පොල් ඇමතිගේ ගෑණි මළා

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,450
    3,838
    113
    Maligawatta

    හිටපු ඇමති බිරිය වැටී මරුට​


    හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන 55 හැවිරිදි දේශානි ගුණරත්න මහත්මිය අලුතින් ඉදිවෙමින් පැවති ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටීමෙන් සිදු වූ අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ. දෙදරු මවක වූ ඇය අනතුරෙන් පසු බරපතළ තත්ත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.

    ඇයගේ දේහය අවසන් කටයුතු සඳහා තණමල්විල පිහිටි නිවස වෙත රගෙන යාමට කටයුතු යොදා ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඇය ඇදවැටුනේ අත්වැරදීමකින්ද යන්න පැහැදිලි නැති අතර තවම ඒ ගැන පරීක්ෂණ පැවැත්වේ.

    මෙසේ අවාසනාවන්ත ලෙස මියගිය දේශානි ගුණරත්න මහත්මියගේ සැමියා වන හිටපු පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන කැබිනට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා, පසුගිය සමයේ අල්ලස් කොමිසම මගින් එල්ල කරන ලද දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

    එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ඔහු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, විදේශ ගමන් බලපත්‍රය තහනම් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ද නියෝග නිකුත් කරනු ලැබීය.

    මැතිවරණ රජයේ ව්‍යාපෘති ප්‍රචාරණයට බලපෑම් කරමින් රුපියල් 2,665,000ක මුදලක් වැය කරවීම, ගංවතුර ආධාර ගසා කා ජනතාව අතර බෙදා නොහැරීම, මැයි දින රැලි සඳහා සහභාගී වූවන්ට වැවිලි සමාගම් අයට ටී-ෂර්ට් 4,000ක් හා සාරි 3,000ක් ලබාගැනීමට බලපෑම් කිරීම ඇතුළු චෝදනා රැසක් මත හිටපු අමාත්‍යවරයා ඇප මත සිටී.

    හිටපුු ඇමතිවරයාගේ බිරියට සිදුවූ අනතුර ගැන මූලික පරීක්ෂණ දැන් ආරම්භ කර තිබේ.

    https://www.gossiplankanews.com/2026/08/ex-ministers-wife-fell-and-died.html