පොලොන්නරුවේ පොඩි විජේ

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,841
    113
    අපි කොතෙකුත් ‘චණ්ඩින්’ ගැන කතා අසා ඇත්තෙමු. මීට වසර තිහ හතළිහකට කලින් ගමත් රටත් පුරා නම රැන්දු ඔවුන් ගැන ලියැවුණු කතා මෙන්ම කියැවුණු ගීත ගැන ද අසා දැන ඇත්තෙමු. එවන් පුද්ගලයන් බොහොමයක් ‘චණ්ඩින්’ ලෙස නම් දැරුවේ අසාධාරණයට අයුක්තියට එරෙහිව බව බොහෝ මුතුන් මිත්තෝ කියති. පොලිසියට එරෙහිව ඔවුන් තනිවම සටන් වැදුණේ ‘බය’ කියන දේ තඹ සතේකටවත් මායිම් නොකරමිනි.

    ඒත් අද සමාජය තුළ වැජඹෙන චණ්ඩී න් යැයි විරුදාවලිය ලත් බොහොමයක් තම ‘චණ්ඩි’ කම රැකගන්නේ අසාධාරණයෙන් අයුක්තියෙන් බව රහසක් නොවේ. මිනිමැරීමෙන්, කප්පම් ගැනීමෙන්, මත්කුඩු ජාවාරමෙන් , ගිනිඅවි ජාවාරමෙන් ඔවුහු තම නම්බුව රැක ගැනීමට මාන බලති.

    අප කතා කරන්නේ එවන් ‘චණ්ඩියකු’ ගැන නොවේ. ගමේ රටේ නම රැන්දු අසාධාරණයට අයුක්තියට සටන් වැදුණු බව කියන සමාජයේ වරදින් නොමග ගිය අයකු පිළිබඳවය.

    1956 පෙබරවාරි මස 23 වන දින පොළොන්නරුව රෝහලේදී උපත ලැබූ හේරත් මුදියන්සේලාගේ විජේසුන්දර පසුකාලීනව “පොළොන්නරුවේ පොඩි විජේ” ලෙස විරුදාවලිය ලැබූ අයෙකි.

    හැඩුවේගෙදර පුංචිමැණිකාට දාව විජේසුන්දර උපත ලැබූවේ හත් දෙනකුගෙන් යුත් දරු පවුලේ දෙවැනියා ලෙසය. වැඩිමලා පිරිමි දරුවකු වුවද තුන්වැන්නා සිට බාලයා දක්වා දියණියන් වූවාය. හේරත් මුදියන්සේලාගේ පියදාස දරුවන් සමඟ ජීවත් වූයේ ගොවිතැනෙනි. ජයන්තිපුර තඹලවැව ඉස්කෝලෙන් සිප්සතර හැදෑරූ විජේසුන්දර ඉගෙනීමට එතරම් දක්ෂතා දැක්වූ අයෙක් නොවීය. හතරේ පන්තියෙන් පසු ඔහුගේ අධ්‍යාපනය නතරවිය. ඉන්පසු ඔහු යොමුවුණේද පියාගේ අඩිපාරේ යමින් ගොවිතැනටය.

    EfJUI_jUMAAP9bH.jpg
    ජීවිතය ගැටගසා ගන්නට රැකියාවන් කිහිපයක නිරතවුණද විජේට ඒ හැම තැනින්ම වූයේ අසාධාරණකම්ය. කෙනෙහෙළිකම්ය. රැකියාවක් කොට ඒ වෙනුවෙන් ලැබිය යුතු මුදල වෙනුවට විජේට එල්ල වූයේ නොසරුප් වදන්ය. නොහොබිනා ක්‍රියාවන්ය. ඔහුගේ මව වු පුංචිමැණිකා පවසා ඇති පරිදි මේ නිසා ‘විජේ’ සිට ඇත්තේ දැඩි සිත් තැවුලකින්ය. ‘විජේ’ ළඟපාත මුදලාලි කෙනකු ළඟ දර කපන්නට ගොස් ඇත. දවස් ගණනක් දර කැපුවද ඒ වෙනුවෙන් ගෙවිය යුතු නියමිත මුදල ඔහුට ලැබී නැත. මුදල් ඉල්ලා ගිය ඔහුට දී ඇත්තේ රුපියල් දහයක් වැනි සොච්චමකි.

