පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන්

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන්

පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන්



attachment.php




පොලිසියත්, ( sri lanka police) ලිංගික ක්‍රියාකාරිකයනුත් අතර යහපත් සම්බන්ධයක් නැත. පොලිසියට ඒ අය අල්ලා ගැනීමට මාන බලන බව ලිංගික ක්‍රියාකාරිකයින්ගේ අදහසය. එවැනි පොලිස් භටයන් ලිංගික තෘප්තිය උදෙසා හොර රහසේ (secret) තමන් වෙතට පැමිණෙන බවත් ඔවුහු කියති. ලිංගික කටයුතු කරන අය කෙරෙහි කෙසේ පැවතිය යුතු දැයි පුහුණුවක් පොලිසියට ලැබී නැත.



මිට හොඳම නිදර්ශනය නම් ගැහැණියක (woman) ලිංගික විපත්තියකට හෝ ව්‍යසනයකට පැමිණි විට පොලිසිය (police) කටයුතු කරන විදිහ හෝ කුඩා ළමයින් ලිංගික ක්‍රියාවන්ට විට පොලිසිය ක්‍රියාකරන විදියයි. මේ සියුම් අවස්ථා සඳහා මනා අවබෝධයක් හා පුහුණුවක් පොලිසියට තිබිය යුතුය. ලිංගික ක්‍රියාකාරිකයන් අසුවූ විටද පොලිසිය ක්‍රියා කරන්නේ ඉතා දඩබ්බර ලෙසය.



ඔවුන් අල්ලා හිර කොට තබා පසුදා උසාවියට ඉදිරිපත් කිරීම පොලිසියේ කාර්‍යයයි. එහිදී ඔවුන්ට දඩ ගැසීම, හිරේ යැවීම හා වෙනත් දඬුවමක් පමුණුවනු ලැබේ. මෙය කිසිඳු අර්ථයක් නැති වැඩකි. දඩයක් ගැසුවොත් එක්කෝ එය ගණිකා නිවාසයේ අයිතිකරු ගෙවයි.නැත්නම් ලිංගික ලිංගික ක්‍රියාකාරිකයෝ පොලිසියට ගොස් මුදලකින් එය ගෙවයි. එය ආපසු ගෙවන්නට ඇය වැඩට ආ යුතුය. හිරේ ගියාට අර්ථයක් නැත. ලිංගික ක්‍රියාකාරීන් පුනුරුත්තාපනය කරන මඟක් හිරගෙදර නැත. එහිදී සිදු වන දේ නම් සමලිංගික සේවනය වැනි කටයුත්තකට හිරේදී පුරුදු වී ආපසු පැමිණීම ය.



පොලිසිය හෝ උසාවිය කරන කටයුත්ත ලිංගික ක්‍රියාකාරීන් අඩු කිරීමට හෝ නැති කිරීමට හේතු හේතු වන්නේ නැත. ඉන් සිදුවන්නේ වෙනත් මුහුණුවරකින් එය පැතිර යෑමයි. පොලිසිය අල්ලා ගන්නේ පහළ පංතියේ හා මධ්‍යම පංතියේ (පහළ) ගණිකාවන් ය (girls, prosititute). ඉහල පංති වල අය අල්ලන්න පොලිසියට නොහැකිය. තරු පහේ හෝටල් වල ඇති ගණිකා නිවාස වැටලීමට ලේසි නැත. එහි ඉන්නා කාන්තාවන් පවා ගණිකාවන් යැයි හඳුනා ගැනීම දුෂ්කරය. ඒ නිසා පොලිසියට අසුවන්නේ සමාජයේ ස්ථානය අතින් ඉතාමත් පහළ පංති වල අය පමණ ය.



පොලිසිය මේ අය අල්ලා ගත් පසු ඒ අයට හිරිහැර කරන බව කියවේ. කලකට පෙර අපි මේ අයගෙන් කොටසක් අතර “කොන්ඩම් නොමිලේ බෙදා දුන්නෙමු. නමුත් ඒවාත් සමඟ ඔවුන් අසුවූ විට පොලිසිය කිව්වේ කොන්ඩම් ළඟ ඇති නිසා උඹලා ගනිකාවන්ම බවය”. මේ මතය දුරු කිරීමට පොලිසි වලට ගොස් දේශන පැවැත්වීමට අපට සිදු විය. එය පොලිසියේ උසස් නිලධාරීන්ට ද දැනුම් දුන්නෙමු.



පොලිසිය ගණිකාවන්ට හිරිහැර කිරීම සාමාන්‍ය සිරිතයි. හිරිහැර ලබා හිමි කරගත් සමාජානුයෝජනයක යෙදුන පොලිස්කාරයා අනුන්ට හිරිහැර කිරීම තමන්ගේ මානසික සන්තර්පනයට හේතුවක් යැයි සලකයි. ඔහු ඉහළ නිලධාරීන්ගෙන් ලබන හිරිහැර සමාජයේ ජිවත් වන විට තමන් වෙත පැමිණෙන අයට පැවරීමට වග බලා ගනියි. ලිංගික ක්‍රියාකාරීන් අසු වූ විට ඔවුන්ට තද බල ලෙස හිරිහැර කරන්නේ ඒ නිසා ය.



සමහර විට රැයක් පොලිසියේ නවතා ගත හොත් රාළහාමිලා තමන්ගේ තෘප්තිය ලබා ගැනීමට එන බව සමහර ගණිකාවෝ කිහ. තවත් සමහර රාළහාමිලා උග්‍ර කායික වේදනා ඔවුන්ට දුන්හ. ඉතා ප්‍රකට නිදර්ශනයක් නම් හිස් බිම බෝතල් කට පැත්තෙන් එක්කෝ අධෝමාර්ගයට දැමීමය. නැතිනම් ලිංගික අවයව වලට එබීමය. මෙවන් කරදර තමන්ට කරන බව ගණිකාවෝ නිතර කියති.



සමහරුන්ට අතින් පයින් පහර දෙයි. ඇස් වාට්ටුවේ පදික වේදිකාවේ ඉන්නා ගණිකාවෝ මට මහ රෑ ටෙලිෆෝන් කරති. එසේ කරන්නේ පොලිසිය තමන්ට පහර දෙන බව කීමට ය. මහ රෑ පොලු කුලු තමන්ව ගහමින් එලවන බව ඔවුහු කියති. පොලිසිය සිතන්නේ මෙසේ ශාරීරික දඬුවම් පමුණුවා එලවා දැමීමෙන් ගණිකා ප්‍රශ්නය විසඳෙන බව ය.







ශ්‍රී ලංකාවේ ගණිකාවෝ – නන්දසේන රත්නපාල


Source: thewoman.lk
 

Attachments

  • download.jpg
    download.jpg
    7.6 KB · Views: 564

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Ohoma balanakota ban Kasippu, Ra police yen allana ekath wedak na ne. Unwath usawi demmama dade gewala ewilla next day eke idan aith parana wedema thamai
 

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පොලිසියේ ඉන්නෙ 95% හොඳ උන් නෙවේ නේ. අල්ලගන්න එවුන්ගෙන් free service එක අරන් උන්ව අතෑරලා දානවා :sorry::sorry::sorry: හෙන අසහනකාරයෝ ඉන්නෙ පොලිසීවල :yes::yes::yes: