පොලිස් නෝනලාට තරු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොලිස් නෝනලාට තරු


    56387523_337945480169507_6491252905037791232_n.jpg


    පොලිස් නෝනලාට තරු



    බාහිර ස්වරුපයෙන් මිනිසුන් මනින්න උත්සාහ කරන්න එපා...මෙම ලිපිය කියවන්න.
    හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා

    හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
    හීන්බන්ඩාගේ රැවුල හා ගැමි පෙනුම නිසා ඔහුට ඇත්තේ වයසට වඩා මහලු පෙනුමක්. ජාතික ඇඳුම ඇන්දත් නිතර බුලත්විට කෑම නිසා පිරිසිදු බවක්නම් පෙන්නුම් නොකරයි.

    කුරුනෑගල දිසාවේ ඈත පිටිසර ගමක හැදී වැඩී තාමත් එහිම පදිංචි හීන්බන්ඩා සති අන්තයේ සුපුරුදු පරිදි ගෙදර එනවිට ඔහුගේ තිරික්කලයේ බඳින නාම්බන් වස්සා හොරු ගෙනිහින් තිබුනි.

    සෑම සෙනසුරාදාවකම උදේ නගරයේ පොලට ගොස් ගෙදර අයට සතියක් කෑමට අවශ්‍ය එලවලු, තුනපහ, සමග බුලත් විට කෑමට අවශ්‍ය හුනු දුම්කොල ආදිය ගෙන ඒම ඔහුගේ සිරිතයි.

    ගොන් වස්සා නැතිවීම ගැන පැමිනිලි කිරීමට පොලිසියට යාමට සිතා හිටි හෙයින් ඔහු උදයෙන්ම නගරයට ගියේය.

    නගරයේ කුඩා කඩයකින් ලැවරියා දෙකක් කා තේ කෝප්පයකින් සප්පායම් වී රට දුම්කොල බුලත් විටක්ද කටේ රුවා ගත්තේය….
    පොලිසියට ගොඩවනවිට උදේ නවයත් පසුවි ඇතිබව දුටුවේ එහි බිත්ති ඔරලෝසුවෙනි.

    පැමිනිලි අංශයට දුර තියාම එබිකම් කල හීන්බන්ඩා එහි ආලින්දයේ වූ පුටු දෙකින් එකක වාඩි විය. එහා මෙහා ගමන් කරන පොලිස් නිලධාරීන් හැරුනුවිට මේසයක පුටුවක සිට රාජකාරි කරන නිලදාරියෙක් ඔහු දුටුවේ නැත.

    සෑහෙන වෙලාවක් ගිය පසු පොලිස් නිලධාරියකු ඔහු ඇමතීය…
    “ඇයි ලොකු උන්නැහේ…”
    “පැමිනිල්ලක් දාන්ට රාලහාමි…”
    “පැමිනිලි ලියන රාලහාමි තාම ඇවිල්ල නෑ… එනකම් ඉන්ට වෙයි. හා… බුලත් විට කනව නේද…. මිදුලෙ කෙල ගහනවා හෙම නෙවෙයි….”

    තවත් පැය බාගයක් පමන ගියවිට පොලිස් කාන්තාවෝ දෙදෙනෙක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හිමින් ගමනින් ඔහු සිටින තැනට ආහ.
    එහි වූයේ පුටු දෙකකි. එකක හීන්බන්ඩා ඉඳගෙනය….
    “ලොකු උන්නැහැ පොඩ්ඩක් ඔතන ඕනෑ..” කියන්ටත් ඔහු නැගිට පුටුව ඉඩ දුනි.

    විනාඩි දහයක් පමන ඕපාදූප කතාකිරීමෙන් පසුව එක් පොලිස් කාන්තාවක් හීන් බන්ඩා දෙස බැලීය….
    “මේ උන්නැහැ මොකද…”
    “පැමිනිලි ලියන රාලහාමි එනකම් නෝනා….”

    “අද පැමිනිලි ලියන්නේ මමයි… මොකක් ගැනද පැමිනිල්ල….”

    “මගෙ හරකෙක් හොරු ගෙනිහිං නෝනා….”
    “හයියෝ ලොකු උන්නැහේ… හරකෙක් නැති උනානම් ගමේ ඇවිදල හොයාගන්නව මිසක් මෙහෙ ආවෙ අපිට වද දෙන්නද….”
    “හා.. හා… එනව බලන්න…”

    මෙසේ කියූ පොලිස් කාන්තාව ඇගේ මේසයේ පුටුවේ ඉන්දගත්තාය. පැමිනිලි කරුට ඉඳ ගැනීමට පුටුවක්ද එහි නැත.
    හීන් බන්ඩා හිටගෙනම පැමිනිල්ල ඉදිරිපත් කලේය

    “ලොකු උන්නැහේ ඉස්සරහට ඇවිල්ලා කෙලින් ඉන්න…. වටපිට බලන්නයි වැනෙන්නයි එපා… මට තව වැඩ තියෙනවා…”

    “තමාගේ නම…?”

    “දිසානායක මුදියන්සේලාගේ හීන්බන්ඩා”

    “පදිංචිය…?”

    “හෙට්ටිපොල…”

    “වයස…?

    “54 යි…”

    “රැකියාවක් කරනවද…”

    “ඔව් නෝනා…”

    “මොකක්ද….?”

    “මොනරාගල නෝනා….”

    “”හයියෝ… වද දෙනවා… ලොකු උන්නැහේ… අහන ප්‍රස්නෙට උත්තරේ දෙනවකො… රැකියාව මං ඇහුවෙ …?”
    “දිසාපති කන්තෝරුවෙ නෝනා….”

