පොලීසියේ අංකල්

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පොලීසියේ අංකල්

    පොලීසියේ අංකල් - "තමුසේ හිතුවද අපි ජරාව කනවා කියලා.."

    361px-Police_man_update.svg.png


    කොහොමින් කොහොම හරි සබ්බ සකලමනාවම ලෑස්ති කරලා දෙයියනේ කියලා ජුංඩක් ඇදට ගියා නිවි හැනහිල්ලේ නිදාගන්න..යාන්තමට ඇහැපියවීගෙන එනකොටම මහා සද්දයක් එක්ක භූමිකම්පාවක්....!!!

    "ඕයි අයියේ.....චූටි මල්ලිට පන්ති ඉවර වෙන්න ලගයි ගිහින් එක්කගෙන වර...නැගිටිනවා ඕයි.."

    පොඩි මල්ලී මගේ බෙල්ලෙන් අල්ලගෙන හොල්ලනවා
    නොදකින් විතරක්...මැදැයි ටිකක් මමයි මගේ සිතුවිලියි තනිවෙන්න හැදුවා.කකුස්සියට ගියත් මුන් මටයි මගේ හිතටයි තනිවෙන්න දෙන්නම නෑ නේ..ශුවර් එකට මම ගිය ආත්මේ ආනන්තරීය පාපකර්මයක් කරලා තියෙනවා මේ වගේ ගොබිලෝ දෙන්නෙක් මල්ලිලා වෙන්න..අම්මගෙන් බැනුම් අහන තරමට නම් ගිය ආත්මේ මම ප්‍රවාහන ඇමති හරි අධ්‍යාපන ඇමති හරි වෙලා ඉන්න ඇති.

    "දැන්ම එක්කන් එන්න ඕන නෑ නේ යකෝ..පොඩ්ඩක් නිදාගන්න දියන්කෝ වද නොදී"

    "වෙලාව බලනවා.පොඩි එකා පන්තිය ලගට වෙලා බයේ ගැහි ගැහී ඇති.ඉක්මනට ඇදුමක් ඇදගෙන යනවා"

    මූ දැන් මට තර්ජනයත් කරනවා.දවල් කාපු පොල්සම්බලේ විස වෙලාවත්ද මංදා

    "අනේ බය වෙන්න අරූ චූටි කොල්ලානේ..ඌ දැනටමත් කෙල්ලෝ ගොඩක් වට කරගෙන පම්පෝරි ගහනවා ඇති."

    මම එහෙම කිව්වා නෙමේ කියවුනා..චූටි මල්ලිත් මගේ කපාපු පලුවනේ.ඒත් කවුද දන්නේ මම කරපු දේවල් ඌත් කරනවද කියලා.

    "ඒවයින් වැඩක් නෑ..අම්මට කියන්න කලින් ඉක්මනට පල.."

    "යන්නම් යන්නම්..හොද මල්ලි වගේ ඔන්න ඔය ඇද යටින් සරම හොයලා දියන් මයේ අම්මේ.."

    "චික්..ඕන්න ඕක තමා අම්මා උඹව දැන්ම බන්දන්නේ නැත්තේ.පැය 24 න් පැය 12ක්ම උඹ හෙලුවෙන් නේ"

    "හා....නරකට තියේ..හ.. මේ ....ඒක නෙමේ....මූන හෝදන්නම ඕනෙයි? "

    "!@#$%^&*())(*&^%$##$%^&* ඕන @#$%^ කරපිය.."

    දැන් කාලේ හැදෙන මල්ලිල නම් ගන්න දෙයක් නෑ..මුන්ගේ භාෂා භාවිතය නම් බිංදුවයි..නරක කුනුහර්පමනේ කියන්නේ..හොද එකක් කියපන්කෝ..."

    දඩ බඩ ගාලා මූනේ වතුර ටිකක් උලාගත්තු මම කාර් එකේ කී එකත් අරන් කාර් එකට නැග්ගා ( මගේ බ්ලොග් එකේ ඇඩ් දාන්න මට මුදල් ගෙවන්න ඕනෑ නැත ).

