මේක ගෲප් එකකින් කොපි කරගත්ත කතාවක්. මොකද්ද බන් මේ හරුපෙ ? මට මෙලෝ බික්කක් තේරුන් නෑ. දෙයියන්ගෙ ලෙඩයි අර දැකපු එකාගෙයි අතරේ සම්බන්ධෙ මොකද්ද?
මේ සිද්ධිය මට නෙවෙයි මගෙ මහත්තයට වෙච්ච දෙයක්...
එයා ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් අයින් වෙලා වෙන ඉස්කෝලෙකට ගිහින්. එහෙම ගිහිල්ල ගෙදරක බෝඩින් වෙලා ඉදන් තමයි ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ. ඒ ගෙදර ඉන්නෙ ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි විතරයිලු එයාලගෙ ලමයි බැදල ගිහිල්ලලු. ඉතින් මෙයාට පාඩම් වැඩ එහෙම කර ගන්නත් ලේසිලු එහේ වැඩිය කවුරුත් නැති හින්ද ඒ නිසා මෙයා එහේ නැවතිල.
මේ සිද්ධිය වෙනකොට මහත්තය 8 වසරෙ 9 වසරෙ වගේ වයසකලු හිටියෙ.ටිකක් උදෙන්ම නැකිටිනවලු පාඩම් කරන්නත් එක්කම. එදත් එයා වෙනදට වැඩිය ටිකක් කලින් 4ට විතර නැකිට්ටලු. එයා ඉතින් නැකිටල කුස්සිය පැත්තට ගිහින් බලනකොට ආච්චිත් ඉන්නවලු උදෙන්ම නැකිටල උයන්න අරගෙන.මෙයාට ඉතින් ටොයිලට් එකට යන්න උවමනාවක් ඇවිල්ල ආච්චිත් කුස්සියෙ හිටපු එකේ බය නැති හින්ද ටොයිලට් එකටම යන්නෙ නැතුව ඒ වැඩේට එයා ඉතින් කුස්සිය පිටිපස්සට ගිහින්. එහෙම ගිහින් ඉන්නකොට සීතල හුලගක් ආවලු එක පාරටම. මන් කිවුව ඉතින් උදේ පාන්දර ඒ වගේ වෙලාවට සීතලයි තමයි කියල. ඒ උනාට වෙනදට වඩා පුදුම සීතලක්ලු තිබ්බෙ ඒ එක්කම මහා මූසල ගතියක් දැනුනලු. ටික වෙලාවකින් එයා ලග තවත් කවුරු හරි කෙනෙක් හිටගෙන ඉන්නව වගෙ දනුනත් එයා බලන්න ගියෙ නෑ කිවුව පොඩිනේ ඉතින් ඒක එච්චර ගානක් උනේ නෑ කිවුව.
එයා ඉතින් ආපහු කුස්සියට ගිහින් ආච්චි ලගින් වාඩි වෙලා තේ එක බොන ගමන් ආච්චිට විස්තරේ කියල. එහෙම කිවුවම ආච්චි එක පාරම ටීෂර්ට් එක ගලවන්න කියල එයාගෙ පිට බලන්න. එහෙම පිට බලල ආච්චි කියල උබ අද ඉස්කෝලෙ යන්න එපා අදම ගෙදර පලයන් කියල. ආච්චි ඊට පස්සෙ ගෙදර අයට කෝල් කරල එයාලට එන්න කියල එයාලට විස්තරේ කියල මෙයාව ගෙදර එවල. පස්සෙ එයා අම්මගෙන් ඇහුවම දන්නෙ එයාට ඒ වෙලවෙ දෙයියන්ගෙ ලෙඩ (පැපොල) හැදිල ඒ ආච්චි පිට බලපු වෙලාවෙත් පිටේ පුන්චි පුන්චි බිබිලි දාල කියල. පාන්දර කුස්සිය පිටි පස්සට වෙලා ඉන්නකොට එයා තනිවෙලා ඒ හින්ද තමයි ඒ වගෙ එයා ලග තව කෙනෙක් ඉන්නව කියල දැනිල තියෙන්නෙත් කියල ඒ ආච්චි කියල.
එහෙම ලෙඩ උනාම ඉතින් අනිත් අයගෙන් ටිකක් ඈත් කරල තියන හින්ද මහත්තයට එයාගෙ කාමරේටම වෙලා ඉන්න කියල. මගේ මහත්තයගෙ ආච්චිත් ඇවිත් ඉතින් එයාව බලන්න. එයා කියල වැඩිය එලිපහලිය එහෙම බලනෙ නැතුව ඉන්න කියල. පස්සෙ දවසක ඉතින් එයා කාමරේ ජනේලෙ ඇරගත්තලු පොඩ්ඩක් හුලන් ටිකක්වත් කාමරේට එන්න කියල. කාමරේ ඉස්සරහ තියෙනවලු ලොකු පොල් ගහක් ඒක ජනේලෙන් හොදට පේනවලු. හවස ඉතින් එයා ඇදට වෙලා ඉන්න ගමන් පොල් ගහ දිහා බලන් ඉදල. ඒ ඉන්න ගමන් එක පාරටම කලු පාට මනුස්සයෙක් වගේ චායාවක් පොල් ගහෙන් බැහැල කැලේ පැත්තට දුවනව දැකල. ඒකටනම් ටිකක් බයවෙලා කෑ ගහල ගෙදර අයට කතා කරල කියල. ආච්චි ඉතින් වැඩේ දැනගෙන මොකද්ද කියල මෙයාටත් හොදටම බැනල ජනේලෙ වහල දාල.
පස්සෙ දවසෙ අර අඩු වෙල තිබ්බ එක දෙගුන වෙලා මුලු ඇග පුරාම බිබිලි දාල තුවාල වෙලා වෙවුල වෙවුල උනත් අරගෙන. ඊට පස්සෙ ආච්චි පිරිත් පැන් බොන්න දීල තෙල් මතුරල ගාල තමයි අඩු උනා කිවුවෙ. සාමන්‍යෙන් සතියෙන් වගේ හොද වෙන ලෙඩේ මාසයක් එකාමාරක් වගේ තිබුනලු ඒ වෙච්ච දෙයින්.
හොල්මන් ඉන්නවද නැද්ද කියල විශ්වාසයක්වත් අවිශ්වාසයක්වත් එහෙම හිතන්නෙ නෑ කිවුව. හැබැයි එදායින් පස්සෙ අපේ අවට යම් අදෘශ්‍යමාන බලවේග තියෙනව කියලනම් විශ්වස කරනව එයා.
දෙයියන්ගෙ ලෙඩ හැදෙනව කියල අහල දැකල තිබ්බත් ඒ දේවල් සිද්ද වෙන්නෙත් මෙන්න මෙහෙම කියල නිශ්චිතව නැති උනත් යම් ප්‍රමානෙකින් හරි දැන ගත්තෙත් මේ සිද්දියෙන් පස්සෙ තමයි කියලයි කිවුවෙ.