පොල්තෙල්_දෙයියෝ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පොල්තෙල්_දෙයියෝ

සිංහාවලෝකනය 😂😂😂




66316375_2207888475976011_7379746098002264064_n.jpg






ශ්‍රී ලංකේශ්වර නොහොත් පොල්තෙල් දෙයියෝ ගැන කෙටියෙන්........






දැනට අවුරුදු කීපයකට පෙර වත්තේගම පිටියෙගෙදර පන්සල අසල නිවසක දේවාලයක් අටවගෙන හෙලවෙදකම නමින් අසරණ මිනිසුන්ගෙන් වංචා කිරීමට පටන්ගත් අනෝජ් ද සිල්වා නම් මේ හොර තක්කඩියා දැන් මහකන්ද ප්‍රදේශයේ ගුබ්බෑයමක් අටවාගනිමින් අදද වංචා කරමින් සිටි. දැන් ශ්‍රී ලංකේශ්වර යන නාමයෙන් පෙනී සිටිමින් අලුත්ම නාටකයක් රගදක්වන මේ මහා හෙළයා පළමුව විකුණගෙන කෑවේ අසරණ මිනිසුන්ගේ බඩගින්න බව ඔබ දන්නවාද ?



වත්තේගම පිටියෙගෙදරදී පාන්දර 4 පමණ සිට පෝලිමේ සිටින මිනිසුන් පාන්දර 6ට පමණ තම මිදුලට කැදවන මොහු දේශනාවකින් අනතුරුව ජලය වර්ගයක් පානය කිරීමට දෙන අතර වත්ත හතර මායිමෙන් පිටවීම තහනම් කරයි. රාත්‍රී දක්වා යන්ත්‍ර දැමීම, බෙහෙත් කිරීම ආදී වංචා කිරීම් සිදුවන බැවින් මිනිසුන්ට බඩගින්න නිවාගැනීමට මොහුගේ නිවැසියන් විසින්ම ආපනශාලාවක් පවත්වාගෙන ගිය අතර, එහි ආහාර අලෙවි වුයේ රත්තරං වලට වඩා මදක් අඩු මුදලකටය.


දැන් ඔබේ මහා ගැලවුම් කාරයා ලෙස පෙනිසිටිනා ශ්‍රී ලංකේශ්වර එදා මිනිසුන්ගේ බඩගින්න විකුණගෙන කෑවෙ එහෙමය. එලෙස බඩගින්න විකුණගෙන කෑ මොහු, උදෑසන දේශනාවේදී තමා වසර දෙකකින් මියයන බවත් තම මෘතදේහය වටා ලංකාවේ සියලුම නැකත් කරුවෝ සහ හොර වෙදුන් සියල්ල පැමිණ හඩා වැලපෙන බවත් ප්‍රකාශ කර දැනට වසර 10ක් පමණ ඉක්මවී ඇතත්, එම වසර දෙක ඔට්ටපාළු දැයි ඔබේ ගැලවුම්කාරයා වන ශ්‍රී ලංකේශ්වරයාගෙන් ඔබ ප්‍රශ්න කල යුතුය.


( මේ පිළිබද neth fm බැලුම්ගල වැඩසටහනෙන් අනාවරණයක් කල අතර ඔබට youtube ඔස්සේ එම වැඩසටහන සොයා නැරබිය හැකිය ) පුජාවලට යැයි කියමින් පොල්තෙල් කිලෝ ගණනින් අසරණ මිනිසුන්ගෙන් එකතුකළ මොහු දැන් සාර්ථක පොල්තෙල් මෝලක හිමිකරුවෙකි. මෙය මොහු විසින්ම මෑතකදී සහභාගී වූ HARI TV නාලිකාවේ සම්මුඛ සාකච්චාවකදී ප්‍රකාශ කලේය.
ඔබට මේ ගැන තවත් තහවුරු කරගැනීමට අවශ්‍ය නම් වත්තේගම පිටියෙගෙදර ඕනෑම අයකුගෙන් අසා දැනගත හැක. එවිට ශ්‍රී ලංකෙශ්වරයාගේ පියාණන් උදේ පාන්දර කටගොන්නක් බීගෙන මිනිසුන්ට ආමන්ත්‍රණය කල හැටිද ඔබට දැනගත හැක.


අනොජ් ද සිල්වා නොහොත් පොල්තෙල් දෙවියන් හට ගමේ පන්සලෙන් සහ ගම්මුන්ගෙන් එල්ලවන විරෝදයද, ඒ අසලම කලක් බස් කොන්දොස්තර වරයකු ලෙස කටයුතු කල "ගාලු" නම් පුද්ගලයෙකු තවත් දේවාලයක් අටවාගනිමෙන් මොහු ලගට පැමිණි මිනිසුන් ප්‍රමාණයක් අහිමිවිම නිසාද, මහනුවර, මහකන්ද ප්‍රදේශයට තම දේවාලය රැගෙන යන මොහු එහි සිට මේ ලිපිය ලියන මොහොත වනතුරුද අසරණ මිනිසුන්ගේ ජිවිත සමග සෙල්ලම් කරමින් සිටි.


මහකන්දට පැමිණීමත් සමග ශ්‍රී ලංකේශ්වර ලෙස තම නම වෙනස් කරගත් මොහු, පිළිකා ආදී රෝග සුව කරනවා යයි පාරම්බාමින් මිනිසුන් විශාල ප්‍රමාණයක් මරා දමා ඇත. ඒ පිළිබද ප්‍රශ්න කිරීමේදී " බෙහෙත් වල ගුණ නොලැබෙන්නේ කිල්ලට අසුවී " වැනි කාරනා කියමින් අදටද තම ව්‍යාපාරය කරගෙන යයි.


මේ ඔබේ ගැලවුම්කාරයා වන ශ්‍රී ලංකේශ්වර නොහොත් පොල්තෙල් දෙයියෝ ගැන මා පෞද්ගලිකව දන්නා කරුණු වලින් සුළු ප්‍රමාණයක් පමණි. කරුණාකර ජාතිආලයෙල් මත වීමට පෙර සිහිබුද්දියෙන් කියවා බලන්න..//


Facebook
 
Last edited:

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මරු ආතල් බන් මූ දෙන්නෙ
    කුන්ඩලිනි අවධි කරලලූ
    අහසින් යන්නයි නොපෙනි යන්නයි විතරලු බැරි
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මරු ආතල් බන් මූ දෙන්නෙ
    කුන්ඩලිනි අවධි කරලලූ
    අහසින් යන්නයි නොපෙනි යන්නයි විතරලු බැරි

    ranil nokiya kiwwe okamane.mathakada?:lol:sathi dekai ne ithin mathaka.:lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මතකද දන්නෑ මෙකෙත් කට්ටියක් ත්‍රෙඩ් දාගෙන ඕකගෙ ගුණ වය වය හිටියෙ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අපිට ඕකුන් වැඩක් නැහැ. රනිල් දෙයියෝ ඉන්නවා

    Ranil-tirupathi-70002.jpg