පොලිස් කතාවක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    repost nam soryyy kiwuwa



    පොලිස් කතාවක්



    මේකත් ප්‍රසිද්ධ පොලිස් කතාවක්…… ඒ වුනාට මේකේ කියවෙන කතාව අදටත් අදාල හින්දා මේක දාන එකේ වැරද්දක් නෑ මම හිතන්නේ……

    දවසක් පොලීසියට බැ‍ඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යාලයට ගිහින් තියනවා සම්මුඛ පරීක්ෂණයකට (අර සිංහලෙන් Interview කියන්නේ… අන්න ඒකකට)

    දැන් මේ කොල්ලගෙන් පොලිස් අධිකාරිතුමා ප්‍රශ්ණ අහනවලු….. ඔහොම අහල අහල අන්තිමට ඇහුවලු මෙහෙම ප්‍රශ්ණයක් “ කව්සිළුමිණ ලියුවේ කවුද ? ” (පැහැදිලි කිරීමයි: කව්සිළුමිණ කියන්නේ පරණ පොතක්. මමත් ඒක ලීවේ කවුද තියා ඒක දැකලවත් නෑ)

    දැන් මේ පොර උත්තරේ දන්නේ නැතිව සිරාවටම කල්පනා කරනවලු…… පොලිස් අධිකාරිත් ලඟදී සේවයට ආපු හොඳ මනුස්සයෙක් නිසා කීවා “හදිස්සියක් නෑ හෙමිහිට කල්පනා කරලා කියනවකෝ” කියලා……

    මේ අතර පොලිස් අධිකාරිවරයට විනාඩි 5කට විතර කාර්යාලයෙන් එලියට යන්න වුනා….. පොර යන ගමන් එතන එලියේ හිටපු රාළහාමි කෙනෙකුට කථාකරලා (අර සිල්වා රාළහාමිගේ ජාතියේ පුරාණ ඩයල් එකක්) කීවා “මම එනකන් අර මගේ ඔෆිස් එකේ ඉන්න කොල්ලගෙන් කව්සිළුමිණ ලියුවේ කවුද ? කියලා අහල තියාගන්නවා” කියලා…..

    දැන් විනාඩි 5කින් පොලිස් අධිකාරිවරය ආපහු එනවා… එතකොට පොර තමන්ගේ ඔෆිස් එක ඇතුලේ දකින දර්ශනය මෙහෙමයි……..

    අර කොල්ලා පුටුවත් පෙරලගෙන හතරගාතේ දාලා බිම වැටිලා ඉන්නවා…… රාළහාමි එතනම ආඩම්බර තාලෙට උඩු රැවුල කරකව කරකවා ඉන්නවා…….

    අපිට වගේම මේක දැකලා ලොක්කටත් මඤ්ඥං හින්දා ඇහුවා “මොකද අයිසේ මේ වෙලා තියෙන්නේ” කියලා….. එතකොට අර රාළහාමි උත්තර දෙනවා……

    “සර්…. සර්ලත් නිකන් මේ පොරවල් හුරතල් කරනවනේ…… මම දෙකයි ඇන්නේ මේකා යස අගේට ඔය පිළිගත්තේ කව්සිළුමිණ ලීවේ ඌ කියලා………..”
    57.gif
    57.gif
    57.gif
    57.gif
     
    Last edited:

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Sri Lanka Police Department

    Ado Ape Deparment wala oya wage Modayo nehe Harida..?
    Police Department 1th ekka sellam Danna Epa..
    Jocke 1 nisa Adata Samawa Denawa...