පොන්+ටින් නායකත්වය අතහරියි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් නායකත්වයෙන් ඉවත් වීමට රිකී පොන්ටින් තීරණය කර තිබේ.
තමා ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බව රිකී පොන්ටින් අද(29) පෙරවරුවේ ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව හමුවේ සිය කණ්ඩායම ලැබූ පරාජයත් සමඟ මෙසේ කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට රිකී පොන්ටින් තීරණය කර ඇත.
නායකත්වයෙන් ඉවත් වුවද පිතිකරුවෙකු ලෙස කණ්ඩායමේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පොන්ටින් පවසයි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මීළඟ නායකයත්වය පත් කිරීමට හොඳම අවස්ථාව මෙය බව රීකී පොන්ටින් සඳහන් කර ඇත.
රිකී පොන්ටින් මේ වන විට ටෙස්ට් තරග 77 ට නායකත්වය ලබා දී ඇති අතර ඉන් ටෙස්ට් තරග 48ක් ජයග්‍රහණය කර තිබේ.
එක්දින ජාත්‍යන්තර තරග 228 ට නායකත්වය ලබා දී ඇති ඔහු ඉන් තරග 164ක ජය හිමි කර ගැනීමට සමත් විය.

Last edited: