පොලිස් රෙප්ලාගේ මාසික ආදායම ඉහල යෑම

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පෞද්ගලික කටයුත්තකට මාතර ගොස් එමින් සිටි ගාල්ල නගර සීමාව පසු කලා විතරයි. එක් වරම බෝක්කුවක් අස්සෙන් එලියට පැනපු පොලිස් නිලධාරියෙක් වාහනය නතර කරන ලෙස සංඥා කලා. ඔවුන් පසු කල මම වාහනය නතර කලා. වාහනය අසලට පැමිනි පොලිස් නිලධාරි තුමා “කරුනාකරල ලයිසන් අරන් එන්න කියල බොහොම කරුණාවෙන් කිව්ව.

    මමත් අවශ්‍ය ලියකියවිලි ටිකත් අරන් බැහලා පොලිස් බයිසිකලය ගාව හිටපු ලොකු නිලධාරී තුමා ගාවට ගිහිල්ල ඇහුවා ඇයි මාව නැවැත්තුවෙ කියලා.

    “මහත්තය අධික වේගයෙන් වාහනය පැදෙව්වෙ. මම අහුවා වේගය කීයද කියලා.

    “63 යි”

    “63යි??” මම පුනුරුච්චාරනය කලා.

    “ඔව්. නගර සීමාවෙ 60ට වැඩියෙන් වේගෙන් යන්න බැහැ”.මෑන්ස් හරී ආඩම්බර විදියට කිව්ව.

    “ඉතින් මෙහෙ මුකුත් වේග සීමා ගහල නැහැනෙ” කියල මම කිව්ව.

    “ගහල නැති උනාට ඒව දැනගන්න ඕන” කියල පොලිස් මෑන් කිව්ව.

    “ඔය හයිස්පීඩ් අල්ලන එක තහනම් කලා නේද උසාවි නියෝගයකින්” මම බොහොම යටහත් පහත් විදිහට ඇහුවා.

    ‘ඒ ඉස්සර” මෑන් නක්කල් හිනාවකුත් එක්ක කිව්ව.

    “හර හරි මේක දැන් උසාවි දාන්න ඕන නඩුවක්. දඩ කොලත් නැහැ.” කියල මැන්ස් නඩු ලියන පොත ගත්තා.

    ආපහු කොළඹ ඉඳන් ගාලු ඇවිත් උසාවි ගානෙ රස්තියාදු වෙන රූප පෙලක් මගෙ හිතේ ඇඳෙන්න ගත්ත.

    “මහත්තය එහෙම කරන්න එපා, ආපහු මට මෙහෙ එන්නත් බැහැනෙ. අපි ඕක ගොඩින් ඉවරයක් කරමු කියල මම කිව්ව.

    “ඔන්න ඕකනෙ. මෙ මිනිස්සුත් බලගෙන, අපිත් කරදරෙ වැටෙන වැඩ” කියල මිනිහ මට පොලිස් බයිසිකලේ පෙට්ටිය ඇරල දුන්න. පර්ස් එකෙ තිබුනු එකම දාහෙ කොලේ පෙට්ටිය ඇතුලට දාල ලයිසන් එකත් අරගෙන ආඵු වාහනයට නැග්ගෙ එල්ලුම් ගස් නොගිහින් බේරුනා වගේ සතුටකින්.

    ගාලු පාර දිගට ඉන්න පොලිස් අන්කල්ල අල්ලන වාහන වලින් හරි අඩක්වත් අනිවාර්යෙන්ම පොලිස් පොතේ ලියවෙන්නෙ නැතුව ගොඩින් ෂේප් වෙන ඒවා. ඒ ආදායම රජයට අහිමි වෙන්නෙ දඩ කොල ගෙවන්න පහසු ක්‍රමයක් නොමැති කම නිසා. දශක ගනනාවක් තිස්සෙ පවතින ක්‍රමය ඉබ්බ දියට දැම්ම වගේ පගා කාරයින්ටම හදපු ක්‍රමයක් කියල පොලිස්පති පුටුවට එන හැම පොලිස් ලොක්කම දන්නව උනත්, ඒක වෙනස් කරන්න යන්නේ නැත්තෙ ස්ට්‍රයීක් නැති පොලීසියත් ස්ට්‍රයික් කරයි කියන බයටද, නැතිනම් මම පොඩ්ඩ කාලෙ ගහපු ජරාව අනිත් පරම්පරවටත් දීමෙ සානුකම්පිත හැඟීමෙන්ද කියල හිතා ගන්න බැහැ.

