පොලිසිය_සිවිල් පිට

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    පොලිසිය_සිවිල් පිට

    මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් අද (04) සිට ආරම්භ කෙරෙනවා.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි සඳහන් කළේ පෞද්ගලික ආයතනයක් සහ පොලිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදුකරන බවයි.

    අදාළ පෞද්ගලික ආයතනය මගින් ලබාදෙන වාහන 10 ක සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් කොළඹ නගරය පුරා සංචාරය කරනු ඇති.

    එම සංචාරයේදි මාර්ග නීති සහ මංතීරු නීතිය උල්ලංඝණය කරන රියදුරන් දුටුව හොත් ගමන් කථන මගින් කොළඹ පාලක ස්ථානයට සහ ඉදිරියේ රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දීමට නියමිතයි.

    එමගින් අදාළ රියදුරන්ගෙන් රථ වාහන නඩු ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ. එලෙස ලබාගන්නා රථ වාහන නඩුවේ සාක්‍ෂිකරුවන් වශයෙන් නඩුව ලබාගත් පොලිස් නිලධාරියා සහ සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරියා නම් කිරීමට නියමිතයි.

    කොළඹ නගරයේ ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේදී දීපව්‍යාප්තව සිදු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    රියදුරන් විතරක් නෙවෙයි.:no:
    ප්‍රයිවට් බස් එකේ පිටු පස්සේ සිදු වෙන අසභ්‍ය ආදර ජවණිකා වලටත් තිත තියන්න උත්සහ කරනවා නම් වඩාත් හොදයි.:rolleyes:
     

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    රියදුරන් විතරක් නෙවෙයි.:no:
    ප්‍රයිවට් බස් එකේ පිටු පස්සේ සිදු වෙන අසභ්‍ය ආදර ජවණිකා වලටත් තිත තියන්න උත්සහ කරනවා නම් වඩාත් හොදයි.:rolleyes:

    ahaka balan ain wela bus eka yaman puthee :D :rofl::rofl::rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ahaka balan ain wela bus eka yaman puthee :D :rofl::rofl::rofl:

    මගුලක් කියනවා. බස් එකේ ෆුල් සීට් එකම පිරිලා තියෙනවා ඒ වේලාවේ පිටි පස්සේ සීට් එකේ විතරක් හිස්. එතකොට ඉදගත්තාම මේ වගේ ආතල් වෙන සීන් දැක්කාම එක පැත්තක් විතරක් බලාගෙන බස් එකේ යන්න කියා ඉන්නවත් හිතෙනවාද.:rolleyes:
    වේලාවකට හිතෙනවා විඩියෝ කරලා එෆ්.බි. එකේ දාන්නත් ..:baffled: