පොහොට්ටුවකුගේ ස්වයං විවේචනය

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    පොහොට්ටුවකුගේ ස්වයං විවේචනය

    [FONT=&quot]රජයේ සේවකයෙක් මි. අවු. 05ක දියණියකගේ පියෙක්. වයස අවු. 38ක්.[/FONT]

    [FONT=&quot]ඒ වර්ෂ 2014 ය. සහෝදර සමාගමේ සහ පුත්‍ර සුසංයෝගයේ කල්කිරියාවෙන් හෙම්බත් වී සිටියෙමි. මෛත්‍රී ආවේය. නමුත් ඒ යූඇන්පියෙන් ය. පරම්පරාවෙන් ආ වාමාංශික ඡන්ද ඉතිහාසය හේතුවෙන් අනියමාර්ථයෙන් යූඇන්පිය දිනවීමට කතිරය ගසන්නට හිත හදාගන්නට බැරිම විය. 2015 ජනවාරි ජනපතිවරණයට ඡන්දය නොදී හිටියෙමි.[/FONT]

    [FONT=&quot]මෛත්‍රී දින්නේය. ඇත්තටම වෙනසක් දකින්නට පෙරුම් පිරීමි. ලිච්ඡවි පාලනයක්, ස්වාධීන රාජ්‍ය සේවයක්, අතපෙවීම් නොමැති අධිකරණයක් ඒ සිහින අතර විය. නමුත් ලත් තැනම ලොප් විය. මහබැංකුවට කෙළියේ ඇඩ්‍රස් නැති වෙන්නමය. තමුන්ගේ පන්තිය රැකගත් ආකාරය කුප්ප විය. නමුත් එය එතැනින් නතර නොවිනි. දිගන ජාතිවාදය ඇවිලුණි. මුහුණුපොත වීපීඑන් සරණං ගච්ඡාමිය. හම්බයන් පිට පළාත් වලින් බස් පිටින් ගෙනවිත් සිංහලයන් ට උඩ තියාගෙන කෙලින ලද බව ආරංචි විය. නුවර රෝහලට තුවාල ලබා පැමිණියවුන් බහුතරයක් සිටියේ කැපුම් තුවාල සහිතව බවක් ඇසුණි. අදටත් එහි ඇත්ත නැත්ත නොදනිමි. නමුත් ඇතුලට ගියා කියා දන්නේ මහසොහොන් ලොක්කා පමණක් බව මතකයේ ඇත. ඉන් නොනැවතුනි. [/FONT]

    [FONT=&quot]පාස්කු ෂොට් එක සැරටම වැදුණි. කිරිසප්පයන් ඇතුළු බර ගාණක් මිය ගියේය. වැලැක්වීමට හැකියාව ඇති බව දැන දැනත් මහ එවුන් නිදි වැදි බව එළියට ආවේය. කොමිෂන් සභා නාටකයද රඟ දැක්වුණි. පිට කොන්දක් ඇති නියම රාජ්‍ය සේවකයන්ද කලාතුරකින් හෝ ඇති බව ඒ කොමිසමට පින් සිදුවන්නට දුටිමි. ඒ ජේ. ජේ. රත්නසිරි මහතා ය. කොමිසම ද පාළු ගෙයි වලං බිඳි බව සිතේ.[/FONT]

    [FONT=&quot]ඒ අතර බදුයුදීන් ලොක්කා විල්පත්තුව කුට්ටි කළේය. මුසල්මානුවන් පදිංචි කරන ලද බවද කියවුණි. මළ පනින්නේ එවිටය. ගේ පොඩ්ඩ අටවගෙන ඉන්න පර්චස් 13ටත් ඉඩම් නඩුවක් තියෙන මට දේපළ ණය වත් අරං ගේ හදාගන්නට ඉඩක් නැතිය. අරහේ රක්‍ෂිත බෙදා දීම් ය.[/FONT]

    [FONT=&quot]ඒ අවු අස්සේ දෙමළ සන්ධානයද ගේමටම හිටියෝය. උන්ගේ ඉල්ලීම් ද කරලියට ආවේය. ඔරුමිත්ත නාඩුය. ජාතික ගීය ටැමිල් වර්ෂන් එකෙන් ඇසීමට තරම් දෙසවන් පිං කර තිබුනේය. බලං යන විට සේරම ලෝ පොයින්ට් හිංගලයාටය. [/FONT]

    [FONT=&quot]ඔය අතර මහින්ද ලොක්කාද ජාතිවාදය සැරටම මාකට් කලේ ය. යුද්ධයක අත්දැකීම් ඇති අපේ පරම්පරාවට සිංහල දමිළ බේධයක් නැතුව ජාතිවාදය එන්නත් කිරීම ඉතා පහසු ය. නමුත් මනුස්සකමට රෙද්ද ඉස්සූ විට ණයට කෙරීමට ඒම ද ඉවසීමට නොහැකිය. පෙණේ නොකර සිටි විට තැත් කළේ දරමිටිය බැඳීමටය. දෙමළාට උගේ ජාතියත්, මුසල්මානුවාට උගේ හිජාබයත් ලොකු වූ විට හිංගලයාටද ලොකු කර ගැනීමට ජාතියක් තිබුණි. හැමදාම ගුටි කෑමට බැරිය. ප්‍රාදේශීය සබාවෙන් උත්තරය ලැබුණි. පොහොට්ටුව ගොඩය.[/FONT]

