පොරොන්දම

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඡ්‍යොතිෂය පිළිබඳව විශ්වාසය තබා ඇති අයත්, එය විශ්වාස නොකරන අයත් විවාහ පිළිබඳව තීරණ ගැනීමේදී පොරොන්දම පරීක්‍ෂා කර බැලීම සිදු කරති. සමහර පෙම්වතුන් අවුරුදු ගණනාවක් ළඟින් ඇසුරු කර, විවාහ වීමට අසන්න වන විට පොරොන්දම් බලති. එව නුවණට හුරු ක්‍රියාවක් නොවේ.දෙදෙනාගේ පොරොන්දම නොගැළපුන හොත් ඔවුන් මුහුණ දෙන්නේ උභතෝටික ප්‍රශ්නයකට.
    එවැනි අවස්ථාවලදී පොරොන්දම ගැලපීම පිළිබඳව තීරණය දෙන ඡ්‍යොතිෂවේදියාද මහත් අපහසුතාවයකට පත් වේ. එවැනි අය ඇසුර ආරම්භ කළ මුල් අවධියේදීම දෙදෙනාගේ ජන්ම පත්‍ර අනුව පොරොන්දම පරික්‍ෂාකර බැලීම වඩා සුදුසුය. පොරොන්දම බැලීමට පැමිණෙන බොහෝ වැඩිහිටියන්ද, තරුණ තරුණියන්ද ඡ්‍යොතිෂය ගැන දැනීමක් ඇති අය නොවේ.

    පොරොන්දම්වලට යොදා ඇති නම් වලින් ඔවුහු මුලාවට පත්වෙති. විසි පොරොන්දම්වලින් 12 වැනි පොරොන්දම ‘ආයුෂ’ පොරොන්දම් වශයෙන් හඳුන්වා දී ඇත. ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත දක්වා අභිජිත් නැකත ද සමග ගණන්කර , එම ගණන් 27 න් වැඩිකර 28 න් බෙදූ විට ශේෂයක් ලැබේ. මෙසේම පුරුෂයා උපන් නැකතේ සිට ස්ත්‍රිය උපන් නැකත දක්වා ගණන් කර, එය 27 න් වැඩි කර 28 න් බෙදූ විටද ශේෂයක් ලැබේ. ස්ත්‍රියකගේ ශේෂය අඩු වී, පුරුෂයාගේ ශේෂය වැඩිනම් ශුභයයි කියැවේ.එවිට පුරුෂයා වැඩිකල් ජීවත්වන බවට මතයකි. මෙය අශාස්ත්‍රිය ක්‍රමයකි. දෙදෙනාගේ ආයුෂ මේ අයුරින් පරික්‍ෂා කළ නොහැක.

    ආයුෂ පොරොන්දමට කිසිම වැදගත් නැති බව ඡ්‍යොතිර්වේදීහු සියලු දෙනාම දනිති. එහෙත් සාමාන්‍ය ජනයා මෙය නොදනිති ආයුෂ පොරොන්දම නොගැලපෙන අවස්ථාවේදී විවාහ වීමට ඔවුහු බිය වෙති.

    යෝනී පොරොන්දම සැකසී ඇත්තේ විවාහවන දෙදෙනා තුළ පවතින මිත්‍රත්වය තීරණය කිරිම සදහාය. සතුරු යෝනිවලට අයත් නම් පමණක් දෙදෙනා තුළ මිත්‍රත්වය ගොඩ නොනැගේ. අශ්ව,-මීගව, අත් -සිංහ, එළු - වඳුරු, සර්ප- මුගටි, සුනඛ - මුව , බළල් - මූෂික, ගව - ව්‍යාඝ්‍ර යන යෝනි සතුරු හෙවත් මහා වෛර යෝනි හැටියට හඳුන්වා දී ඇත.

    එහෙත් බොහෝ දෙනා සිතා සිටින්නේ කෙනෙකුගේ ලිංගික ශක්තිය සහ ලිංගික ප්‍රමාණාත්මක බව මෙයින් තීරණය කළ හැකි බවයි. මා නැකතේ උපන් මූෂික යෝනිය හිමි තරුණයකුට,බෙරණ නැකතේ උපන් ඇත් යෝනිය හිමි තම දියණිය නොගැලපෙන බව දෙමව්පියෝ සිතති.

    පොරොන්දම් හා ග්‍රහ පිහිටීම් හොඳින් ගැලපුනත් එක් තරුණියක් විවාහ යෝජනාව ගෙනා තරුණයාට කැමැති වූයේ නැත. ඒ ගැන විමසීමේ දී ඇය ප්‍රකාශ කර සිටියේ තරුණයා සුනඛ යෝනියට අයත් බවය. සුනඛ යෝනිය කී විට ඇයගේ මනසට දර්ශනය වන්නට ඇත්තේ ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමට කිසිම සංවරයක් නොමැතිව පාරේ යන බල්ලන් සමූහයක් විය හැකිය. මෙයද පොරොන්දමට මුලා වීමකි.