    අතපත ගාලා යතුර දාන හිල හොයාගත්තු මම දෙපාරක් හිතන්නේ නැතුවම වාහනේ ගැරිජ් එකෙන් එලියට ගත්තේ ගේට්ටුව අරින්න රිමෝට් එකේ බටන් එකත් ඔබන ගමන් ( ප්‍රධාන පාලක මැදිරිය ).


    මමත් නිවි හැනහිල්ලේ සිංදුවක් අහගෙන වාහනේ මෙන්න මෙහෙම එලවගෙන යනවා.
    හුටා.....
    පැන්නා නේද පොලිස් මාමි කෙනෙක් වාහනේට..

    ඇයි වදේ..නිදහසේ පාරකවත් යන්න දෙන්නේ නැති හැටි..හ...
    දුශ්ඨයා...
    මම හිතෙන් බැන්නා..වාහනේ පාර අයිනට කරලා මම නැවැත්තුවා..බයෙන් බයෙන් පොලිස් මාමි ලගට ඇවිදගෙන ගියා..මාමි ඉන්නවා හිනා වෙවී..මම මොකටද බයවෙන්නේ..මම වැරැද්දක් කරේ නෑ නේ..

    "වැරැද්ද දන්නවද? "

    පොලිස් මාමි අහිංසකව ඇහුවා..

    "අනේ සෑර්,.මගේ පෙර වැරදි නම් නෑ.මම ඉදලා හිටලා නෙක්ටෝ එකක් බොනවා එච්චරයි..අනාචාරේ හැසිරිලාම නෑ.."

    "මාව කොලොප්පමකට ගත්තද.රාලහාමි අඩි පොලවේ හප්පලා මගෙන් අහනවා

    "නෑ"

    "එහෙනම් කියනවා වැරැද්ද දන්නවද?"

    "නෑ සෑර් දන්නේ නෑ..දන්නව නම් ඉතින් කරන්නේ නෑ නේ"

    "ශීට් බෙල්ට් දැම්මද?"

    හුටා හත්වලාමේ...ඒක අමතක උනානේ දැන් මොකද කරන්නේ.අහිංසක මම අද මුන් දෙන්නට බිලි වෙන්නයි යන්නේ..අතේ ගුලි කරන්න කීයක් වත් ගෙනාවේ නෑ..පර්ස් එක දාලා නේ ආවේ...

    මලකෙලියයි..පර්ස් එක දාලා ආවේ..පර්ස් එකේ අයිඩෙන්ටි කාර්ඩ් එකයි ඩ්‍රයිවින්ග් ලයිසන් එකයි..දැන් නම් ඉතින් අයියනායක දෙවි පිහිටම තමා..හෙට ශුවර් එකටම ස්වර්ණවාහිනියේ නිවුස් වලට මේක යනවා.

    "තව වැරදි තියෙනවා..සුදු ඉර කපලා බයික් එකට ඉස්සර කරා"

    "ඉතින් සෑර් ඉර කපන්නේ නැතුව ඉස්සර කරොත් අර මනුස්සයා යටවෙලා මැරෙනවනේ."

    "හෑ...ගන්නව බලන්න තමුසෙගේ ලයිසන් එක"

    "ඒක ගෙදර දාලා ඇවිල්ලා සෑර්..අනේ සෑර් මම අහිංසක දරුවෙක් සෑර්..මට අනුකම්පා කරන්න...මම පව් සර්..කීයක් වත් දෙන්න පර්ස් එක ගෙනාවේ නෑ සෑර්.."

    "චී...තමුසේ හිතුවද අපි ජරාව කනවා කියලා.."

    "ඔව්..නෑ...අනේ නෑ සෑර්..මම බ්ලොග් එකක් ලියනව සර් රත්ගමයා කියලා.සර් කියවලා ඇති මගේ හිතේ."

    "මේ මම කියවපු බ්ලොග් එකක් නෑ..වැරදි තුනක් තියෙනවා..ලියනවා මේක.."

    දැන් මොකද කරන්නේ...ලයිසම කොහොමත් නැ..පලයන්කෝ දැන් උසාවි.ඔන්න ඕය අතරේ තමා සීනි කන්දක් මැද්දෙන් ගිහින් මගේ චූටි මොලේට කුප්ප අයිඩියා එකක් ආවේ.