    ආපහු එන අතරෙ මතක් වුනෙ සමහර රටවල අධිවෙගී මාර්ග වල තියෙන සලකුනු. සමහර මාර්ග වල තැනින් තැන වාහන වේග සීමා ඉක්මනවද කියල කැමරා/ රේඩාර් මගින් පරීක්ෂාවට ලක්වෙනවා. හැබයි ඒ කැමරා ඇති තැන් ඔවුන් මාර්ග සලකුනු මගින් පෙන්නුම් කරනව.(හරියට ඉස්සරහ පොලිස් කාරයෙක් ඉන්නවනම් ලන්කාවෙ වාහන රියදුරන් හෙඩ් ලයිට් එක ගහනව වගෙ.)

    ඉතින් මෙ මාර්ග සලකුනු දකින රියදුරන් ඉබේම තමන් ගමන් කරන වේගය අධික නම් එය අඩු කර ගන්නව. මාර්ග නීති බහුල ලෙස කඩකිරීම් සිදු වී ඇති නම් ඔහුගේ රියදුරු බල පත්‍රය අවලන්ගු වෙනව.

    ඒ රටවල එහෙම හැදිල තියෙන්නෙ, එවැනි රටවල රජයෙ අරමුණ දඩ මුදල් ආදායම නොව සැබැවටම රිය අනතුරු අඩුකර ගැනීම නිසයි.

    නමුත් අපේ රටේ මුඛ්ය පරමාර්තය දඩ මුදල් ආදායම නිසා කවදාවත් මාර්ග නීති කඩ කිරීම් අඩු වෙන්නෙත් නැහැ. පොලිස් අය්යලත් දැන් සලෙස් රෙප්ල එහෙමත් නැත්නම් ප්‍රයිවෙට් බස් කොන්දොස්තරල වෙලා. දවසෙ ටාගට් කවර් කරල තමන්ටත් ගානක් හොයා ගන්න තමයි මේ ක්‍රමය හදල තියෙන්නේ.

    ඒක නිසා, මේ ක්‍රමය මගින් කවරදාවත් මෙ අනතුරු සන්ක්‍යාව අඩු වීමක් සිදු වෙන්නෙ නැහ. ඒ වෙනුවට සිදු වෙනු ඇත්තේ රජයේ ටාගට් ආදායම ලැබීමත්, පොලිස් රෙප්ලාගේ මාසික ආදායම ඉහල යෑම පමණයි.

    ඔයා කොහොමද කියන්නෙ මේ මගෙ‍් වාහනෙ‍් ස්පිඩ් 1 කියල
    කලින් ඒකක්ද කවුද දන්නෙ
    අනික මම ගියෙ‍් ඉස්සරහ ඒකා ගිය ස්පිඩ් 1න්
    නැත්නම් පස්සෙන් ඒන ඒකා මාව යටකරන්යයි
    මම ස්පිඩ් මිටරෙ‍් බලාගෙන හරියට 50ට තියාගෙන ආවෙ
    මට මෙ‍්කෙ 55 පෙන්නන්න
    කියල කියන්න බැරි වුනාද
    අපෙ‍් යාලුවෙක් ඒහෙම කියල
    :P:P:P:P:P
    පොලිස් නිලධාරියා ටිකක් වයසක පොරක්ලු
    ඌ කිවුවලු

    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    :angry:
    හා හා පලයන් පලයන් යන්න කියලා..........

    :D:D:D:D:D:D:D:D:D
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    මච්නලා... ඔයල හෙඩ් ලයිට් ගහල එස්සරහින් එන වාහන වලට සප් එකක් දුන්නට කමක් නහ. හබයි හේඩ් ලයොට් ගහන එක තහනම් කියලත් දන ගන්න..එහෙම කරන්න එප කියල මම කියන්නෙ නහ. මොකද එක තව කෙනෙක්ට කරන ලොකු උදව්වක් නිසා.. එත් ඔයල දන්නෙ නතුව අති හෙඩ් ලයිට් ගහනවද කියල බලන්නත් තව පොලිස් කෙනෙක් ටිකක් එහායින් ඉන්නව.. එක නිසා ඔය වඩෙ කර්ද්දි පරිස්සමෙන්.. ඔකටත් දඩ ගහනවා..
    :angry:

    Machan headlight gahana eka thahanam na machan. eka thahanum kiyala kothanakawath neethiyak na. Police karayonta headlight gahuwa kiyala nawaththanna ba dhada gahanna ba.