    [FONT=&quot]ජනාධිපතිවරණය ආවේය. මහින්ද ලොක්කාටද ගෝටාට අපේක්ෂකත්වය නොදී සිටීමට බැරි තරම් රැල්ල සැර විය. ඒත් හිතේ කුකුසකි. ඇමරිකාවට යුද්ධෙකින් දිනා ගන්න බැරි දේ ඇමරිකානුවෙක් ජනපති කර ඡන්දෙකින් දිනා ගනීවිද? [/FONT]

    [FONT=&quot]එහෙත් සුමන්තිරම් ලා රිෂාඩ්ලා තවමත් ගේමේය. ෆෙඩරල් ඕනෑමය. යන විදියට ගියොත් එක්කෝ සුමන්තිරම් ලා රිෂාඩ්ලා අපිට අරිනවාය. නැතිනම් ට්‍රම්ප් ලොක්කා අරිනවා ය. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. සුද්දෙකුට නැවුනත් හම්බයෙකුට නම් නැවෙන්න බෑමය. ගෝටා තෝරා ගතිමි. පළමු වරට ක්‍රියාකාරී දේශපාලන ගැත්තෙක් උණෙමි. වෘත්තිකයන් ගේ සංසදයකට එක් උණෙමි. සගයන් අතර විද්වත් කතිකාවත් හරහා මතය පැතිරීමි. පුළුවන් තරම් ප්‍රොෆෙෂනල් ලෙසට කඩේ ගියෙමි.[/FONT]

    [FONT=&quot]දැන් වැඩේ ඉවරය. ඔහු දින්නේ ය. දැන් ගෝටාට ඇත්තේ දීපු පොරොන්දු ටික හෝ කඩේ ගිය අපිව ඉවර කරන එක ය. බලාගෙන හිඳිමි. දෙයියන්ගේ ම පිහිටය. (පිහිට කාට හෝ ලැබෙනු ඇත. එක්කෝ හිඟන අපිටය. නැත්නම් මේ පාරත් කුට්ටිය ගන්න සහ රට බෙදන්න බලං ඉන්න එවුන්ටය. තිස්තුන් කෝටියක් ඉන්නා එකේ මේ පාරවත් ගොඩ යාමට බලාපොරොත්තුවක් පමණක් ඇත)!![/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රෙප් කපා ගැනීමේ උදාර අරමුණින් කිරියේ කොටන ලදී!!
    [/FONT]
     
    • Like
    Reactions: silentsahan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    රෙප් කපන්න හේතුවක් නම් පේන්නෙ නෑ ඒත් ඉතිං අරමුණ ඒක කිව්ව හින්ද කැපුව ඕං.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ඕක අමු unp කාරයෙක්ගේ ස්වයං විවේචනය කියලා ලියාගත්තෝත් නරකද?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    seems like this is written with UNP subtext in mind... it contains all the points that they were marketing during the recent presidential campaign like trying to convince people that gota is an american and mahinda didn't want to give gota the chance to run for president.

    nice try though....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෙප් කපන්න හේතුවක් නම් පේන්නෙ නෑ ඒත් ඉතිං අරමුණ ඒක කිව්ව හින්ද කැපුව ඕං.

    මාත් කැපුව :yes: ඇයි දන්නෑ මෙයා අනික් අය වගේ නැතුව රෙප් කපන්න කිව්වෙ :eek:
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    රෙප් කැපීම පිළිබඳ කිසිම දුකක් නැත. ඒත් අවුල සමහරුන් මම යූඇන්පීයට සහයෝගය දක්වන්නෙක් බව සිතීමයි. ඇත්තටම මම යූඇන්පියෙක් නොවෙමි. කරුණාකර පාට කණ්නාඩි ගලවා බලන්න... මේ පාර 80%කට වඩා වැඩි ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයක් වැටුනා. කලින් පාරවල් වල උනේ පවත්නා ආණ්ඩු ගැන කළකිරිල ඡන්දෙ බහුතරයක් නොදීපු නිසයි. බහුතරයක් මේ පාර ඡන්දෙ දුන්නෙ රටට යන කලදසාවක් නැතිවෙයි, තමුන්ගෙ දරු පැටවුන්ට ඉන්න රටක් නැතිවෙයි කියන බයටයි. ඒ වැඩිපුර වැටුනු ඡන්ද අතිමහත් බහුතරයක් වැටුනෙ ගෝඨාභය මහත්තයට. අළුතින් ඡන්ද හිමිකම ලබපු තරුණ ජනගහනයත් දුන්නෙ ගෝටටම තමයි. මම වගේ පාවෙන ඡන්ද සහ ඉහතින් කියපු ඡන්ද නිසා තමයි ගෝටා දිනුවේ. ඒ වගේම දැන් ඉන්න දේශපාලුවො දන්නවා මිනිස්සුන්ට වැඩක් නොකරොත් ඊලඟ පාර බබා හම්බවෙනවා කියල. ප්‍රධාන පක්‍ෂ දෙකටම හෙල්ලෙන්නෙ නැති ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. මොන ඡන්දයකදි උණත් ඒ ඡන්ද ප්‍රමාණය ඒ ඒ පක්‍ෂ වලට වැටෙනවා.. නමුත් ජයග්‍රාහකය තීරණය වෙන්නෙ මධ්‍යස්ථ මතධාරීන්ගෙන්.


    කරුණාකරල මට කියන්න මාව යූඇන්පී කාරයෙක් වගේ පේන්නෙ මම සඳහන් කරපු මොන කාරණාව නිසාද කියල.. මම මගේ අදහස සාධාරනීකරණය කරන්නම්!! හැබැයි මම නැවතත් කියනවා, මම යූඇන්පී කාරයෙක් නෙවෙයි.