පොලිස් නිලධාරීන් ඝාතනයවීම තවම අභිරහසක්

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    පොලිස් නිලධාරීන් ඝාතනයවීම තවම අභිරහසක්

    5c028b8a71718_file.png


    ඊයේ මඩකලපුව වවුනතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදෙමින් සිටියදී පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය මේ වනවිට අභිරහසක් බවට පත්ව තිබේ.

    මෙසේ මියගොස් ඇත්මත් වවුනතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජිකාරි කළ පොලිස් කොස්තාපල්වරුන් වන නිරෝෂත් ඉන්දික ප්රසන්න උඩුගම (35)සහ ගනේෂ් දිනේෂ් (28) යන දෙදෙනාය.
    පොලිස් කොස්තාපල් නිරොෂන්ගේ සිරුර පොලිස් මුරකුටියේ තිබුණ ඇඳක් මතද අත් පසුපසට කර ලණුවකින් ගැටගැසූ දිනේෂ්ගේ සිරුර මුරපොළ ඉදිරිපිටද වැටී තිබී ඇත. දෙදෙනාටම වෙඩි තබා තිබූ අතර හිසේ හා පපුවේ තුවාල තිබී හමුවී ඇත.nටී 56 හිස්උණ්ඩ 05 ක් පමණ අපරාධය සිදුකළ ස්ථානයේ තිබී ඇත.

    පොලිස් නිලධාරින් දෙදෙනා බ්රහස්පතින්දා (29) සවස 6.00 සිට සිකුරාදා අලුයම 6.00 දක්වා රාජකාරී කරන්නට එහි රැඳී සිට ඇත. මුරපොළ පිහිටා ඇත්තේ පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර එකහමාරක් පමණ දුරින් බවත් වාර්තා විය එදින විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්රියාත්මකවූ බවත් ඒ නිසා මෙම දෙදෙනාට අමතරව තවත් කෙනෙකු සිද්ධිය වූ දින සවස 6 සිට රාත්රී 10 පමණ තෙක් තෙවැන්නෙකු ලෙස අදාළ මුරපොළේ රැඳී සිට ඇති බව වාර්තා විය.

    මෙම මුර පොළේ රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි අධික්ෂණය කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකුද එදින මධ්යම රාත්රියේ මුරපොළ වෙත ගොස් තිඛෙන බවද සැලවිය.දැනට සිදුකර ඇති මූලික පරීක්ෂණ අනුව ඝාතන සිදුවන්නට ඇත්තේ අළුයම 1-3 අතර බව පැවසේ.

    උදේ 6 ට ඊළඟ මුරය සඳහා රාජකාරියට ගිය දෙදෙනාට මෙම මළ සිරුරු හමුවීමෙන් පසු ඝාතනය ගැන දැනගන්නට ලැබුණි.

    වටුනතිව් පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් පරික්ෂණ ආරම්භ කරනු ලැබුයේ ඉන් පසුවය. ෙමෙම පොලිස් මුරපොළ පිහිටා ඇත්තේ මඩකලපුව කලපුව ආසන්නයේ පාලම අසලය. මෙම සිදුවීමෙන් පසු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු විහේෂ කන්ඩායමක්ද මේ ගැන සොයාබලන්නට ගොස් තිබේ.


    මෙම ක්රියාව කවරකු විසින් සිදු කරන ලද්දක්දැයි තවම තහවුරුවී නැත.

    https://www.hirugossip.info/police-officers-death-mystery
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    http://www.lankadeepa.lk/news/වව්නතිව්-ඝාතනයට-කිලිනොච්චියෙන්-අයෙක්-අත්අඩංගුවට/101-541421

    තරිඳු ජයවර්ධන

    වව්නතිවුහිදී පොලිස් නිලධාරීන් දෙදෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව එක් සැකකරුවකු කිලිනොච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    මෙම සැකකරු ඊට දිනකට පෙර වව්නතිවු ප්‍රදේශයට ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත්තත් නිශ්චිතවම ඔහු මේ අපරාධයට සම්බන්ධදැයි මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවත් පොලිසිය පවසයි.

    ඊයේ දින සිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චියේ ඔහුගේ නිවස අවට පොලිස් රැකවල්ලා තිබී ඇත. පොලිසියෙන් ඔහුගේ නිවසට යන විට ඔහු සිට නැති අතර ඔහු නිවසට පැමිණි පසු පොලිසිය ආවේ ඇයිද බැලීමට පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම පුද්ගලයා 48 හැවිරිදි අයෙකි.