පොලිස් ඝාතන රැල්ල දිගටම - තවත් සැකකරුවෙක් "
පොලිස් ඝාතන රැල්ල දිගටම - තවත් සැකකරුවෙක් අත්අඩංගුවේදී මරා දමයි
හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකු ඊයේ වේවැලිගොඩ ප්රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලීසිය පවසන්නේ මොහු පාතාල කල්ලි සාමාජිකයෙක් බවයි. දෙමටගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගත් ඔහු වේවැල්ගොඩ ප්රදේශයේ සඟවා තිබූ හෙරොයින් තොගයක් පෙන්වීම සදහා රැගෙන ගිය බවත් එහිදී ඔහු පොලිස් නිලධාරීන් වෙත අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර පලා යාමට තැත් කළ අවස්ථාවේදී තැබූ වෙඩි තැබීමකින් ඔහු මිය ගිය බවත් පොලීසිය පවසයි.
කෙසේ වෙතත් පොලීසිය විසින් අත්අඩංගුව ගෙන මේ ආකාරයට ආයුධ පෙන්වීමට ගොස් විශාල පිරිසක් මේවන විට මියගොස් තිබේ. පසුගිය සතිය තුළ පමණක් මෙවැනි සිදුවීම් තුනක් පමණ වාර්තාවිය. එබැවින් මෙම ඝාතන මාලාව සම්බන්ධයෙන් අප හමුවේ බරපතල සැකයන් මතුවේ.
මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තාවී තිබියදී ඊට මුහුණදීම සදහා පොලීසිය මෙතෙක් අසමත්වීම.
සැකකරුවන් ආයුධ පෙන්වීමට යාමේදී මාංචු නොදමා රැගෙන යාම.
සෑම සැකකරුවෙක්ම අත්බෝම්බයකින්ම දමා ගැසීම.
ඉන් කිහිපයකි.
LT