පොලිස් රථයට යටවී රගර් නායකයා මරුට

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
පොලිස් රථයට යටවී රගර් නායකයා මරුට

පොලිස් රථයට යටවී රගර් නායකයා මරුට
2015.11.22
=============================

කුරුණෑගල - පුත්තලම මාර්ගයේ සාරගම ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පොලිස් ජීප් රථයකට යටවීම නිසා කුරුණෑගල මලියදේව විද්‍යාලයීය රගර් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ රුක්මාල් ඉන්දික දලුවත්ත ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් විය.

සාරගම වැව අයිනේ නවතා තිබූ ‍වෑන් රථයක දොරක් එහි රියදුරා විසින් එක්වරම විවෘත කිරීම නිසා දලුවත්ත විසින් පදවමින් සිටි යතුරු පැදිය එම දොරේ වැදී බවත්, එහිදී යතුරුපැදියේ පාලනය ගිලිහීම නිසා මාර්ගය මැද ඇද වැටුණු දලුවත්තගේ සිරුර මතින් ඊට පසුපසින් පැමිණි පොලිස් ජීප් රථය ධාවනය වී ඇති බවත් දැනට සිදු කර ඇති පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම අනතුරට සම්බන්ධ පොලිස් ජීප් රථය සහ වෑන් රථය කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පොලිස් ජීප් රථය කොටවෙහෙර පොලිස් ස්ථානයට අයත් එකකි.

වෑන් රථයේ දොරෙහි දලුවත්ත මහතා‍ගේ යතුරුපැදිය ගැටුණු ස්ථානය ඇඹරී ගොස් ඇති අයුරුද දැකගත හැකි විය.

මෙම අනතුරින් ඉන්දික දලුවත්තගේ අතකට සිදු වී තිබූ සීරුම් තුවාලයක් හැරෙන්නට කිසිදු බාහිර තුවාලයක් සිදු වී නොතිබීම විශේෂත්වයකි.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඉන්දික දලුවත්ත පාසල් සමයේදී රගර් සහ මලල ක්‍රීඩාවන්හි දක්ෂයෙකු ලෙස ප්‍රකටව සිටියේය.

2003 වසරේ මලියදේව විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකත්වයද හෙබ වූ රුක්මාල් ඉන්දික දලුවත්ත මලියදේව විද්‍යාලීය වර්ණලාභියෙකු ද වෙයි.

ඉන්දික දලුවත්ත මහතාගේ දේහය තිත්තවැල්ල, ගුරුලෑපොල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසෙහි මේ වන විට තැන්පත් කර ඇති අතර ලබන ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (23 දා) මල්කඩුවාව පොදු සුසාන භූමියේදී පැවැත්වීම නියමිතය.

(කුරුණෑගල අතිරේක බණ්ඩාර රත්නායක)


11042305_706460806122604_2198092427609033556_n.jpg


12039270_706460826122602_4360243884217500451_n.jpg
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ohoma ananthawath wenawa bn
    unta ona welawata harak wage dorawal aran bahinawa
    signal nathuwa harawanawa
    eka paratama parata danawa
    maha gonnu wage parawal wala yanne
    helmet kalu vizer nemei owai balanna ona

    9Y7qmQ3.png
     

    Similar threads