    Ehama welawakadii katha karapan.
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Aiyo machan highspeed low eka denata neh man danna taramin,, poddak hoyala balapan,, police karayo itin mona hari kiyala keeyak hari kada ganna balanne apen,,
     
    evo77

    Member
    Dec 15, 2009
    454
    13
    0
    සියනෑ කෝරලෙ
    Machan headlight gahana eka thahanam na machan. eka thahanum kiyala kothanakawath neethiyak na. Police karayonta headlight gahuwa kiyala nawaththanna ba dhada gahanna ba.

    Ehama welawakadii katha karapan.

    නීති නතුව අති බන්.. එත් මොන නීතියද ලන්කවෙ කීයත්මක වෙන්නෙ?? policeye unta one de un karanne.. matanam oya traffic karayanwa pennanna baha.. amu pandithayo..
    umbath one nam head light gahala balapan dawalta..
    mama kiyanne colombo-kandy road 1ke situation 1ka.. mokada u kamathi naha api thawa ekekwa bera gannawata..
    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland

    දැන් මෙහෙමයි ලු උනේ. පොලිශ් කාරයා වාහන නවත්තනවා ලු.. මැන්ස්ට දෙන ජරාව දෙන්න්නේ මිනිහගේ අතට නෙවි, එතනම තියෙන පැට්‍රොල් ශෙඩ් එකේ කොලුවට. ඌ හවසට කලෙක්ශන් එක පොලිශ් කාරයට දෙනවා..

    පොරක්ව ඇල්ලුවාලු, ලයිශන් නැ කියල.. පොලිශ් කාරය කිව්වලු ජරාව ශෙඩ් එකේ මැන්ස්ට දීල යන්න කියල..

    පොර ගියාලු ශෙඩ් එකට, කොලුවට කිව්වලු, "අර රාල්හාමි කිව්වා මට එයාගෙ ගානෙන් පැට්‍රොල් ගහ ගන්න කියල"

    කොලු රාලහාමි දිහා බැලුවා.. එයත් හරි හරි කියල අත ඉස්සුවා..

    පොර ෆුල් ටැන්ක් පැට්‍රොල් ගහගෙන පොලිශ් කරයට ටටා කියල යන්න ගියාලු

    meka jokes walata daapan.. lol:D
     
    heshan4

    Junior member
  • Feb 19, 2007
    181
    2
    18
    Panadura

    දැන් මෙහෙමයි ලු උනේ. පොලිශ් කාරයා වාහන නවත්තනවා ලු.. මැන්ස්ට දෙන ජරාව දෙන්න්නේ මිනිහගේ අතට නෙවි, එතනම තියෙන පැට්‍රොල් ශෙඩ් එකේ කොලුවට. ඌ හවසට කලෙක්ශන් එක පොලිශ් කාරයට දෙනවා..

    පොරක්ව ඇල්ලුවාලු, ලයිශන් නැ කියල.. පොලිශ් කාරය කිව්වලු ජරාව ශෙඩ් එකේ මැන්ස්ට දීල යන්න කියල..

    පොර ගියාලු ශෙඩ් එකට, කොලුවට කිව්වලු, "අර රාල්හාමි කිව්වා මට එයාගෙ ගානෙන් පැට්‍රොල් ගහ ගන්න කියල"

    කොලු රාලහාමි දිහා බැලුවා.. එයත් හරි හරි කියල අත ඉස්සුවා..