    මෙයින් සිත්තැවුලට පත් ඔහු මුදලාලි සතු මුදල් සොරාගෙන ඇත. කළ වරද නිසාත් පියාට ඇති බිය නිසාත් විජේ නැවත ගෙදර ගියේ නැත. ගෙදර නොගිය ඔහු කොළුකුරුට්ටන්ගේ ඇසුරට වැටුණේය. මේ වනවිට විජේ කෙල්ලකට පෙම් කරන්නට විය. ඇය යසවතීය. විජේගේ විවාහය සිදුවන්නේ ඉන්පසුවය. යසවතී ඔහු කැන්දාගෙන ආවේ මහගෙදරටය. විවාහයෙන් පසු පරණ ජීවිතයෙන් මිදෙන්නට ඔහුට දැඩි ඕනෑකමක් තිබුණද ගෝලබාලයන්ගේ මැර ක්‍රියා නතර නොවීය. ඒ සියල්ල බැරවූයේ විජේගේ ගිණුමටය.

    “තාත්තා ගෙදරට එද්දිත් පොලිසියෙන් තාත්තා හොයන්න ආවා. මේක හරිම කරදරයක් නිසා කිරිඅම්මලා කියලා තියෙනවා තාත්තට ගෙදර එන්න එපා කියලා..”

    ඒ වනවිට විජේගේ බිරියට සිය දියණිය ලැබී තිබුණාය. දියණියගේ පළමු අවුරුද්ද සැමරීම සඳහා පුංචි සාදයක් පවත්වන්නට සුදානම් වී තිබිණ. තැනු අලුත් නිවෙසට යාමට තිබුණේ හෝරා කිහිපයකි. ඒත් කවුදෝ පිරිසක් විජේගේ ගෙදරට ගිනි තැබුවේය. මින් විජේ දැඩි සේ කණගාටුවට පත්විය. හොඳ මිනිසකු වීමේ අභිලාෂය විජේගේ සිතෙන් පලා ගියේ එදාය. තිබුණු තුවක්කුවද රැගෙන විජේ ගෙදරින් එළියට බැස්සේය.
    විජේ පසුපස පොලිසිය පන්නන්නට වූයේ ඉන්පසුවය. වැරදි එක දෙක එකතු විය. වරෙක පොලිසියට කොටුවිය. හිරේ විලංගුවේ වැටුණද හිරෙන්ද පැන ගියේය. විජේ කළ මැරකම් නිසා පොලිසිය ඔහු පසුපසම විය. ඒ බව ලොකු අකුරුවලින් පුවත්පත්වලද පල විය. ‘පොඩි විජේ’ යන නම රට පුරා පැතිර ගියේ එලෙසය.
    72782335_105437540868236_496236591484764160_n.jpg

    “තාත්තා නැතිවෙද්දි මට අවුරුදු තුනයි. තාත්තා ගැන මට එච්චර නිච්චියක් නැහැ. ඒත් තාත්තා ගැන දන්නා කියන අය කියපු කතා මම අහගෙන ඉන්නවා.”
    “ගමේ අය තවමත් තාත්තා ගැන හොඳ තමයි කියන්නේ. නැති බැරි අයට සළකනවලු. දුප්පත් මිනිසුන්ට උදව් කරනවලු. ඒ මිනිස්සු තවමත් මේ ගම්වල ඉන්නවා. ඒ අය තවමත් තාත්තා ගැන කියන්නේ හොඳ...”

    පොඩි විජේ ගැන එසේ කියන්නේ ඔහුගේ එකම දියණිය වූ විජේ මල්ලිකා ය. ඇය තවමත් තම පියා ගැන කතා කරන්නේ ආඩම්බරයකින්ය. චණ්ඩින් ලෙස සමාජයේ හඳුන්වන බොහොමයක් කරනුයේ වැරදි ක්‍රියා බව ඇය කියන්නීය.

    “අපේ තාත්තා එහෙම වැඩ කළේ නැහැ. සල්ලි තියෙන අයගෙන් ගත්තත් දුන්නේ නැති බැරි දුප්පත් අයට. ඒ අය අදත් තාත්තාට හොඳ කියනවා. ඒවා අහද්දි මට මගේ තාත්තා ගැන තියෙන්නේ පුදුම සතුටක් වගේම ආඩම්බරයක්.”
    “තාත්තාගේ නම විකුණලා වැරදි වැඩ කරපු අය ඇති. ඒත් තාත්තා එහෙම කළේ නැහැ. ඒත් තාත්තාගේ නමට කවුරුත් බයයි.”
    “තාත්තා නරක විදියට නම කැත කරගෙන හිටියා නම් අපිට මෙහෙම මේ ගමේ ජීවත්වෙන්න පුළුවන්ද. අපිට මෙහෙම ඉන්න මිනිස්සු ඉඩ දෙයිද. අදටත් මට පොඩි විජේගේ දුව කිව්වම ගමේ අය නෙමේ තාත්තාගේ යාළුවෝ පිටස්තර නාඳුනන අය පවා මට හොඳින් කතා කරනවා හොඳට සළකනවා. අපිව බලලා දුක සැප අහල යන අය තවමත් ඉන්නවා. ඒකයි මම කිව්වේ මම තාත්තා ගැන ආඩම්බර වෙනවා කියලා.”

