පොලිෂ්පති

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙරට පොලිෂ් බාසුන්නැහෙලා ඉන්නවා. ඒ අයගේ කටයුත්ත ලී බඩු ආදිය පොලිෂ් කිරීම එනම් ඒවා ඔප දැමීම. පොලිෂ්පති කියන්ැනේ ඔප දමන්නන්ගේ ප්‍රධානියාට. එක එක අය විවිධ දේ පොලිෂ් කරනවා. සමහරු පුද්ගලයන්වත් පොලිෂ් කරනවා. විශේෂයෙන් ම දේශපාලනඥයන් පොලිෂ් කරන අය ඉන්නවා. පොලිෂ් කරනවා යන්න අද ව්‍යවහාර වන භාෂාවේ වෙනත් අර්ථවලිනුත් යොදා ගැනෙනවා. සමහරු එකතු වී බෝතලයක් පොලිෂ් කරනවා. තවත් සමහරු වෙනත් අයගේ සාක්කු පොලිෂ් කරනවා. මේ ව්‍යවහාර මැත කාලයේ එකතු වී තිබෙනවා.

    මෙරට විවිධ පොලිස්පතිවරුන් ඉඳ තිබෙනවා. මේ ඇතැමුන් රාජකාරිය අකුරට ඉටු කරපු අය. ඒ අර වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස අකුරට වැඩ කිරීම නොවෙයි. නියෝජ්‍ය පොලිස්පතිලා හා හමුදා නිලධාරීන් එකතු වී හැටේ දශකයේ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පොලිෂ් කරන්න හැදුවා. එය වැලැක්වුනේත් මා හිතන විධියට එවකට පොලිස් අධිකාරිවරයකු වූ අයකු දුන් ඔත්තුවක් අනුව. ආණ්ඩුව පොලිෂ් කරන්න හැදුවෙ මැතිණියගේ සිංහල බෞද්ධත්වයට එරෙහිව. ඒ පොලිෂ් නිලධාරීන් අබෞද්ධයන්. රවි කරුණානායකගේ සීයා කෙනකුත් පොලිෂ් නිලධාරීන් අතර සිටියා. එංගලන්ත අධිකරණයේ සාමි අභියාචනා මණ්ඩලය පොලිෂ් නිලධාරීන් බේරා ගත්තා.

