පිළිකාකාරක සංඝටක යන්නෙ කොහොමද?
මෙන්න මේ වැදගත් ප්‍රශ්නෙට මම දන්නා ගෙදර සුළුවෙන් පොල් තෙල් හදන කෙනෙක්ගෙන් ලැබුන උත්තරයක් හැමෝටම පේන්න දාන්න ඕනේ කියලා හිතුන නිසා අලුත් නුලක දාන්නේ
පොල් තෙල් හදන්න DC නොහොත් කොප්පරා ගන්නවනේ අන්න ඒවගේ තමා මේ පුස් (දිලිර) ජාතිය හැදෙන්නේ ඉතිං ඔය පුස් හැදුන ඒවා බල බල ඉවත් කරන්න ඕනේ හරිනම් හොද පිරිසිදු පොල් තෙල් එන්නේ එහෙම කරාම.
ඔහු කියන විදියට රු.400/= අඩුවෙන් හොද පොල් තෙලක් හිදින්න බැරිලු ඉතිං මට කියනවා අපේ තෙල් රු.450ක් වෙද්දී කඩේ රු.380ට තෙල් තියෙන නිසා මිනිස්සු ගන්නේ ඒවලු අපි හරියට හොද දේ දාලා අපේ ධර්මයේ කියලා තියෙන සාධාරණ වෙළදාම කරාට මිනිස්සුන්ට රු.50-70ක් කියන්නේ තේ කොළ ටිකක් හරි ගන්න ගානනේ මල්ලි ඒක නිසා යමක් කමක් දන්නා මුදලක් අතේ තියෙන මිනිස්සු විතරයි මල්ලි අපෙන් බඩුවක් ගන්නේ කියලා කිව්වා.
පොල් තෙල් හිදිනකොට අර පුස් හැදිච්ච කොප්පරා අයින් කරනවා වගේම තෙල් හිදලා අව්වෙත් තියන්න ඕනෙලු ඉතිං එහෙම කරලා ගොඩක් හදන්න නම් බැහැලු ඉතිං ඉස්සරත් මේ දේවල් පොල් තෙල් වල තියෙන්න ඇතිලු කවුද ඕවා හැමතැනම චෙක් කරන්නේ කියලා ඔහු අහනවා ඒ වගේම ලොකු මුදලාලිලා වගේම පොඩි කඩවල් වල අයත් කවලම් කරන්න පුළුවන් හැම වර්ගයේම නිෂ්පාදන කලවම් කරලා විකුණන අය ඉන්නවාලු ඉතිං එහෙම නොකරන මිනිහගේ කඩේ බඩු ගණන් වැඩි නිසා ඒ කඩේ ටික කාලෙකින් වැහෙන එක නවත්වන්න බැහැ මල්ලි මොනවා කරන්නද හැමෝම රුපියල් සත එක්කනේ ගැටෙන්නේ මල්ලි කියලා මට කිව්වා.
උත්තර නැහැ මේවට මට දුප්පත් රටක දුප්පතෙක් හෝ මධ්‍ය පාන්තිකයකුගේ තත්වය මෙයාකාරයින් ඛේදනීයයි.....
අතුරු කතාව: මම දන්නා රජයේ කන්තෝරුවක වැඩ කරන කෙනෙක්ගේ නෑදෑ වන යුවතියක් මුස්ලිම් කඩේක වැඩට ගිහින් තිබුනා ඒ කඩේ මුස්ලිම් අයට තෙල් දෙනකොට දෙන්නේ කඩේ ඇතුලේ තියෙන බැරල් එකකින්ලු අනෙක් අයට ඉස්සරහා තියෙන එකකින්ලු ඉතිං ඒක මෙයා අහලා කඩේ මුදලාලිගෙන් දෙකේම තියෙන්නේ එකම තෙල් තමා කිව්වලු හැබැයි ඊලග මාසේ ඉදන් වැඩට වෙන කෙනෙක් ගත්තා කිව්වලු. මෙහෙම නොකරන හොද අය ඉන්නවා මම දන්නවා එහෙම මුස්ලිම් අයත් නමුත් පුද්ගලිකව දන්නා කියෙන් කී දෙනාද එහෙම ඉන්නේ ඔය වගේ වැඩ කරන සිංහල අයත් නැතුවා නෙවෙයි. (අර මුස්ලිම් කඩේ ගැන ඒ යුවතිය මොන වගේ පියවරක් ගත්තද කියලා නම් මම දැනුවත් නැහැ)