පොන්සේකා පව් නේ.....

Dr3

Member
Jan 23, 2010
196
13
0
White House
පොන්සේකා පව් නේ.....

ජනරාල් මහ ඡන්දයට එනවාට එජාපයෙන් විරෝධය

2010 පෙබරවාරි 02 වෙනි අඟහරුවාදා, 10:57 lanka C news .



ජනරාල් සරත් ෆොන්සේකා මහතා මහ මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. ඔවුන් අතර එජාප නියෝජ්‍ය මහලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, ජෝසප් මයිකල් පෙරේරා, රේණුකා හේරත් යන මහත්ම මහත්මීන් සිටින බව දැන ගන්නට තිබේ. පසුගිය දා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡවක දී මෙම පිරිස සිය විරෝධය පළ කර ඇති අතර ඔවුන් එහිදී මතු කර ඇති ප‍්‍රධාන තර්කය වී ඇත්තේ ජනරාල්වරයා සමග ජනාධිපතිවරණ සටන ආරම්භ කළ දිනයේ පටන් එය ක‍්‍රම ක‍්‍රමයෙන් කඩා වැටුණු බවයි.
ෆොන්සේකා මහතාට මේ වන විට පවතින ජනප‍්‍රසාදය ඉතා අඩු මට්ටමක පවතින බව ද පෙන්වා දී ඇති මෙම එජාප ජ්‍යෙෂ්ඨයන් ප‍්‍රකාශ කර ඇත්තේ පිටස්තර පුද්ගලයන්ගේ ආධාරයෙන් නොව සැබෑ එජාප නායකයන්ගේ මාර්ගයෙන් පක්‍ෂය ඉදිරියට ගෙන යා යුතු බවය. මේ සම්බන්ධයෙන් ඉදිරි කෘත්‍යාධිකාරී රැස්වීම් වල දී ගැඹුරින් සාකච්ඡුා කොට තීරණයකට එළඹිය යුතු බව රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
 

Dr3

Member
Jan 23, 2010
196
13
0
White House
බෑණා රටින් පැනිමේ මං සොයයි

2010 පෙබරවාරි 01 වෙනි සදුදා, 12:35 lanka C news .



danuna.gif
ශ‍්‍රී ලංකා හමුදාවට අවි ආයුධ සැපයීමේ දී වංචා දුෂණ කර ඇති බවට චෝදනා එල්ලවී සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා සහ ‘හයිකෝප් ඉන්ටර්නැෂනල්’ සමාගමේ හිමිකරු වන දනුන තිලකරත්න නමැත්තා ශ‍්‍රී ලංකාවෙන් පලා යාමට උත්සාහ කරමින් සිටින බවත් ඔහුට ඒ සඳහා දැනට සේවයේ යෙදී සිටින මේජර් ජනරාල් මහේෂ් සේනානායක උපකාර කරමින් සිටින බවත් වාර්කා වේ. මහේෂ් සේනානායක නීතීඥවරුන් හමු වී දනුනට ශ‍්‍රී ලංකාවෙන් නීත්‍යනුකූලව පිටව යා හැකි ආකාරයන් පිළිබඳව උපදෙස් ලබා ගෙන තිබේ.
අවි ගනුදෙනු සම්බන්ධයෙන් දැනට ක‍්‍රියාත්මක වන පරීක්‍ෂණ වලින් සහ අධිකරණ ක‍්‍රියාමාර්ග වලින් බේරීම දනුන තිලකරත්න මෙසේ ශ‍්‍රී ලංකාවෙන් පලා යාමට උත්සාහ කිරීමට හේතුවයි. විශේෂයෙන් අවි ගනුදෙනු පිළිබඳ පරීක්‍ෂණ රජය විසින් අල්ලස් කොමිසමට භාර දුනහොත් දනුන තිලකරත්න අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති බවත් එවිට ඔහුට ඇප ලබා ගැනීමට පවා නොහැකි වනු ඇති බවත් නීතීඥවරු පෙන්වා දෙති.
මේ අතර දනුන තිලකරත්නට ඇමෙරිකාවේ ඔක්ලොහාමා ප‍්‍රාන්තයට යාමට ද නොහැකි තත්වයක් මේ වන විට මතුව ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකාව ද විශේෂ මෙහෙයුමක් මේ වන විට අරඹා ඇති බැවිනි.
 

Dr3

Member
Jan 23, 2010
196
13
0
White House
ෆොන්සේකාගේ කොළඹ 07 කාර්යාලය වැසේ...

2010 පෙබරවාරි 01 වෙනි සදුදා, 11:12 lanka C news .


foni-03.gif
කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අයත් කාර්යාලය කිසිදු හේතුවකින් තොරව පසුගිය සෙනසුරාදා සිට වසා දමා ඇතැයි වාර්තා වේ. හමුදාවෙන් පැන ගිය සහ හමුදාවෙන් විශ‍්‍රාම ගත් පුද්ගලයන් සොයා පසුගිය සෙනසුරාදා පොලීසිය මෙම කාර්යාලය වටලා තිබෙන අතර පොලීසිය පැමිණෙන බව ෆොන්සේකා මහතාට යම් ආකාරයකින් සැල වීමෙන් පසු එහි සිටි සියලූ දෙනා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
කෙසේ වෙතත් ඉතා වැදගත් ලිපි ලේඛන කිහිපයක් සහ සංයුක්ත තැටි කිහිපයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙන අතර ඒ ඔස්සේ මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මේ අතර 40 කට වැඩි විශ‍්‍රාමික සහ සේවයෙන් පලා ගිය හමුදා නිලධාරීන් පිරිසක් පොලීසිය විසින් මේ වන විට රඳවා තබා ගෙන ඇති බවත් ඔවුන් අතර මේජර් මල්ලිකාරච්චි, මේජර් කොඩිප්පිලි, මේජර් උපාලි ජයනෙත්ති, කැප්ටන් කුඩලගම, කැප්ටන් දිසානායක සහ දෙවන ලූතිනන් සමරකෝන් යන අය වෙති. මොවුන් විනය ප‍්‍රශ්න මත හමුදාවෙන් නෙරපා ඇති අය බව හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ෆොන්සේකා මහතා ඔහු යටතේ තබා ගෙන ඇති හමුදාවෙන් පලා ගිය සෙබළෙකු සඳහා රුපියල් 50000 ක සහ නිලධාරියෙකු සඳහා රුපියල් 100000 ක මාසික දීමනාවක් ගෙවා ඇති බව වාර්තා වෙයි.
 

Dr3

Member
Jan 23, 2010
196
13
0
White House
ලංකාවේ ඉන්න බෑ...අපි රට යමු...

2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 13:09 lanka C news .


- අනෝමා ෆොන්සේකා ජනරාල්ට කියයි
මැතිවරණ පරාජයත් සමග තවදුරටත් ලංකාවේ සිටීමට නොහැකි බවත් එම නිසා දිවයිනෙන් පිටත්ව යා යුතු බවත් අනෝමා ෆොන්සේකා මහත්මිය ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. මැතිවරණය පරාජය වීමත් සමගම තම ස්වාමියාටත් තමාටත් රටේ තිබූ පිළිගැනීම ගෞරවය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ඇය ෆොන්සේකා මහතාට පෙන්වා දී තිබේ. ඊයේ (27) සිනමන් ලේක් සයිඞ් හෝටලයේ සිටියදී ඇය මේ බව ජෙනරාල්වරයාට ප‍්‍රකාශ කරමින් හඩා වැටී ඇති අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙස තමා කොතරම් කීවද එය ගණනකට නොගැනීම පිළිබඳ අනෝමා ෆොන්සේකා මහත්මිය සිය සැමියාට දෝෂාරෝපණය කර ඇති බව හෝටලයේ සිටි සේවකයන් මාර්ගයෙන් දැනගන්නට ලැබී ඇත. මේ අතර සරත් ෆොන්සේකා මහතා ද මේ අවස්ථාවේ දැඩි ලෙස කෝපයට පත්ව අනෝමා ෆොන්සේකා මහත්මියට බැණ වැදී ඇති බව ද වාර්තා වෙයි.


anoma-Fonseka.jpg