    පොලීසිය දේශපාලනයෙන් තොරයි කියන එක බොරු කතාවක්. දේශපාලනික නොවන පොලිස් නිලධාරීන් නැතැයි මා කියන්නේ නැහැ. ඉංගිරිසින්ගේ කාලයේ පොලිස්පතිලා සුද්දන්. ඔවුන් ඉංගිරිසි ආණ්ඩුව හා රජය ආරක්‍ෂා කරපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මට මෙහි දී බ්‍රෙස්ගර්ඩ්ල් සිද්ධිය මතක් වෙනවා. පොලීසිය ඉන්නේ නීතිය රැකීමටයි. ඒත්් නීතියට එක එක අර්ථකථන දෙන්න පුළුවන්. ඒක ඉංගිරිසි සංස්කෘතියෙන් එන්නක්. නීතිය නවනවා කියන එකත් ඉංගිරිසි කියමනක සිංහල පරිවර්තනය. පොලිසියට නීතිය නවන්න පුළුවන් නම් ජනතාවට නීතිය කඩන්න බැරි ද කියලා කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම බැහැ. නීතිය කැඩුවොත් පොලීසියට ගෙන යනවා. නීතිය නවන්න ඕන නීතිය නොකැඩෙන ප්‍රමාණයට. නීතීිය කඩන අයටත් එක එක විධියට සලකනවා. සමහර වෙලාවට නීතිය කඩන්නැතුවත් පොලීසියට ගෙන යනවා. පොලීසියෙ අඳුරන අය ඉන්නව නම් තමන්ගෙ විරුද්ධ කාරයන් ව පොලීසියට ගෙනිහිල්ල පොලිෂ් කරන්න පුළුවන්. අර මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසයට ගෙනියන අය පොලිෂ් වෙයි ද? ගෙනියන්නෙ නැති අය උපාසක මහත්තුරුන් ද? අර එතනෝල් කාරයා දැන් ඉන්නෙ කොහේ ද? නැව් ගිල්ල මිනිස්සු ඒක දිරව ගත්තෙ කොහොම ද?
    සාමාන්‍ය ජනයාට වගේ නොවෙයි මැති ඇමතිවරුන්ට ප්‍රසිද්ධියේ ම නීතිය කඩන්න පුළුවන්. නීතිය හදන අයට නීතිය කඩන්න බැරි නම් ඒ නීතියෙන් ඇති වැඩේ මොකක් ද? සාමාන්‍ය ජනයාත් නීතිය නොකඩනවා ම නොවෙයි. ඒ පොලීසියට අහු නොවෙන කම්. නැත්නම් පොලීසියත් සමග ගනුදෙනු බේරා ගෙන. මේ දිනවල රියෑදුරු බලපත්‍ර ගැනීමට එන අති විශාල පිරිස නීතිය කඩා රිය පැදවූ අය. ඊනියා විවෘත පත්‍රිකා යටතේ නීතිය කඩා පවරා ගැනීමෙන් තොරව රථවාහන විකුණු අය ඕනෑ තරම් ඉන්නවා. නීතිය කඩා පොලිස් නිලධාරීන්ට අතමිට මොළවා මාරුවන අයත් ඉන්නවා. ඒ අතමිට මොළවන්නේ පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමට නොවෙයි. රාළහාමිලාගේ දුක සැප ගැන තියෙන අනුකම්පාවට. මේ සමාජය පවතින්නේ එහෙමයි. විජිතමුණි සොයිස නම් කියාවි සිංහල රජ කාලෙ ඉඳන් එහෙමයි කියලා. 1998 දි චන්ද්‍රිකාගෙ ආණ්ඩුව වේල්ස් කුමාරයා ගෙන්නලා අපේ ඊනියා නිදහසේ පනස්වසර ඉංගිරිසියෙන් සමරන වෙලාවෙ අප චින්තන පර්ෂදය හැටියට වෙල්ලස්සේ කුමාරයා සමරන්න සොයිසගෙ අඩවියට ගියා. සොයිසා අපව පොලිෂ් කරන්න උත්සාහ ගත්ත. අප ඔහුව තුට්ටුවකට මායිම් කරන්නෙ නැතිව වෙල්ලස්සෙ කුමාරයා සැමරුවා. අප සැමරුවෙ රජ කාලෙ ඉඳන් ඉංගිරිසි කාලෙට මාරුවෙච්ච යුගයෙ සිද්ධ වෙච්ච වෙල්ලස්සේ නිදහස් සටන. ඒ ගැන දන්නෙ අතලොස්සක් පමණයි. ජනමාධ්‍ය අපට ප්‍රචාරයක් දෙන්නෙ නැහැ. ගිය ඉරිදා අප නුවර මාතලේ පාරෙ අලවතුගොඩ නව ව්‍යවස්ථාවට විරුද්ධව පවත්වපු රැස්වීම ගැන දන්නෙ කවුද? එක්කෝ ප්‍රවෘත්ති සංස්කාරකලා අප පොලිෂ් වෙයි කියලා බයයි. එහෙම නැත්නම් හිතනවා ඇති අප කරන්නෙ කියන්නෙ රටට කිසිම වැදගත්කමක් නැති දේ කියලා.

    සමහරු නීතිය කඩා මැති ඇමතිලාට දන්නනවා. එවිට මැති ඇමතිලා මැදහත් වී නීතිය කැඩූ අය බේරාගන්නවා. එහි දී සිද්ධවන්නේ පොලිෂ් කිරීමක්. නීතිය කැඩූ අය පොලිෂ් වී තව තවත් බැබලෙනවා. පොලිෂ්පතිලා පත්කරන්නේ එහෙම මැති ඇමතිවරුන්ගේ කීමට වෙනත් අය පොලීිෂ් කිරීමටත් නීතිය නැවීමටත්. ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරු නීතිය කැඩුවාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් නිකම් ම පොලිෂ් වෙනවා. මා සඳහන් කරන්නේ බැඳුම්කර සිද්ධිය ගැන පමණක් නොවෙයි. දක්‍ෂ නීතිඥයන්ට බොහෝ දේ කරන්න පුළුවන්. වංගෙඩි ලවා මිනීමරවන්නත් පුළුවන්. ඇතැම් නීතිඥයන්ට පොලීසිය භාරයේ තියෙන අපරාධවලට සම්බන්ධ අවි ආයුධ ඉර්ධි බලයෙන් නැති කරන්න පුළුවන්. පොලීසිය මේවාට හවුල් නැහැ. ඒ නීතිඥයාගේ ඉර්ධි බලයෙන් වෙන දේ. ඒ සමග අපරාධකරුවන් ද ඔපවැටෙනවා, පොලිෂ් වෙනවා.

