පොලීසිය "ගෝඨා"ට

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
පොලීසිය "ගෝඨා"ට

පොලීසිය "ගෝඨා"ට යයි - තමන්ට අවනත නොවන නිලධාරීන් නෙරපා හැරීමට සැරසේ ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 08 වෙනි සදුදා, 08:50
gota.jpg
පසුගිය ජනාධිපතිවරණයේදී විපක්‌ෂයට හොර රහසේ උදව් කළ පොලිස්‌ නිලධාරීන් පිරිස පිළිබඳ විශේෂ පරීක්‌ෂණයක්‌ පවත්වා ඔවුන් සේවයෙන් නෙරපා හරින බව රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා දිනපතා පුවත්පතකට ප්‍රකාශයක් කර තිබේ.

මෙම පොලිස්‌ නිලධාරින් පිරිස හංසයා ජයග්‍රහණය කරාවියෑයි සිතා මෙසේ විපක්‌ෂයට සහාය දුන් බවට තොරතුරු ලැබී ඇති බවද ගෝඨාභය රාජපක්‌ෂ මහතා එහිදී පවසා තිබේ.


පොලිස්‌ නිලධාරීහු දේශපාලනය කළ යුතු නැති අතර ඔවුන් රටේ ජනතාව වෙනුවෙන් අවංකව යුක්‌ති සහගතව සේවය කළ යුතු බවත් සෑම මොහොතකම පොලිස්‌ නිලධාරීහු මහජන විශ්වාසය දිනාගත යුතුව ඇති අතර ත්‍රිවිඩ හමුදා නිලධාරීන්ද මේ ආකාරයට අවංකව සේවය කළ යුතුව ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.

කෙසේ වෙතත් මේවන විට අප වෙත වාර්තාවන ආකාරයට පසුගිය ජනාධිපතිවරණ සමයේදී නාවික හමුදා රියකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක පත්‍රිකා සහ විපක්ෂයට එරෙහිව මුද්‍රණය කළ මඩ පත්‍රිකා ප්‍රවාහනය කරමින් තිබියදී එය අත්අඩංගුවට ගත් කුරුණෑගල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුටද මේවන විට දඩුවම් මාරු ලබාදී තිබේ.

නමුත් එම පත්‍රිකා තොගය මුදා ගැනීම සදහා නිර්ලජ්ජිත ලෙස (එම සිදුවීමේ වීඩියෝ පටය අප මීට පෙර පළකර ඇත. ඊට අදාළ ප්‍රවෘත්තිය පහත පළවේ.) පොලිස් සේවය හෑල්ලු කරමින් මැදිහත්වූ කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා කිසිදු පියවරක් ගෙන නොමැත.
 

Similar threads