පොපි මල්...
"In Flanders Fields" නම් වු පද පේළිය ද උපුටා ගෙන මේ පුංචි සටහන තැබීමට සිතුවේ අප වෙනුවෙන් සටන් කර මවු බිම වෙනුවෙන් වියැකී ගිය සෑම රණවිරැවෙක් ම සිහි කිරීමටයි...
පොපි මල් භාවිත වන්නේ ඇයි?
පොපි මල් භාවිතයට ගැනීමට එක් හේතුවක් වූවේ ලුතිනන් කර්නල් ජෝන් මැක්‍රේගේ "In Flanders Fields" නම් වූ පහත පද පේළියයි. පද පේළිය විවෘත කරමින් කියැවෙන්නේ බෙල්ජියමේ ෆ්ලන්ඩර්ස්නම් ප්‍රදේශයේ, පළවෙනි ලෝක යුද්ධය නිසා විනාශ වී ගිය පොළවේ පළමුවෙන්ම පිපෙනවා දුටු පොපි මල් ගැනයි. පොපි මල් ඊට පෙරද නින්ද, සාමය හා මරණය වැනි දේවලට සළකුනක් ලෙස භාවිත විය. හේතුවනම් එයින් ලබාගන්නා opium නම් වේදනානාශකය රැධිරයේ පැහැය ගැනීමයි. පොපි මල් සොහොන් කොත්වල “සදාකාලික සැතපීමේ” සළකුණක් ලෙසද භාවිතා කරයි.

In Flanders fields
පොපි මල් පිපුන ෆ්ලාන්ඩර්ස්හි,
අපගේ තැන් සටහන් කෙරෑ කුරුස පේළි පේළි ද
අහසෙහි ද, අපි සිටින්නෙමු;
ඉහළින් නිබයව පියඹා ගයන කුරැල්ලන්ගේ හඬ,
වෙඩි හඬ මැදින් වූවද තවමත් ඇසෙයි..
අපි දැන් මළවුන්ය. දින කිහිපයකට පෙර අපි ජීවත්වුනෙමු;
අරුණෝදය වින්දෙමු, දීප්තිමත්ව හිරු බැස යද්දී අපි බලා සිටියෙමු,
ආදරය කරෙමු, ආදරය ලැබුවෙමු.
දැන් අපි ෆ්ලාන්ඩර්ස්හි භූමියේ සැතපී ඉන්නෙමු.
සතුරා සමඟ සටන් කර ආ මඟ ඔබට භාරයි දැන්;
ගිලිහෙන අපගේ අත් වලින් ගිනි සිළුව,
අතට ගෙන ඉහළටම ඔසවන්න ඔබ එය;
මියැදුන අපගේ ඒ විශ්වාසය ඔබ බිඳ දැමුවහොත්,
සැතපෙන්නට අපට නොහැකිය,
එසේ වුවත් ෆ්ලාන්ඩර්ස්හි පොපි මල්නම් තවමත් පිපේවි...
In Flanders fields the poppies blow
Between the crosses, row on row,
That mark our place; and in the sky
The larks, still bravely singing, fly
Scarce heard amid the guns below.
We are the Dead. Short days ago
We lived, felt dawn, saw sunset glow,
Loved and were loved, and now we lie
In Flanders fields.
Take up our quarrel with the foe:
To you from failing hands we throw
The torch; be yours to hold it high.
If ye break faith with us who die
We shall not sleep, though poppies grow
In Flanders fields.
පද පේළිය බෙලජියමේ ලියැවුන ද පොපි මල් අපි ද භාවිතා කිරීමට හේතුව ඔබ දැන් දන්නවා ඇති...