දන්න විදියට සුජාතාවගේ කිරිපිඩු දානය සිහිගැන්වීමට.

ඒත් පොල්?
නෑ. එහෙනං බුද්ධ පුජාවේ බතට බෝංචි පිළිගන්වන්නේ මොනවා සිහි වෙන්නද?
එහෙම නෙවේ.
අපි බුද්ධ පුජාවට තියන්නේ දානයක්.
විනය පිටකයට අනුව භික්ෂුන්ගේ විනයට අදාලව කැප ඕනෑම දෙයක් බුද්ධ පුජාවට තියන්න පුළුවන්.
අපි බුද්ධ පුජාව කරන්නේ ජීවමාන බුදු රජාණන් වහන්සේට දානයක් පිළිගන්වනවා කියන චේතනාව හිතේ තියාගෙන.
බෞද්ධයෝ තමන්ගේ වගාවේ පලදාව ලැබුනම හොඳම පලයෙන් මුල්ම කොටස බුදු රජාණන් වහන්සේට පිලිගන්නවා.
ඊළඟට සාංඝික දානයක් දෙනවා.
ඊළඟටයි තමන්ගේ පරිබෝජනයට, ව්යාපාරික වැඩ වලට යොමු වෙන්නේ.
ඒ ඒ මිනිස්සු එක එක විදි වලට ඕවා කරනවා.
කුස තණ පුජා කල අවස්ථා සඳහන් වෙනවා.
කෙනෙක් රෙදි වලින් හදපු අඹ පුජා කරලා මරණින් මතු සුගතියේ ගිය අවස්ථාවක් විමාන වත්තු වල සඳහන් වෙනවා.
ඒ නිසා විනයට පටහැනි නොවන ඕන දෙයක් පුජා කරීමේ වරදක් නෑ!
අරමුණ, චේතනාව "බුදු රජාණන් වහන්සේට පුජා කරමි" කියන එකයි වෙන්න ඕන.
නැතුව අපල කියලා අරක කියලා මේක කියලා වෙන වෙන විකාර වලට ඒවා හරියන්නේ නෑ.
ආන්න ඕක තමයි අපේ බූරුවෝ තේරුම් නොගන්නේ.පූජා කරන්න සුදුසු දෙයක් වෙන්න ඕනි.
ඔවු අනිවාර්යෙන් ම. විනය පිටකයේ තියන දේට පටහැනි නොවන දෙයක් වෙන්න ඕන.
