පොල් කුරුමිණියා

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    පොල් කුරුමිණියා

    කලු පොල් කුරුමිණියා

    coco_rhino_0.jpg


    Common Name :
    • කලු පොල් කුරුමිණියා (S)
    • Black Beetle (E)
    • Coconut rhinoceros beetle (E)

    Scienctific Name : Oryctes rhinoceros


    පොල් කුරුමිණියා තරමක් විශාල ((1 ¼ - 2 ½ inches) ) දීප්තිමත් කලු පැහැතිය. මෙම කුරුමිණියන් රයිනෝ බීටල් ලෙස හදුන්වන අතර එයට හේතු පාදක වී ඇත්තේ පිරිමි සහ ගැහැණු පොල් කුරුමිණියන්ගේ ඇති රයිනෝසිරස් අනකට සමාන හැඩයකින් යුතු කුඩා ශරීර උපාන්ගයක් පිහිටා තිබීමයි. පිරිමි කුරුමිනියාගේ මෙම උපාංගය ගැහැනු සතාගේ ඇති උපාංගයට වඩා විශාලයි. මෙම වෙනස ගැහැණු පිරිමි සතුන් වෙන්කර ගැනීමට උපකාර වන එක සාදකයක්.

    RhinoAdultsAnterior_copy.jpg

    පොල් කුරුමිනියාගේ ජීවන චක්‍රය තුල ප්‍රදාන අවදි කිහිපයක් පවතිනවා

    765px-Life_cycle_of_stag_beetle.svg.png

    හානි සිදු කිරීමට මූලික ලෙස ආරම්භය ලබා දෙන්නේ හොදින් වැඩුනු ගැහැණු කුරුමිනියන් විසින්. අවුරුදු 5ට අඩු පැල පොල් වලට තමා හානි කිරීමට මොවුන් පෙලබෙන්නේ. පොල් පැලයේ ගොබයට පහල ප්‍රදේශයෙන් සිදුරු විද ගොබය හා පැලයේ ඇතුලත වූ මාංශල කොටස් කා දැමීම මොවුන් සිදු කරන අතර ඉන් පසු බිත්තර දැමීමද සිදු කරයි. මූලික අව්දියේදී හදුනා ගැනීම සිදු නොකලහොත් බිත්තර වලින් හටගන්නා කුරුමිනි පනුවන් ගස සම්පූර්නයෙන්ම විනශ කිරීම සිදු කරයි.
    සිදුරු සහ සිදුරු විද ශාක කොටස් අනුබවයෙන් අවශේෂ වන හප කොටස් මුලික අවදියේදීම නිරීක්ශනය වන හානි හදුනා ගැනීමේ ප්‍රදාන සාදක ලෙස හැදිවිය හැක.
    කලු කුරුමිණියා පාලනය සහ හානි අවම කර ගැනීම සදහා විවිධ ක්‍රම පවතී. නමුත් පැල පිලිබද හොද අවදානයක් ලබා දීම අනිවාර්යය වේ.
    කුරුමිනියන් පොල් පැලයට හානි කිරීම වැලැක්වීම සදහා තාර හෝ කලු තෙල් ආලේප කිරීම හා විවිද තද ගන්දය සහිත කෘමි නාශක යෙදීම සිදු කරයි. නමුත් මෙය කෙටි කාලීන ආරක්ෂක උපාය මාර්ගයකි.
    තම ඉඩම හොදින් පිරිසිදුව තබා ගැනීම මගින් මෙම කෘමියන් බෝ වීම පාලනය කල හැක. මක් නිසාද යත්, රොඩු ගොඩවල්, දිරා යන ශාක කොටස්, පොල් කෝම්භ වැනි ස්තාන වල කුරුමිනියන් වාසය කිරීම සහ බිත්තර දැමීම සිදු කරීමට හැකියාව ඇත.
    මම අසා ඇති තොරතුරකට අනුව බූරුවන් ඇති කිරීම කුරුමිණියන් පන්නා ගත හැකි ක්‍රමයකි. බූරුවාගේ ශබ්දයට කුරුමිණියන් විකර්ශනය වන බව මට තොරතුර සැපයූ පුත්ගලයාගේ අත්දැකීම විය.


    හානිය මූලික අවදියේදීම හදුනා ගතහොත්, සිදුර කැපුමක් මගින් තව විවර කර කම්බි උලක් හෝ කොක්කක් මාර්ගයෙන් කුරුමිණියා එලියට ගත හැක ඉන් පසු තාර හෝ කලු තෙල් සිදුර හා ඒ අවට ආලේප කිරීම කල යුතුය.

    පොල් පැල පිලිබද නිරන්තර අවදානයෙන් සිටීම තුලින් කලු කුරුමිනියන් මගින් සිදුවන හානිය සියයට් සියයක්ම පාලනය කරගත හැක
    .


    අක්ෂර සහ සින්හල භාවිතයේ අඩුපාඩු පිලිබද මාගේ බලවත් කනගාටුව,

    හොදයි නම් රෙප් දීගනම යන්න.
     
    Last edited: