පොල් සම්බෝල කියන්නෙ දුප්පත් පැලේ වගේම රජ මැදුරෙත් හැදෙන රසවත් ආහාරයක්. පොල් සම්බෝල වුණත් හදන විවිධ ක්‍රම තියෙනවා. පොල් සම්බෝල තෙම්පරාදුවක් හදා ගන්න විදිය ගැනයි මේ කියන්න යන්නේ අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය,
- පැහුනු පොල් හීන් වෙන්න ගාගන්න
- රතු ලූනු හරි බී ලූනු හරි හීනිවට කපාගන්න
- කරවල, හාල්මැස්සන් ,උම්බලකඩ කැමති දෙයක් ගන්න
- රතු පාට වේලුනු මිරිස් කරල් කීපයක් ටිකක් පොඩිවට කපල ලුනු වතුරෙ දාගන්න
- හොද අලුත් කරපින්චා ටිකකුත් ඕන වෙනවා
මුලින්ම කෑලි මිරිස් හරි වෙලුනු මිරිස් කරල් ටිකක් එක්ක හරි ලුනු ටිකක් දාලා සම්බොලෙ අඹරගන්න. නැත්තම් කොටාගන්න. මේ වෙලාවෙ ළූනු දාන එපා. මිරිසුයි ලුනුයි විතරයි. දැන් තෙල් ටිකක් රත්වෙන්න තියන්න. රත් වුනු තෙල් එකට හාල්මැස්සන් හරි කරවල හරි දාන්න. හොදට බැදගන්න.විනාඩි තුනක් වගේ ඇති.ඒක අයින් කරගන්න.කරවල බැදපු තෙල් එකටම ලුනු වතුරට දැම්ම, කපාගත්ත මිරිස්කරල් ටික ලුනු වතුර අයින් කරල දා ගන්න.
වේලුනු මිරිස් කරල් වල ඇටත් දාන්න ඒව බැදුනම රසයි. හොදට බැදගන්න. කලු වෙන්න දෙන්න එපා. ඉක්මනින් අයින් කරගන්න. දැන් මේතෙල් එකටම හීනිවට කපාගත්ත ළූනු දාන්න හොදට බැදෙන්න දෙන්න. රන්වන් පාටට එද්දි කරපින්චා දාන්න. ඒකටම බැදගත්ත මිරිස් , කරවල ටිකත් දාල කලවම් කරන්න. දැන් අඹරගත්ත සම්බෝලෙ දාන්න. කලවම් කරනගමන් විනාඩි හතරක් වගේ තෙම්පරාදු කරගන්න. කල් තියාගන්නවනම් හොදට නිවුනට පස්සෙ හුලන් වදින්නෙ නැති බාජනේකට හරි වීදුරු බෝතලේකට හරි දාගන්න. ඒකටම හැන්දකුත් දාලම තියන්න.
දැන් අපේ සම්බොලෙ හදල ඉවරයි. ඉඩක් තියෙන වෙලාවක පොල්ගෙඩියකින් වගේ මෙහෙම හදලා ෆ්‍රිජ් එකෙන් දාල තියාගන්න. හදිස්සියෙ ගෙදරින් පිට යන්න වෙනවනම් බත්මුලක් බැදගෙන යන්න පුලුවන් ඒ වගේම උයන්න කම්මැලි වෙලාවක නැත්නම් හදිස්සියෙ උයන්න වෙන වෙලාවක මේ සම්බොලෙත් එක්ක පරිප්පු ටිකක් කිරට හදා ගත්තත් ඇති. ඕනම එලවලු වර්ගයක් එක්කත් ගලප ගන්න පුලුවන්.
මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න
original Article Click Here