    පොර ෆුල් ටැන්ක් පැට්‍රොල් ගහගෙන පොලිශ් කරයට ටටා කියල යන්න ගියාලු

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     
    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    i HATE COPS THEY HAVE A SOFT HAND FOR CRIMINALS BUT TOUGH HAND FOR INNOCENT PEOPLE WHO WILL MAKE A MISTAKE LIKE DRIVING WITH A LICENCE WHICH IS FADED CAUSE OF THE GOVERNMENT PRINTING MISTAKES...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ ටිකනම් අහල තියෙනවා

    දැන් මෙහෙමයි ලු උනේ. පොලිශ් කාරයා වාහන නවත්තනවා ලු.. මැන්ස්ට දෙන ජරාව දෙන්න්නේ මිනිහගේ අතට නෙවි, එතනම තියෙන පැට්‍රොල් ශෙඩ් එකේ කොලුවට. ඌ හවසට කලෙක්ශන් එක පොලිශ් කාරයට දෙනවා..
    මේ ටිකනම් අද ඇහුවෙ

    පොරක්ව ඇල්ලුවාලු, ලයිශන් නැ කියල.. පොලිශ් කාරය කිව්වලු ජරාව ශෙඩ් එකේ මැන්ස්ට දීල යන්න කියල..

    පොර ගියාලු ශෙඩ් එකට, කොලුවට කිව්වලු, "අර රාල්හාමි කිව්වා මට එයාගෙ ගානෙන් පැට්‍රොල් ගහ ගන්න කියල"

    කොලු රාලහාමි දිහා බැලුවා.. එයත් හරි හරි කියල අත ඉස්සුවා..

    පොර ෆුල් ටැන්ක් පැට්‍රොල් ගහගෙන පොලිශ් කරයට ටටා කියල යන්න ගියාලු

    :D:D:D:D:P
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    You have drive fast exceeding the city speed limit(s). It is offensive since you have break the traffic rules & regulations!! So the fault is yours and as a result you have been enforced a fine!

    In this process, you have been got caught by Police officers and you they have tried to enforce you a spot fine. However again you have initiated to avoid that offering bribe. Which is offensive again!! accepting bribe also offensive too.

    You people are point fingure out others but I feel that you are the solely guilty party in this incident!! Because you have initiated to both offenses! This is so poor and not acceptable! :no:

    What you try to give and show us & to the society here! No point!! Shame really!:(:sorry:
     
    Ok bro get your point. Agree with you. Give me an answer to this question.

    You get caught for high speeding 500Kms away from your home town on a saturday evening. No post office to pay the fine. What will you do?
     
    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    මචන්.. හයිස්පීඩ් අල්ලන්නෙ 70න් එහා.. අයෙත් එ නීතිය තියනව..:yes:

    නෑ මචන්
    news වලට කිව්වෙ
    ප්‍රධාන මාර්ග වල 50යි
    අප්‍රධාන මාර්ග වල 70යි කියල
    ම හිතන්නෙ මුන් ප්‍රධාන මාර්ග කියල කිව්වේ A ශ්‍රේණියේ පාරවල් වලට
     
    epeiris44

    Member
    Jul 6, 2010
    1
    0
    0
    Hi Boys and Gals,
    I am a new member of Elakiri Community and request a favour from all members.

    I am looking for a video/song by Sunil Aiyyaa ( Mama Den Bendala - Kellane !!!)

    It will be a great thing if any member could help me to get this song as I like it very much.

    Thanks boys and girls who ever read this msg.

    E. Peiris ([email protected])
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    දැන් මෙහෙමයි ලු උනේ. පොලිශ් කාරයා වාහන නවත්තනවා ලු.. මැන්ස්ට දෙන ජරාව දෙන්න්නේ මිනිහගේ අතට නෙවි, එතනම තියෙන පැට්‍රොල් ශෙඩ් එකේ කොලුවට. ඌ හවසට කලෙක්ශන් එක පොලිශ් කාරයට දෙනවා..

    පොරක්ව ඇල්ලුවාලු, ලයිශන් නැ කියල.. පොලිශ් කාරය කිව්වලු ජරාව ශෙඩ් එකේ මැන්ස්ට දීල යන්න කියල..

    පොර ගියාලු ශෙඩ් එකට, කොලුවට කිව්වලු, "අර රාල්හාමි කිව්වා මට එයාගෙ ගානෙන් පැට්‍රොල් ගහ ගන්න කියල"

    කොලු රාලහාමි දිහා බැලුවා.. එයත් හරි හරි කියල අත ඉස්සුවා..

    පොර ෆුල් ටැන්ක් පැට්‍රොල් ගහගෙන පොලිශ් කරයට ටටා කියල යන්න ගියාලු

    :P:P
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    sirawata mama thama mattu une na, but mama inna hariye okkoma police karayo adurana nisa ape vahaneta un hi speed allanne na anith pathi wala yana kota nan parissamata yanawa aththa ban mekata hoda widiyak karanna ona