    වත්මන් පොලිස්පති කා සමග දෝ නිළමේ කෙනකු ගැන දුරකථනයෙන් කතා කරලා. එතන විවිධ නාලිකාවල ශබ්ද පටිගත කිරීමට යොදාගන්නා උපකරණ තිබිලා. අපටත් ඒ කතාකරපු දේ අහන්න ලැබුණා. ඒත් අනෙක් පැත්තෙන් කතාකරපු අයගේ කටහඬ ඇසුණේ නැහැ. එය අඩුපාඩුවක්. මෙයින් පසු සියළු දෙනා දුරථනයෙන් කතාකරන විට අසා සිටින්නන්ට අනෙක් තැනැත්තාටත් සවන් දිය හැකි ආකාරයට කතා කිරීමට බලකරන නීතියක් ගෙනෙන්න පුළුවන් ද? එවිට සමහරවිට දුරකථන පණිවුඩ අඩුවෙන්නත් පුළුවන්. ආණ්ඩුවට එකෙන් පාඩු වෙයි ද කියන්න බැහැ. ඒ මෙනවා වුනත් නිළමේ සම්බන්ධ කතාව වැරදි කියලා ජනාධිපති කියනවා. ඒ ගැන විමර්ෂණයක් පවත්වනවාලු. වැරැද්දක් කර ඇති බව ජනාධිපති දන්නවා නම් තව විමර්ෂණ මොනවාට ද. සමහරවිට එහා පැත්තෙන් කතා කෙළේ කවුද කියා දැනගැනීමට වෙන්න පුළුවන්. ඒක තරමක භයානක දෙයක්. එහා පැත්තෙන් කතාකරපු අය කවුද කියලා දැනගත්තම ඔහු පොලිෂ් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පොලිස්පතිත් සර් කියලා කතා කෙළේ ලෙහෙසු පහසු අයකුට වෙන්න බැහැ. අඩුම තරමෙන් මන්ත්‍රීවරයකු වෙන්න ඕන. බොහෝ වෙලාවට ඇමතිවරයකු වෙන්න පුළුවන්. ඒ දයාසිරි ජයසේකරගෙ යාළුවෙක් ද? දයාසිරි ඒ ප්‍රශ්නෙ ගැන එච්චර කුලප්පු වුනෙ මොක ද? ඒකත් පොලිෂ් කිරීමක් ද?

    Pujith.jpg



    නලින් ද සිල්වා
    2016 දෙසැම්බර් 02
    copied from kalaya blog -shirantha
     
    • Like
    Reactions: pga and Vandetta

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සමහර විට ඉස්කොලෙ සර් කෙනෙක් වෙන්නත් පුලුවන්.:baffled: කිරිඇල්ල
    මොකා කතාකරත් පොලිස්පති කරේ වැරද්දක්
    අනිත් එක සිරාගෙ පරික්ෂන ගැන බලාපොරොත්තු තියාගන්න එපා තාම බැදුම්කර සිද්ධියට සාධාරනයක් කරෙත් නැනෙ
    .:angry:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේක මම නම් හිතන්නේ නෑ පොලිස්පති මෝඩයෙක් වගේ නොදැන කළා කියලා.ඕනි පොඩි එකෙක්ට තේරෙනවා මයික් එක ගාව ඉදන් කතා කරන එක ඇහෙනවා කියලා ..මම නම් හිතන්නේ මේක හිතලම කරපු දෙයක්..දේශපාලකයන්ගෙන් බලපෑම් එල්ල වෙනවා කියලා රාජ්‍ය නිලධාරියෙක් විධිහට කෙලින්ම මාධ්‍යට කියන්න බැරි නිසා එක ව්‍යංගයෙන් පෙන්නුවා කියලා...දැන් මුළු රටම දන්නවා දේශපාලකයන්ට ඕනි විදිහට තමයි අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම වෙන්නේ කියලා ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිසිය පාන්ඩුවෙ පදේට නටන රූකඩ ආයතනයක්, ඔහොම වෙනසක් තමයි ලක්ශ 62කේ මීහරක් පැතුවෙ, දැන් උන් පැතූ වෙනස ලෙසටම හම්බෙලා...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පොලිසිය පාන්ඩුවෙ පදේට නටන රූකඩ ආයතනයක්, ඔහොම වෙනසක් තමයි ලක්ශ 62කේ මීහරක් පැතුවෙ, දැන් උන් පැතූ වෙනස ලෙසටම හම්බෙලා...

