පොලිස්පති ඉල්ලා අස්වෙයි..!

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
පොලිස්පති ඉල්ලා අස්වෙයි..!

Katunayake_attack300511.jpg


:shocked::shocked::shocked::lol::lol::lol::shocked::shocked::shocked:

පොලිස්පති මහින්ද බාලසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගියදා කටුනායක සිදුවූ අවාසනාවන්ත සිදුවීම හේතු කොට ගෙන ඔහු සිය ඉල්ලා අස්වීම් ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග ‍විසින් තහවුරු කර තිබිණි.

මහින්ද බාලසූරිය මහතා විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් ජූනි මස 18 වන දින සිට තමන්ට විශ්‍රාම සුවයෙන් සිටීමට අවශ්‍ය බවත්,එසේ වුව අද සිට ජූනි මස 18 දින දක්වා වූ කාලය නිවාඩු ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග කියා සිටියි.

1953 ජූනි මස 18 වන දින උපත ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

1978 මාර්තු 01 දින සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස් සේවයට එක්විය. විද්‍යාවේදී උපාධිධරයෙකු වන ඔහු "එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව"යන මැයෙන් ලියන ලද නිබන්ධනයට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබූවෙකි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කලක් සේවය කළ මහින්ද බාලසූරිය මහතා ශ්‍රී ලංකාවේ 32 වැනි පොලිස්පතිවරයා ලෙස 2009 වසරේ නොවැම්බර් 04 වන පොලිස් මූලස්ථානයේදී වැඩබාරගන්නා ලදී.

මේ පොලිස් මාමල සාමය අරක්ශා කරන්න කියල නිරායුධ මිනිස්සුන්ට සෙල්ලම් දාන්න ගිහිල්ල ඉල්ලන් කන්නෙ.. දෙබරෙකට ගල් ගැහුවම ඔහොම කන්න වෙන බව දැන ගත්තේ අපු එවුන්ගෙනුත් කාල පොලිසියෙ දෙබරයක් කඩාගෙන දෙබරුන්ටත් කියන ඇණ ගත්තට පස්සෙ.




kboy1.jpg
k3.jpg
k2.jpg
ආණ්‌ඩුව යෝජිත විශ්‍රාම වැටුප් පනත අත්හිටුවන්නට තීරණය කළේ ආණ්‌ඩුවටම බරපතල හානියක්‌ සිදු වූවාට පසුවය. පෙරේදා (30 දා) කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් විශ්‍රාම වැටුප් පනතට දැක්‌වූ විරෝධය අවසන් වූයේ පොලිසියේ හිතුවක්‌කාර වෙඩි තැබීමකින්ද පසුවය. තවත් සිය ගණනකට තුවාල සිදුවිය. කලහකාරී ලෙස හැසුරුණු සේවකයන් විසින් පොලිසියට එල්ල කරන ලද ප්‍රහාරයද දැඩි විය.

කටුනායක - ඇවරිවත්ත මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණු සේවක පිරිස්‌ ඉවත් කිරීමට පොලිසිය ගත් ප්‍රයත්නයට හරස්‌ වූ සේවකයන් විසින් එල්ල කරන ලද ගල් මුල් ප්‍රහාර නිසා කුපිත වූ පොලිසියෙන්ද එයට ප්‍රතිචාර දැක්‌වූ බව පොලිසිය කියයි. විරෝධතාකරුවන්ගේ ප්‍රහාරවලින් නියෝජ්‍ය පොලිස්‌පති රවි විඡේගුණවර්ධන මහතා ඇතුළු පොලිසියේ 18 ක පමණ තුවාල ලබා තිබිණි. පොලිස්‌ පරීක්‌ෂකවරයකු, උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුද, තවත් පොලිස්‌ කොස්‌තාපල්වරුද ඒ අතර වූහ.

