පොලිසියේ_වැඩ_නිසා_සේයාගේ_මිනීමරුවා_බේරෙය

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    පොලිසියේ_වැඩ_නිසා_සේයාගේ_මිනීමරුවා_බේරෙය

    සේයා සදෙව්මි දැරිය ඝාතනයේ වගකීම භාරගන්නා බවට 36 හැවිරිදි සමන් ජයලත් නැමති සැකකරු පාපොච්ඡාරණයක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පසුගියදා දැනුම් දුන්නා. ඔහු, ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් 'කොණ්ඩයා' නම් සැකකරුවා ගේ සහෝදරයායි.

    දුනේෂ් ප්‍රියශාන්ත එම ඝාතනය පිළිගෙන පාපොච්චාරණය කළ බවයි මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිසිය කියා සිටියේ.

    එම වරදම තවත් පුද්ගලයකු එනම් ප්‍රධාන සැකකරුවාගේම සොහොයුරා සිදුකළ බවට පොලිසිය කරන ප්‍රකාශයත් සමග සේයා ඝාතන පරීක්ෂණ සිදුවී ඇති ආකාරය පිළිබඳව ගැටළු රැසක් පැන නගී.


    1. සැප්තැම්බර් 11 වන දින සේයා සදෙව්මි අතුරුදන්වීම
    2. සැප්තැම්බර් 13 වන දින දැරියගේ මළ සිරුර හමුවීම
    3. සැප්තැම්බර් 18 වන දින 17 හැවිරිදි පාසල් සිසුවකු සහ එක්දරු පියකු සැකපිට අත්අඩංගුවට ගැනීම
    4. සැප්තැම්බර් 23 වන දින ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය පැවසූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' අත්අඩංගුවට ගැනීම.
    5. සැප්තැම්බර් 24 වන දින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය නම් කිරීම සහ ඝාතනය සිදුකළ ආකාරය ඔහු පාපොච්ඡාරණය කළ බවට මාධ්‍ය වාර්තා පළවීම
    6. ඔක්තෝබර් 01 වන දින DNA වාර්තා නොගැලපීම නිසා 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා නිදහස් කිරීම
    7. ඔක්තෝබර් 03 වන දින සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට පොලිසිය පැවසූ දුනේෂ් ප්‍රියශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම
    8. ඔක්තෝබර් 05 වන දින ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්තගේ සහෝදරයා වන සමන් ජයලත් ඝාතනයේ වගකීම භාරගත් බව පොලිසිය පැවසීම


    එම පොලිස් පරීක්ෂණයේ සිදුවීම් පෙළගැස්ම සලකා බලන විට ගැටළු රැසක් මතුවන බවයි ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසි යට පවසා ඇත්තේ.

    "දැන් පොලිසියම කියනවා, සැකකරුවන් දෙදෙනෙක් පාපොච්ඡාරණය කළා කියලා. මේ වගේ වුනාම වෙන්නේ නඩුවක් ඔප්පු කරගන්න බැරි වෙන එක. DNA වගේ වෙනත් සාක්ෂි හොයාගත්තේ නැත්නම් අපරාධ විමර්ශකයෝ විශාල ප්‍රශ්නයකට පත්වෙනවා."

    නෙත්
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    e kellawa mun goda gannawa wala daanawa ,goda gannawa wala daanawa
    ballata giya neethiya.

    ඇත්ත මචන් ..! නිතිය බල්ලට ගිහින් ..!! වරදකාරයෝ නිදැල්ලේ
    ඊයේ එක දේශපාලකයෙක් ප්‍රකාශයක් කරලා තිබ්බ මේ කෙස් එකට දේශපාලන
    බලපෑමක් තියනවා කියලත්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් ඉතින් පොලිසිය ගැන තිබ්බ විශ්වාසෙත් නැතිවෙලා තියෙන්නේ.....මේ සීන් එක හින්දා.....

    අර සම්පත් බැංකුවට ඇවිත් ලක්ශ 55කුත් අරන් තනියම ගේම දුන්න එකා ගැනත් කිසි ආරංචියක් නෑ නේ
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    දැන් ඉතින් පොලිසිය ගැන තිබ්බ විශ්වාසෙත් නැතිවෙලා තියෙන්නේ.....මේ සීන් එක හින්දා.....

    අර සම්පත් බැංකුවට ඇවිත් ලක්ශ 55කුත් අරන් තනියම ගේම දුන්න එකා ගැනත් කිසි ආරංචියක් නෑ නේ

    ඇත්ත ...!! රට අරාජිත වන බවක් හැගෙනවා
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඉස්සර උනේ මුලින්ම අල්ලගන්න එකාව ආයුධ පෙන්නන්න ගෙනියල මරල දාන එක. DNA ත් නෑ වෙන සාක්කිත් නෑ.:nerd:

    ඒ ක්‍රමයෙන් මිදුණු එකනම් ඵට්ටම හොදයි බන්
    එකෙන් තමා තේරුනේ මුන් කොරල තියන බොරුව
    අහිංසක කීදෙනෙක් නම් ඔහොම මැරෙන්න ඇත්ද ??