පොර ටෝක්,ඉගෙනීම සහ මම

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පොර ටෝක්,ඉගෙනීම සහ මම

පොර ටෝක්,ඉගෙනීම සහ මම

බර වදන් යොදාපු
පොර ටෝක් ගොතාපු
ඇදහුමක් පුරාලපු
ඉගෙනුමද යහපත්?

බැහැ මටත් ඉවසන්න
සොඳුරු බව මට දෙන්න
ජීවිතේ කොතරම්
පියකරුද පවසන්න

මල් වඩම් මවාපු
අකමැත්ත ඔතාපු
සතුට මට තහනම්ද
ජීවිතේ මෙතරම්

ලගන්නා කතරක
මටම වූ පැළයක
පහස ඇයි ලබනට
තහංචි වැටකොටු බැඳ

නුඹ ඔහොම ඔතැනම
තව ටිකක් හිඳිනු මැන
මගක් මම තනාගෙන
එමි හෙටම උදයෙන්ම

- මාලන් විදානපතිරණ
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
බොක්කට වැදුන බන් ..!! ඔය මම ජිවිතේ අම්බානක හිර උන තැනක්

බොහොම ස්තුතියි.ඒත් ඒක මොන විදිහට ඔයාට දැනුණු දෙයක්ද කියලයි ප්‍රශ්නේ.ආදරය සම්බන්ධවද ?