මෙහිදී දෙපක්‍ෂයේම හැසිරීම් වඩාත් කලහකාරී වී තිබේ. පොලිසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස්‌ ප්‍රහාර හා බැටන් පොලු ප්‍රහාරද විරෝධතාකරුවන් පසු බැස්‌වීමට සමත් වුවද පොලිසිය දිගින් දිගටම එලව එලවා පහර දෙන්නට වීම නිසා තත්ත්වය වඩාත් බරපතල වූ බව අවට සිද්ධිය දුටු අය කියා සිටියහ.

නිල ඇඳුම් සහිත පොලිස්‌ නිලධාරීන් කර්මාන්තශාලාවල ගේට්‌ටු කඩා ගෙන ඒවා ඇතුළට රිංගා අලාභහානි කළ බවටද චෝදනා නැඟෙයි. එසේ ලුහුබැඳ ගොස්‌ ඒවායේ සිටි සේවකයන්ට පහර දුන් බවද කියති. ඇතැම් සේවක සේවිකාවන් පොලිසියෙන් බේරා ගැනීම සඳහා කර්මාන්තශාලාවල තාප්ප කඩා ඔවුන් වෙනත් මාර්ගවලින් පිටත් කර යෑවීමට සිදු වූ බවද සමහරු කීහ.

අද අප කටුනායක එම සිදුවීම උද්ගත වූ ප්‍රදේශයේ කළ සංචාරයකදී එසේ කඩා බිඳ දැමූ තාප්ප යළි ඉදිකරන ආකාරයද දැක ගත හැකි විය. මේ සිද්ධියේ බරපතලම ෙ€දවාචකය වන්නේ පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින් සිහිසුන්ව සිටින තරුණ කම්හල් සේවකයෙකි.

අපට දැනගන්නට ලැබුණු අන්දමට මෙම තරුණයාගේ නම රොෂෙන් චානකය. විසි දෙහැවිරිදි තරුණයකු වූ ඔහු මෙම රැකියාවට පැමිණ මාස හතරකට වඩා නැත. ඔහුගේ උදර ප්‍රදේශයට වෙඩි වැදී තිබෙන අතර මේ වන විට ඔහුගේ දකුණු පාදයද සැත්කමකින් ඉවත්කර තිබේ. ඒ හැර ඔහුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බරපතල හානි සිදුවී තිබේ.

මෙම වෙඩි වැදුණු තරුණයා රෝහල කරා ගෙන ගිය වාහනයටද පොලිසිය පහර දුන් බව කියති. ඒ අවස්‌ථාවේදී ඔහු රැගෙන ගිය පිරිස ඔහු අතහැර පැන ගොස්‌ ඇත. අනතුරුව ඔහු රෝහලට ගෙන ආවේද පොලිසිය විසින් බව කෙනෙක්‌ අප සමඟ කීය.

රාගම ශික්‌ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැනට ප්‍රතිකාර ලබන රොෂෙන් චානක පිළිබඳ සොයා බැලීමට ගිය අපටද විවිධ බාධා කිරීම් සිදුවිය. රෝහල් ආරක්‍ෂක අංශය හා පොලිසිය "දිවයින" ඡායාරූප ශිල්පී නිශාන් එස්‌. ප්‍රියන්ත අත්අඩංගුවට ගෙන රඳවා ගත්තේය.

අනතුරුව ඔහුගේ ඡායාරූප පරීක්‍ෂා කර බලා ඔහු නිදහස්‌ කර ඇත. කෙසේ හෝ රොෂෙන්ගේ පියා එහිදී මැදිහත්වී අපට අනුග්‍රහ දැක්‌වූයේ ඉතා හැඟුම්බරවය.

"මේ මගේ පුතා. වෙඩි කාල ඉන්නේ ඒ අහිංසක දරුවා. ඔයගොල්ල ඕන තරම් පින්තූර ගන්න. මමයි කියන්නේ. මීට වඩා විපතක්‌ අපට වෙන්න බෑ, ඒක වහන්නයි පොලිසිය හදන්නේ."

රොෂෙන්ගේ පියාගේ වචන නිසා පොලිසියත්, ආරක්‍ෂක භටයෝත් පසුබැස ගියහ. අපට ඔහුගේ ඡායාරූප කීපයක්‌ම ගත හැකි විය. රොෂෙන්ගේ මවත් ඔහුගේ සහෝදරයා හා සහෝදරියකුත් එවේලේ අපට හමුවිය. වෙඩි වැදුණු රොෂෙන් පවුලේ සිව්වැනියාය. රොෂෙන්ගේ මව අප සමඟ මෙසේ කීවාය. මවගේ නම ඩබ්ලිව්. ඩී. ස්‌වර්ණ කාන්තිය.

"මගේ පුතා හරිම අහිංසක දරුවෙක්‌. කාටවත් හිරිහැර කරන අයෙක්‌ නෙවෙයි. මේ රස්‌සාවට ගිහිල්ලා මාස හතරයි. එයා කිය කියා හිටියා ඩ්‍රයිවින් ලයිසන් එකකුත් ගන්න ඕනෑ කියලා. අපේ ගේ දොරත් අලුත් කරගන්න එයාට ඕනෑ වුණා. මං හිතුවෙ නෑ මෙහෙම විපතක්‌ ඔළුවට කඩා වැටෙයි කියලා. අම්ම කෙනෙකුට මේ වගේ දුක්‌ ගින්දරක්‌ දරා ගන්න බෑ. මෙහෙම තමන්ගේ දරුවෙක්‌ ඉන්නව දකින්න පුළුවන් මොන අම්මටද? අනේ දෙයියනේ ඒ දරුව කරපු වැරැද්ද මට කියන්න."

ඇගේ විලාපය අපටද හැඬුම් එන තරම් දැඩි විය.

රෝහලෙන් පිටත්වූ අපි යළිත් ගැටුම් හටගත් ප්‍රදේශයේ සැරිසැරිවෙමු. හාත්පස දැඩි රැකවල් විය. අවට පාළු ස්‌වරූපයක්‌ ගත්තේය. ප්‍රහාරයට ලක්‌ වූ වාහනද අපට දැක ගත හැකි විය. හැම තැනම ගල් මුල් හා විවිධ දේවල් විසිරී තිබිණි.

කෙසේ හෝ මෙම ගැටුම රජයට මෙන්ම පොලිසියටද බරපතල කැළලක්‌ එක්‌කර තිබෙන බවද සැඟවිය නොහැක.


250494_189198681130817_100001220606610_534908_5123832_n.jpg

Mahinda_balasuriya.jpg

MB311A.jpg

IGP_Mahinda_Balasuriya_and_his_Wife.jpg

22.03.2010_mtv_attack_6.jpg

 
Last edited:
  • Like
Reactions: cresendo

Akatosh

Banned
Jun 1, 2011
55
4
0
මෙහෙම නේ එහෙනම් එන්න ඕනේ? පොලිස්පති ආචාර්යය මහින්ද බාලසූරිය.
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මෙහෙම නේ එහෙනම් එන්න ඕනේ? පොලිස්පති ආචාර්යය මහින්ද බාලසූරිය.

අචාර්‍ය හරි මහාචාර්ය හරි එයා තමයි අස්වෙල තියෙන්නෙ.
:lol::lol::lol:
 

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    me mona ammata hukana police da ban lankawe inne,ai ban mun mehema sakkili wada karanne
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Attha ban mun License Kalakanni Unta Hithak Papuwak Nahe :angry:

    අර වෙඩි වැදුන කොල්ලව පොලිසියෙන් ඉස්පිරිතලෙට ගෙනියන්න දීල නැහැ. පස්සෙ පොලිසියෙන්ම තමයි ගෙනියලත් තියෙන්නෙ. අපරදෙ කකුලක් කපල.
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    බඩේ තරම දැක්කම කියන්න පුළුවන් සේවයේ තරම.:lol: