මමත් පෞද්ගලිකව මේකට කැමති නෑ. ඒත් මගෙ අදහස මචං අපි බෞද්ධයො හුගක් හොයන්නෙ බෞද්ධාගමේ හරයට වඩා නොවැදගත් දේවල්. උදාහරණයකට තිර පැකට් එක කටින් කඩන්න හොද නැද්ද කියල අහන තරමට උපාසක අම්මල අන්ධ වෙලා. අබ තෙල් පූජා පස්සෙ ගිහින් ඉසුරු පතන බෞද්ධයො අද හුගක් ඉන්නෙ. ඒත් බුද්ධාගම කියන්නෙ වස්තූන් / දේවල් එක් රැස් කරන දෙයක් නෙවේ, අත් හරිනදෙයක්. පිනිමුවන් ඇත්ත උන් මරල ගහල නම් අනිවා ඒක වැරදියි. හැබැයි පිලිම ගැන මිනිස්සුන්ට නුරුස්සන්නෙ ලංකාවේ පිලිම කලාව අවුරුදු දහස් ගානක ඉදන් තිබුන කලාවෙන් වෙනස් නිසා. බැරි වෙලාවත් ලංකාවෙ පිලිම කලාවත් තායි, චීන අභාශය ලැබුවනම් මේවා එච්චර ලොකු දේවල් විදිහට කතා කෙරෙන්නෙ නෑ.
ප. ලි.
මම මහමෙව්නාව පැත්ත පලාතේ ගිහින් නැත. ගමේ පන්සලටත් අවුරුද්දකට උපරිම 2, 3 වතාවක් ගිහින් ඇත. හැබැයි මාසෙ අන්තිමට බජට් එක හදනකොට වියදම අතින් 3, 4 ස්ථානයේ තියෙන්නෙ Donations ය ( පන්සලේ ආවාසගේ හදන්න, ගංවතුර අධාර වගේ දේවල්). හැබැයි හුගක් වෙලාවට මේ කරන වැඩ කවුරුවත් නොදනී / කාටවත් නොකියමි. කාලයක් හැම සිකුරාදාම ඔෆිස් එක ලග හිගාකන පවුලකට කෑම එක ගානෙ දුන්නෙමි, නමුත් උන් කරන්නෙ බොරුවක් බව දැනගෙන ලගදි ඒක නැවැත්තුවෙමි. පන්සිල් පද පහ දනිමි, නමුත් පිලිවල ගැන එතරම් විස්වාසයක් නැත. උඩින් කිව්වේ මගේ මතයයි. නමුත් මම මහ මෙව්නා සරණ ගොස් නැත, "නථ්ථිමේ සරණං අඥ්ඥ්ං බුද්ධෝමේ, ධම්මෝ මේ, සංඝෝමේ සරණං වරං" විස්වාස කරමි.