පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.

    මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කිරීම (ඉෂ්ඨරූප) සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

    දෙවන මෙහෙයුම මගින් උපායදූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇත‍.

    මෙම මෙහෙයුම් ඊයේ (04) දින සිට එළැඹෙන 19 වැනි දින දක්වා සති දෙකක කාලයක් රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය‍.

    එහිදී රියදුරන් වෙන අවවාද කර දැනුවත් කිරීමට කටයුතු කරන බවත් මෙම පළමු මෙහෙයුමට අදාළව රථවාහනවල සවි කර ඇති අමතර කොටස් එම කාලය තුළ වාහනවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස රියදුරන්ට හට උපදෙස් ලබා දෙනු ඇති බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

    ඉදිරියේදී මෙම ක්‍රමවේදය නොකඩවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර එහිදී රථවාහනවල අමතර කොටස් සවිකර ධාවනය කරන හා පොදු ප්‍රවාහන බස් රථවලට උපාය දූතයින් යොදවා තොරතුරු ලබා ගෙන සිදුකරන වැරදිවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බවත් එහි සඳහන් ව තිබේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    images