පොරොන්දම් ගැලපීම

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පොරොන්දම් ගැලපීම

    rings10.jpg


    පොරොන්දමක් යනු පුද්ගලයන් දෙදෙනෙකු ගේ හඳහනේ ඇති ග්‍රහ පිහීටීම් අනුව ඒ දෙදෙනාගේ ගැලපීම එකේ සිට තුන දක්වා (හෝ එකේ සිට පහ දක්වා) පරිමාණයකට සංඛ්‍යාත්මකව ගනනය කිරීමයි. අවසානයේදී බලනු ලබන පොරොන්දම් වල ගැලපීම එකතු කර පොරොන්දම් ගනනෙන් බෙදා සාමාන්‍යය ගනු ලැබේ. මෙය බොහෝ විට ප්‍රතිශතයක් ලෙසද දක්වයි. සාමන්‍යයෙන් 50% ට වැඩි ගැලපීමක් පොරොන්දම් ගැලපීමක් ලෙස සලකයි.

    පොරොන්දම් ගැලපීමේදී බොහෝවිට බලන්නේ චන්ද්‍රයාගේ පිහිටීමයි. ගැලපීම පරීක්ෂා කරන හඳහන් දෙකෙන් පුරුශයාගේ ජන්ම කේන්ද්‍රයෙහි චන්ද්‍රයා පිහිටන නැකත සහ ඊට සාපේක්ශව ස්ත්‍රියගේ ජන්ම කේන්දයෙහි චන්ද්‍රයා පිහිටන නැකත දක්වා ඇති නැකත් ගනන අනුව බොහෝමයක් පොරොන්දම් පදනම් වී ඇත


    පොරොන්දම් විස්ස



    1. නක්ශත්‍ර පොරොන්දම
    2. ගන පොරොන්දම
    3. මහේන්ද්‍ර පොරොන්දම
    4. ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
    5. යෝනි පොරොන්දම
    6. රාශි පොරොන්දම
    7. රාශ්‍යාධිපති පොරොන්දම
    8. වශ්‍ය පොරොන්දම
    9. රජ්ජු පොරොන්දම
    10. වේධ පොරොන්දම
    11. වෘක්ශ පොරොන්දම
    12. ආයුශ පොරොන්දම
    13. පක්ශි පොරොන්දම
    14. භූත පොරොන්දම
    15. ගෝත්‍ර පොරොන්දම
    16. වර්ණ පොරොන්දම
    17. ලිංග පොරොන්දම
    18. නාඩි පොරොන්දම
    19. දින පොරොන්දම
    20. ග්‍රහ පොරොන්දම


     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    porondam galapuna paliyata bandinna yanna epaa... balapan bahuma dosha, graha dosha ehema thiyenawada kiyala. dosha thiyenawa nam porondam 100% galapunath wedak naha..
     
    • Like
    Reactions: navodwickra