    ලංකාවේ පොලිශීය දාපු දවසේ හිටං ඔහෝම තමයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aah. me anduweth ehema da?
    wenasak wela nathey?
    :rofl::rofl:
    :yes: එහෙම නෑලු එතකොට ලක්ශ 62කේ මීහරක් වෙනස වෙනස ගෑවෙ මොකේටද කියන එකයි අවුල.:rofl:
     

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    මේක මම නම් හිතන්නේ නෑ පොලිස්පති මෝඩයෙක් වගේ නොදැන කළා කියලා.ඕනි පොඩි එකෙක්ට තේරෙනවා මයික් එක ගාව ඉදන් කතා කරන එක ඇහෙනවා කියලා ..මම නම් හිතන්නේ මේක හිතලම කරපු දෙයක්..දේශපාලකයන්ගෙන් බලපෑම් එල්ල වෙනවා කියලා රාජ්‍ය නිලධාරියෙක් විධිහට කෙලින්ම මාධ්‍යට කියන්න බැරි නිසා එක ව්‍යංගයෙන් පෙන්නුවා කියලා...දැන් මුළු රටම දන්නවා දේශපාලකයන්ට ඕනි විදිහට තමයි අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම වෙන්නේ කියලා ..

    :yes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ ආණ්ඩුවේ කියලා අගහරු වලින් ආපු උන් නෙමේනේ ඉන්නේ

    ok machan. thanks explain kalaata.
    e kaale talks nan dunne ohoma nemey. :rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ok machan. thanks explain kalaata.
    e kaale talks nan dunne ohoma nemey. :rofl:

    කවුද අහ එහෙම තමයි බන් බලේ ගන්න හොදට කථා කරන්න ඕන ඕකුන්ට චන්දේ දේන සුපිරි ගොබ්බයෝ ඕන තරම් ලංකාවේ
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේක මම නම් හිතන්නේ නෑ පොලිස්පති මෝඩයෙක් වගේ නොදැන කළා කියලා.ඕනි පොඩි එකෙක්ට තේරෙනවා මයික් එක ගාව ඉදන් කතා කරන එක ඇහෙනවා කියලා ..මම නම් හිතන්නේ මේක හිතලම කරපු දෙයක්..දේශපාලකයන්ගෙන් බලපෑම් එල්ල වෙනවා කියලා රාජ්‍ය නිලධාරියෙක් විධිහට කෙලින්ම මාධ්‍යට කියන්න බැරි නිසා එක ව්‍යංගයෙන් පෙන්නුවා කියලා...දැන් මුළු රටම දන්නවා දේශපාලකයන්ට ඕනි විදිහට තමයි අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම වෙන්නේ කියලා ..
    :P ප්ලෑන් එක නම් හොදයි තේරුම් ගන්න්න බැරි දේ තමයි ටයිමිං:rofl: පොලොස්පති කොහොමද මයික් ඉස්සරහා කතාව කරනකොටම කෝල් එක ආවේ:rolleyes:


    උබේ කතාවට මාත් එකගයි, ඌ මුලින් මුට්ටිය දාල බැලුව ඉස්සෙලා ඔහොම ඇරස්ට් කරන්න ටෝකක් දාල ඒකට හෙන ප්‍රචාරයක් ගියා නේ:P දෙවනි පාර ඌ හිතලම ගේම දුන්න වගේ:rofl: නිළමේ කියල හයිලයිට් වෙන්නම කියනවා :lol:

    සුද්දා පාළම හදන්නේ නැති හින්දා, ඌවා දෝළාවෙන් ඇලට දැම්ම සීන් එක මතක් උනා:dull:
     
    Last edited: