කාගේ හෝ උවමනාවකට නිදන් හාරන්නට විලච්චියට ගොස් සිටියදී ගම්වැසියන්ගේ විරෝධය මැද පළා ආ පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම වෙනුවෙන් අභීතව පෙනී සිටීමට පොලිස්පතිතුමා තරමක් පසු වී හෝ වීරෝදාර ලෙස ඉදිරිපත් වී තිබේ.
ඔහු විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් කියන පරිදි විලච්චිය සියවලාපිටිය ප්‍රදේශයේ වැවක් පිළිසකර කරමින් සිටි බැකෝ රථ රියැදුරෙකුට මිලකළ නොහැකි යම් වස්තුවක් ලැබී ඇති බවත්, බැකෝ රියදුරු විසින් එම වස්තුව අසල ස්ථානයක සැඟවීමෙන් පසුව එය සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බවට තමාට පොලිස් මූලස්ථානය හරහා මැයි 01 වැනිදා තොරතුරක් ලැබුණු බවද ඔහු හෙළි කර ඇත. පසුව වහාම ක්‍රියාත්මක නොවුනහොත් සොරුන් එම වස්තුව රැගෙන යාමට ඉඩ ඇති බැවින්, එය සැඟවූ ස්ථානය දන්නා කිහිපදෙනෙකු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පිරිසක් එම ස්ථානයට පිටත් කර හැරි බවද එහි දැක්වේ. තොරතුරු දැනුම් දුන් පිරිස සමග එම ස්ථානය පරීක්ෂා කර නීත්‍යානුකූලව එම භාණ්ඩය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට ගිය බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවද එම නිවේදනයෙන් කියා සිටී.
බැකෝ රියදුරා කියන පරිදි ඔහුව අදාළ ස්ථානය හෑරීමට රැගෙනවිත් තිබෙන්නේ හිසට ගිනි අවියක් එල්ල කරලා ය.
අපට දැන් තේරෙන පරිදි නම් මේ බඩු ම තමා ය. බඩු කියන්නේ නිදන් නොව නිදන් හාරපු කට්ටිය ය. ඒගොල්ලෝ නම් අරගොල්ලෝ ම තමා ය.
නැතිනම් මෙයා මෙසේ සිරිසඟබෝ වෙන්න යන්නේ අහවල් එකකට ද?
මෙහෙම ගියොත් කටුගෙය බින්දේ මම යයි ජගත් බාලසූරිය ජාතික උරුම ඇමති ඉදිරිපත් වන්නට පවා ඉඩ තිබේ.
කවි පදය ප්‍රමිලා බිසව සමග අනියම් සම්බන්ධයක් පැවැත්වීම නිසා දංගෙඩියට යාමට සිදු වූ දස්කොන් කී බවට ජනප්රවාදයේ එන කවියක පදයකි.
විසැස් කමලාව රස පහස නොවිඳමා
දසිස් දුනි පොරණ ඇසු දුටු පමණටමා
වෙසෙස් ඔබගෙ අමයුරු පහස ලත් මෙමා
මහිස් එකක් දුනි නම් ඔබෙ නමට කිමා

Last edited: