කැබලි කරන ලද වියළි පොල් මද ආනයනය කිරීමට පියවර
බැලුවෝ - 1021 අදහස් - 1
(ඩයනා උදයංගනී)
පොල් මිල ඉහළයාම හේතුවෙන් දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් මුහුණ පා ඇති ගැටලුවලට විසඳුමක් ලෙස මාස තුනක කාලයක් සඳහා මාසයකට මෙට්‍රික් ටොන් 13,000 බැගින් කැබලි කරන ලද වියළි පොල් මද ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඒ අනුව කුරුට්ට සහිත කැබලි කරන ලද වියළි පොල් මද කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති බී.සී.සී ආයතනය හරහා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රට තුළ පොල් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් දැනට පොල් හා ඒ ආශ්‍රිත කර්මාන්තශාලා 500 ක පමණ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බැවින් මෙම පියවර ගත් බව ද ඇමතිවරයා කීවේය.
රට තුළ ෆාම් තෙල් නිෂ්පාදනය අධෛර්යමත් කර පොල් තෙල් ප්‍රචලිත කිරීම රජයේ මූලික අරමුණක් බව කී රමේෂ් පතිරණ මහතා ඉදිරියේදී පිරිපහදු කළ ෆාම් තෙල් පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර ඇතැයි ද සඳහන් කළේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.