    “හයියෝ… හැමනෙනවා… සාජන් මහත්තයා මේ බලන්නකෝ…. පැමිනිලි ලියන්නෙ කොහොමද අහන ප්‍රස්නෙට නෙවෙයිනෙ උත්තර දෙන්නෙ….

    ඇතුලේ ශාලාවෙන් එලියට ආ සාජන් මහතාද ඇයට සහාය විය….
    “මේ නාකියා… අපිට වැඩ තියෙනවා…. ඔය නෝන අහන ප්‍රශ්නෙට උත්තරේ දෙනවා….”

    “මොකක්ද රැකියාව…?”
    “දිසාපති කන්තෝරුවෙ නෝනා….”

    “දිසාපති කන්තෝරුවෙ කියල බෑ ලොකු උන්නැහේ…. එතන මොකක්ද කරන්නෙ කියල කියන්න ඕනැ…
    ලොකු උන්නැහැ එතන පියන් කෙනෙක්ද, කම්කරුවෙක්ද, ක්ලාක් කෙනෙක්ද, එහෙම නැත්තං මහ දිසාපතිද කියල කියන්න ඕනැ….”
    “නෝන එහෙම ලියාගන්නකො…”
    “මොකක්ද…”
    “මහ දිසාපති කියලා…”
    “ලොකු උන්නැහැ මේ…. විහිලු කරන්ටත් ගත්තද…. එතන කරන රස්සාව කියනවා මට ලියාගන්ට….”
    “නෝන… මහ දිසාපති කියල ලියාගන්ටකෝ…. ” කියමින් හීන් බන්ඩා මහ හඬින් සිනාසුනේය…

    හීන් බන්ඩාගේ මහා සිනාවටත්, අවසන් පිලිතුරටත් නලල රැලි ගන්වාගත් පොලිස් නිලධාරිනියට දෙපතුල දිගේ දැනුනු හිරි වැටීමක් මුලු සිරුර පුරාම ගමන් කරනු දැනුනි….

    අසුනෙන් නැගිටගත් පොලිස් නිලධාරිනිය වහා දිවගියේ ස්ථානාධිපතිවරයාගේ කාමරයටයි….
    තත්පර ගනනකින් ස්ථානාධිපතිවරයා හීන් බන්ඩා ඉදිරියට පැමිනියේය….

    “මේ මහත්තය කවුද….” ස්ථානාධිපතිවරයා විමසීය…

    “මම ඩී ඇම් හීන් බන්ඩා…. මොනරාගල මහ දිසාපති. මම පදිංචිය හෙට්ටිපොල. මම උදේ නවයට පොලිසියට ආවෙ මගෙ හරකෙක් නැතිවෙලා පැමිනිල්ලක් දාන්න. දැන් වෙලාව එකොලහමාරයි.. දැන්නම් මගෙ හරක මට නැති උනත් කමක් නෑ… ඕවයිසී මහත්තයා ඔයාගෙ නිලධාරීන්ට කියාදෙන්න මිනිස්සුන්ට ආචාරශීලීව රාජකාරි කරන හැටි….”

    “අනේ… දහස් වාරයක් සමාවෙන්න සර්….
    සර් ගෙදර යන්න…. මම හරකා හොයලා දෙන්නම්….”

    හීන්බන්ඩා මහ දිසාපති තුමා පොලටත් ගිහින් ගෙදරට එනවිට නැතිවූ හරකා කඩුල්ලේ කනුවක බැඳ සිටිනු දක්නට ලැබුනි….
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    disapathila harak gopalu kollonge wada karanawa..gopollu kollo disapathilage wada karanawa...ratakata giya kalak
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාවෙ පොඩි ජොබ් කරන හුත්තිගෙ පුතලා තමුන් ගැන හිතාගෙන් ඉන්නෙ හරි ඔලුවෙන්. මිනිහෙක්ව ඇදුමින් මනින්න තමයි හැමතිස්සෙම පුරුදු වෙලා ඉන්නෙ. සපත්තු දාගෙන කලිසමයි, ශර්ට් එකයි දාගෙන ගියොත් ඌට සර් කිය දෙකට තුනට නැමෙනවා. ඩෙනිමයි බාටා දෙකයි දාගෙන් ගියොතින් ඔයා, මෙයා, ඕයි, මල්ලි, අයියා. හැමතිස්සෙම පහත් තැනින් තමයි වතුර ගලන්න දගලවන්නෙ.

    මේ රට හදන්නත් බැරි ඕකයි. බැංකුවල වැඩකරන අකවුන්ටන් උන් හිතන් ඉන්නෙ උන් රටෙ මහ බැංකුවෙ ලොක්කා කියලා මෝඩ හැත්ත.

    පිරුණු කලේ දිය නොසැලේ කියලා කියන්නෙ ඔන්න ඔය නිසා. බාගෙට පිරිච්ච කලේ හැම තිසෙම මහ හයියෙන් චොක චොක ගානවා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේක කියවද්දි මට ආපු එකම ප්‍රශ්නෙ ලැවරියා දෙකක් කාලා, තේ බීලා රට දුංකොල එක්ක බුලත් විටක් කනවා බලං හිටපු පරයා මොකාද
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේක කියවද්දි මට ආපු එකම ප්‍රශ්නෙ ලැවරියා දෙකක් කාලා, තේ බීලා රට දුංකොල එක්ක බුලත් විටක් කනවා බලං හිටපු පරයා මොකාද

    :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේක කියවද්දි මට ආපු එකම ප්‍රශ්නෙ ලැවරියා දෙකක් කාලා, තේ බීලා රට දුංකොල එක්ක බුලත් විටක් කනවා බලං හිටපු පරයා මොකාද

    :lol:

    Me kathawa henama boruwak
    Tamil film wala wage athal ekak denna liyapu ekak