පොලිස් මුරපොල ඉවතට – පක්ෂ මැතිවරණ කාර්යාලş
පුත්තලම බස්නැවතුම්පලේ පවත්වාගෙන ගිය පොලිස් මුරපොලක් ඉවත් කොට එම ස්ථානයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආසන කාර්යාලය ආරම්භ කර ඇති බව කැෆේ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
මෙය බරපතල ලෙස රාජ්‍ය දේපල අයථා පරිහරණය කිරීමක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. මෙය ඊයේ නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත වූ බවද එම නිවේදනය දක්වා ඇත.
එසේම මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල රාජ්‍ය දේපළ , වාහන සහ වෙනත් උපකරණ මැතිවරණ ව්‍යාපාරය සදහා වැඩිවශයෙන් යොදාගැනීමක් දක්නට ලැබෙන බවද ඔවුන් පවසයි. මේ සිදුවීම් තමන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළබවත් එහි වැඩිදුරටත් දැක්වේ.
source: http://www.udayata.com/?p=4024