පොල් හිඟයක්

Sri Lanka Cricket

Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    කොදෙව් රටේ මේ වන වන විට පොල් හිඟයක් පවතින අතර ලෝක කුසලාන සමයේ විශාල ලෙස කලටි පොල් කැඞීම නිසා මෙලෙස පොල් හිඟයකට මුහුණ දී ඇත. කෙසේ වෙතත් කැරිබියන් රජයේ පොල් සංවර්ධන ඇමති ප‍්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයෙන් පොල් ආනයනය කරන බවයි. කෙසේ වෙතත් ඒ සඳහා ලෝක කුසලානය අවසාන වන තුරු බලා සිටීමට සිදුවන බව එතුමා වැඩිදුරටත් පවසයි. (2 වැනිදට කේරලේ කලටි හැලෙයිද දන් නෑ නේ*

    ඕස්ටේ‍්‍රලියාවේ බජිරි සඳහා විශාල ඉල්ලූමක් පවතින අතර බජරි ගොවීන් පවසන්නේ 1996 න් පසුව මෙලෙස බජරි වෙළඳාම ඉහළ ගිය ප‍්‍රථම අවස්ථාව මෙය බවයි. හිටපු ඕස්ටේ‍්‍රලියානු නායක ටිං ටිං (සමාවන්න පොන්ටිං* මැතිතුමාව එරට රජය විසින් වැවිලි සංවර්ධන ඇමති ධූරයට පත් කර ඇත. කුඹුරු ඇත්නම් ඒවායේ මී හරක් ඉවත් කර එරට සම හරක් ක‍්‍රීඩකයින්ව ඒ සඳහා යෙදවීමට තීරණය කර ඇත.

    නවතම ආරංචි මාර්ග පවසන්නේ පසුගියදා පැවති ක‍්‍රිකට් තරඟයෙන් පසු. එංගලන්තයේ මාළිගාවේ උළු ඉවත් කර ඇස්බැස්ටෝස් වහලයක් සවි කරන බවයි.

    මේ වන විට නවසීලන්තයට ආසන්න මුහුදේ සිටින සියළුම තල් මසුන් වෙනත් මුහුදු සීමාවන් කරා ගොස් ඇති අතර. ලෝක කුසානය අවසන් වන තුරු උන් නොපැමිණෙන බව සත්ව සංවිධාන පවසා සිටී. මොනවා නැතත් උන්ට තමාගේ හක්ක වටින බවයි ඔවුන් පවසන්නේ..

    ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රදේශයේ ජනතාව එම ප‍්‍රදේශය වලින් ඉවත්ව ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ඉදිරියේ ඉන්දියාවේ කඳුවල හිම දිය වීමට ඉඩ කඩ ඇති බැවින්.. ප‍්‍රවේශම් වන ලෙසයි.

    ඔන්න බලන්නකො ඒකෙත් හැටි

    අදත් පිට පත Sri Lanka Cricket
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Done ✓
    කැංගරුන්ට බජිරි කැවීම : Done ✓
    කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම : Done ✓
    නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම : Done ✓
    ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම : Remaining ?
     

    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala

    Patta...........




    එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Done ✓
    කැංගරුන්ට බජිරි කැවීම : Done ✓
    කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම : Done ✓
    නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම : Done ✓
    ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම : Remaining ?

    Thanks...:D:D:D:D