    "සර් අපේ බාප්පා ප්‍රාදේශිය සභාවේ සභාපති"

    ලියන එක නවත්තපු පොර මගේ දිහා බැලුවා..

    "කවුද මේ අපේ අහවල් මහත්තයා"

    "ඔව් සර්...අහවල් මහත්තයා,ඒ අපේ බාප්පා.."

    කටට ආපු බොරුව දෙපාරක් නොහිතම ඇදලා දැම්මා.

    "හෑ...ඒ මගෙත් බාප්පනේ මල්ලී.."

    මැදෑ කොලා...ඇයි දෙයියනේ බාප්පම කියන්න මතක් උනේ..පොඩි සීයා,ලොකු තාත්තා වගේ එකක් ආවේ නැත්තේ මොකද? ශුවර් එකටම අපේ මල්ලී මට හූනියමක් කරලා..එක කරදරේකින් බේරෙන්න යනකොට තව කරදරයක්..

    "ඒ අපේ තාත්තගේ මල්ලිගේ මස්සිනා අයියේ..අපි කියන්නේ පොඩි බාප්පා කියලා.."

    "එතකොට ඔයා විමලසේන මාමගේ පුතාද?"

    "ඔව් අයියේ..ඒ අපේ තාත්තා" (මම දන්න මගුලේ විමලසේන...)

    "අඩේ...දැන් උස ගිහින් ලොකු කොල්ලෙක්නේ..ඒ දවස්වල මෙන්න මෙච්චරයි."

    හුජ්ජකරන තැනට අත තියලා පොර මගේ උස පෙන්න්නුවා.නොදකින් නරක පොලිස් සමනලයා..මම ඔච්චර පොඩි වෙලා ඉදියේ නෑ..

    අනික මම දන්න විමලසේන මාමෙකුත් නෑ..කමක් නෑ දෙයියනේ විමලසේන මාමා පොලීසියට අදිපති දෙයියා වේවා!! මාව මේ කරදරෙන් බේරගත්තෝත්..

    "මල්ලිට මාව අදුරන්න බැරිද..මේ...."

    එහෙම කියලා පොර හෙල්මට් එක ගැලෙව්වා..මොන තට්ටයෙක්ද මේ..අදමයි දැක්කේ..

    "බෑ අයියේ..එච්චර මීටරේට එන්නේ නෑ..ගොඩක් දවසකින් නේ ගෙදර ආවේ.."

    "ආ..එහෙමද...වෙන්න ඇති ඒ දවස් වල දැක්කට පස්සේ ඔය දැක්කමයි නේ..ඉන්නකෝ මම විමලසේන මාමාට කෝල් එකක් අරන් කියන්න කොල්ලා වාහන පදින හැටි."

    ඒපාර තව කෙලියක්..දැන් නම් වැඩේ මාට්ටු වෙන්නයි යන්නේ..

    "මම යන්නද අයියේ..මගේ යාලුවෙක් ඉන්නවා කිව්වා මග.දැනටමත් පරක්කුයි..ගෙදර ගිහින් ලයිසන් එකත් අරන් ආයේ එන්න ඕන නේ.."

    "හා හා...එහෙනම් ඉතින් යනවා..සමහරවිට පාලම එහා පැත්තෙත් අපේ දෙන්නෙක් ඇති.එතනින් ඇල්ලුවොත් රාජා රාලහාමි දන්නවා කියලා ශේප් එකක් දාගන්නවකෝ..මම එන්නම් හෙට අනිද්දා ගෙවල් පැත්තේ තාත්තව හම්බෙලා යන්න.."

    ඒ වචන ටික පිටවෙනවත් එක්කම කාර් එක ස්ටාර්ට් කරගත්තු මම දෙපාරක් හැරෙන්නේ නැතුව කඩාගෙනම ගියා.

    රාජා රාලහාමි විමලසේන මාමා එක්ක මොනවා කරගත්තද කියල නම් දන්නේ නෑ...සමහර විට මාව හොයලා දැනටමත් විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් වෙනවත් ඇති..


    http://sun-ge-lookaya.blogspot.com/search/label/%E0%B6%86%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F