    මුවසිරස, මුල, සියාවස නැකත් හිමියෝ නපුංසක ලිංග වෙති. එහෙත් ඔවුහු නපුංසකයෝ නොවෙති. සාමාන්‍ය මහජනයා මුළාවන තවත් පොරොන්දමකි මෙය. නපුංසක ලිංග ඇති කෙනෙකු සමග විවාහ වීමෙන් ලිංගික සැපතක් ලැබිය නොහැකි බව සමහරු සිතති. නැකත නපුංසක නැකතක් වුවද එය හිමි තැනැත්තා හෝ තැනැත්තිය නපුංසක නොවේ.

    තම දියණියගේ විවාහය සඳහා පොරොන්දම බැලීමට මා වෙත පැමිණෙනක පියෙකු ප්‍රකාශ කර සිටියේ, මනාලයා නපුංසක ලිංග නම්, එවැනි හඳහන් කොතරම් හොඳින් ගැලපුනත් තම දියණියට සුදුසු නොවන බවයි. මා ඔහුට කරුණු පැහැදිලි කර දුනිමි.

    එය වටහාගත් පියා ප්‍රකාශ කර සිටියේ තම බිරිද සහ දියණියට එය වටහා ගැනීමට ශක්තියක් නොමැති බවයි. මෙයද මුලා වීමකි.

    විවාහ වන යුවලකගේ දරුඵල ප්‍රකාශ කළ හැක්කේ වෘක්ෂ පොරොන්දම තුළින් පමණක් බව බොහෝ දෙනාගේ අදහසයි. සමහර ඡ්‍යොතිර්වේදීන්ද මෙම මතයේ එල්බ ගෙන සිටිති. දරුඵල ගැන නිවැරදි ප්‍රකාශයක් කිරීමට නම් හඳහනක පස්වැන්න, පස්වැන්න අධිපතියා සිටින ස්ථානය, ගුරුගේ බල, දුබලතාවය ආදි කරුණු පරීක්‍ෂා කළ යුතුවේ.ස්ත්‍රි කිරි වෘක්ෂයක්ද, පුරුෂයා හර වෘක්ෂයක්ද ස්ත්‍රී පුරුෂ දෙදෙනාම කිරි වෘක්ෂ වූ විටද දරුඵල හිමි බව සැලකීම එතරම් නිවැරදි නොවේ. මෙම මතයේ එල්බ ගෙන කි‍්‍රයා කිරීමද මුලාවකි.

    ස්ත්‍රි දීර්ඝ පොරොන්දමද තරුණ තරුණියන් බියට පත් කරවන පොරොන්දමකි. පොත්පත් හා ලිත් කියවීමෙන් මද දැනුමක් ලබා ඇති අය මෙයින් මුලා වෙති. ස්ත්‍රිය සතුටු කළ හැකි, සතුටු කළ නොහැකි, උපක්‍රමයෙන් සතුටු කළ හැකි යනුවෙන් මෙම පොරොන්දම , කොටස් තුනකට වර්ග කෙරේ.

    පුරුෂයාට වඩා ස්ත්‍රියට දරා ගැනීමේ ශක්තිය ඇත.ඇයගේ ලිංගික තෘප්තිය ලැබෙන්නේ ක්‍රමයෙනි. පුරුෂයාට මෙන් ක්‍ෂණිකව ලබා ගත නොහැකිය. මේ ගැන අවබෝධයක් විවාහවීමට අපේක්‍ෂා කරන හැම පුරුෂයකුටම තිබිය යුතුය.

    හින්දු ඡ්‍යොතිෂ ක්‍රමය අනුව පැරණි අය ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කායික ගැලපීම මැන බැලූ ක්‍රමයක් විය. සස , මෘග, වෘෂභ, අශ්ව යනුවෙන් පුරුෂ පක්‍ෂය කොටස් හතරකටද, පද්මිණි, චිත්‍රනී, සංඛිණී, හස්තිනී යනුවෙන් ස්ත්‍රී පක්‍ෂය කොටස් හතරකටද බෙදනු ලැබූහ. ඔවුන්ගේ ගති ලක්‍ෂණ පහත සඳහන් පරිදි විය.

    පළපුරුදු ඡ්‍යොතීර්වේදින් එක්ව කරන ඡ්‍යොතිෂ සංගායනාවක් මගින් විසි පොරොන්දම නැවත සමාලෝචනය කර බැලීමේ කාලය උදාවී ඇත.

    ලිව්වේ- ඡ්‍යොතිර්වේදී හිඹුටානේ වි.මු. ධර්මදාස පෙරේරා
    තරුනී පුවත්පත- 2012/07/02
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    thankz machan........ rep iwarailu......
    r5N4w.png
     
    • Like
    Reactions: binoj

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    අනේ මන්දා... ඔය පොරොන්දම් බලපු විවාහ අසාර්ථක වෙල නැද්ද? විවාහ වෙද්දි පොරොන්දම් බැලීමම ප්‍රමානවත් ද?