන ගන්නට තිබේ. පසුගිය දා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡවක දී මෙම පිරිස සිය විරෝධය පළ කර ඇති අතර ඔවුන් එහිදී මතු කර ඇති ප්‍රධාන තර්කය වී ඇත්තේ ජනරාල්වරයා සමග ජනාධිපතිවරණ සටන ආරම්භ කළ දිනයේ පටන් එය ක්‍රම ක්‍රමයෙන් කඩා වැටුණු බවයි.
ෆොන්සේකා මහතාට මේ වන විට පවතින ජනප්රසාදය ඉතා අඩු මට්ටමක පවතින බව ද පෙන්වා දී ඇති මෙම එජාප ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කර ඇත්තේ පිටස්තර පුද්ගලයන්ගේ ආධාරයෙන් නොව සැබෑ එජාප නායකයන්ගේ මාර්ගයෙන් පක්ෂය ඉදිරියට ගෙන යා යුතු බවය. මේ සම්බන්ධයෙන් ඉදිරි කෘත්‍යාධිකාරී රැස්වීම් වල දී ගැඹුරින් සාකච්ඡුා කොට තීරණයකට එළඹිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.