    මුලින් මුලින් ඇය අප සමඟ කතා බහට පැමිණියේ නැත. නොයෙකුත් මාධ්‍යවේදීන් ‘පොඩි විජේ’ ගේ දුක සැප තොරතුරු ගන්නට පැමිණියද ඇය කියන්නේ මාධ්‍යවල පළවන්නේ ඊට වඩා වෙනස් දේ කියාය. අතීතයේ සිදුවීමක් යළි උලුප්පන්නන්ට ඇය අකමැත්ත පළ කළද පසුව ඇය අප හා සුහද වුයේ කරුණු කාරණා පහදාදීමෙන් අනතුරුවය.


    කීර්ති මෙන්ඩිස්
    උපුටාගැනීම දිනමිණ මාංචු අතිරේකයෙන්......
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,432
    75,150
    113
    මිනිස්සු නරක් වෙන්නේ සමාජය නිසයි. සමාජය නරක් වෙන්නේ මිනිස්සු නිසයි. Never ending love story of Evil...!
    Don't agree ban. everyone has a choice. Even if we took the easy way we would have turned criminals. But instead we chose wisely and made something out of our lives.

    blaming others is the easiest excuse.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    902
    1,001
    93
    හැම එකා ම බලනකොට අඤේ අපේ තාත්තා මිනිස්සුන්ට උදව් කරා. අඤේ අපේ අයිය නරක මිනිහෙක් නෙමෙයි. ඔබන්න ඕන ඕකුන්ගෙ කටේ ගිනි පෙනෙලි
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    Don't agree ban. everyone has a choice. Even if we took the easy way we would have turned criminals. But instead we chose wisely and made something out of our lives.

    blaming others is the easiest excuse.
    ඔබ හරි මචං. Thats why I said " සමාජය නරක් වෙන්නෙ මිනිස්සු නිසයි ". මිනිස්සු ගෙ නරක කමට excuse නැහැ තමයි. ඒත් හොද තීර්ණ ගන්න බැරි මානසික මට්ටමක් තියන අයට සමාජයේ බලපෑම ඒ අයගෙ තීරණ වලට බලපානවා.

    දෙපැත්තක් තියනවා.
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බලාගෙන යනකොට මැරයො මංකොල්ලකාරයෝ හොරු හැම එකාම රොබින්හුඩ්ලනෙ 😅😅
    ඔවු බන් හොරාට තමයි තැන. ඒකනෙ බන් හොඳම හොරු ටික පාර්ලිමේන්තු යන්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හැම එකා ම බලනකොට අඤේ අපේ තාත්තා මිනිස්සුන්ට උදව් කරා. අඤේ අපේ අයිය නරක මිනිහෙක් නෙමෙයි. ඔබන්න ඕන ඕකුන්ගෙ කටේ ගිනි පෙනෙලි
    නැතුව බං, අපේ තාත්තා මංකොල්ලකාරයෙක්, මිනීමරුවෙක්, දූෂකයෙක් කියල කටක් ඇරල කියන්ඩයැ :lol:
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    “අපේ තාත්තා එහෙම වැඩ කළේ නැහැ. සල්ලි තියෙන අයගෙන් ගත්තත් දුන්නේ නැති බැරි දුප්පත් අයට. ඒ අය අදත් තාත්තාට හොඳ කියනවා. ඒවා අහද්දි මට මගේ තාත්තා ගැන තියෙන්නේ පුදුම සතුටක් වගේම ආඩම්බරයක්.”
    salli tiyena ungen aran duppath unta denna mu Inland Revenue Department ekada? Colombo inna hema kappam karayama ohoma tamayi kiyanne. kudu ton pitin wikunala business karayongen kappam aran duppath ekekta 3wheel ekakui, haal mitiyakui dunnama u robin hood.