මහනුවර ලූම්බිණිය රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා ඊයේ (11) පහරදී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාලින් මහතා medialk.com වෙත පැවසීය.
ලුම්බිණි විද්‍යාලයේ විදුහල්පති ජයන්ත බණ්ඩාර මහතා තම නිවස අසල මාර්ගයක ගැටළුවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවට ගිය අවස්ථාවෙි මෙම පහරදීම සිදුකර ඇතැයි ඒ මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාටද ලිපියක් යොමු කළ බව ලේකම්වරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට ඊයේ පැමිණිලි කර තිබෙන බව පැවසූ ස්ටාලින් මහතා පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයා මහනුවර මහ රෝහලේ 10 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව ද ප්‍රකාශ කළේය.
විදුහල්පතිවරයා රෝහලේ සිට සිදුකළ ප්‍රකාශයක වීඩියෝවක මෙසේ සඳහන් වෙයි.
"ඊයේ දින ප්‍රාදේශීය සභාවට මා රාජකාරී කටයුත්තක් සඳහා පැමිණි විට ගරු සභාපතිතුමා කිසිදු දැනුම්දීමකින් තොරව අදාළ ස්ථානයට පැමිණ කාර්ය මණ්ඩලයේ 25-30ක් දෙනකු පමණ ඉදිරිපිට මට පහරදීමක් සිදුකළා. මා පැමිණියේ ගමේ පොඩි පාරක් වසා තැබීම සහ එම පාරට අදාළ නවීකරණ කටයුතු සිදු නොවීම නිසා ගම්වැසියන් සමග කළ ඉල්ලීමට මැදිහත් වන අරමුණ ඇතිව.
පසුගිය බදාදා දින අතිගරු ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමා ජනාධිපතිපති ලේකම් කාර්යාලයේදී හමුවීම මෙම පහරදීමට ආසන්නම හේතුව බවට මට පැහැදිලි වෙනවා.මධ්‍යම පළාතේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා මීට මාස හයකට පමණ පෙර ලබාදුන් නිර්දේශ තුනක් ප්‍රාදේශීය සභාවෙන් කඩ කරනවා. එම බැම්ම බැඳ ඇති පුද්ගලයාට වාසිදායක ලෙස කටුයුතු කිරීම නිසා මේ පහරදීම ඔහු විසින් සිදු කළා. මා ප්‍රාදේශීය සභාවට පැමිණියේ එම පාර නවීකරණයට අදාළ නිර්දේශ සහ සැලසුම් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතරු ලබාගන්න.ලේ්කම්තුමිය සහ කාර්ය මණ්ඩලය මට සහය ලබාදෙමින් කටයුතු කළා.අවසන් කටුයුතු සිදුවන මොහොතේ මේසය අසලට පැමිණ පහරදීම කළා. කටුගස්තොට පොලිසියට පැමිණිල්ලක් කරල ඊයේ සවස පස්වරු 5ට මහනුවර රෝහලට ඇතුළත්ව වාට්ටු අංක 10 පුතිකාර ලබමින් සිටිනවා"
එම වීඩියෝව පහත.දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාපති ආනන්ද ජයවිලාල් මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීවේය.
"මේ පුද්ගලයා මට තුන්වතාවක්ම කොන්ද පණ නෑ කියලා කියල තිබුණා."
"එතන පහරදීමක් සිදු වුණේ නෑ.මං ඇත්තටම කමිසෙන් ඉස්සුවා.උස්සලා මගේ කොන්ද පණ නෑ කියලා තමුන් කිව්වනේ දැන් බලනවා කොන්ද තියෙනවාද කියලා කිව්වා.එච්චරයි වුණේ.මං ගැහුවනම් ගැහුවා කියලා කියනවා.ඒත් එහෙම ගැහුවේ නෑ.එතන එයාගේ නෝනා එහෙමත් හිටියා.එහෙම පහරදීමක් වුණානම් එයාගේ නෝනා එ්ක වීඩියෝ නොකර ඉන්නේ නෑනේ."
"මේ මනුස්සයා ඊයේ ඇවිත් හිටියා.තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලලා.ඒක තැපැල් කරලා එවන්නම් කිව්වම, බෑ තොරතුරු ටික අදම ඕනේ කියලා.මං කවදාවක් ඔෆිස් එකේ ඒ පැත්තට යන්නේ නෑ.ඊයේ මොකට ගියාද මන්දා හිතාගන්න බෑ මං ඒ පැත්තට ගියා.යද්දි මේ මනුස්සයත් හිටියා.එතන සේවකයිනුත් හිටියා.ඕනනම් අහන්න පුළුවන්."
"මේක බොරු.මාව ඇරෙස්ට් කළොත් ප්‍රශ්නයක් වෙනවා.මොකද මිනිස්සු මට ආදරෙයි"
"කේ ඇත්ත කතාව මේකයි.මෙයාල යන පාරේ පොඩි කඳු ගැටයක් වගේ තියෙනවා යන්න.ඒක හින්දා ඒ වෙනුවට අසු ගණන් වල තිබ්බ පාරක් ආයේ හදලා දෙන්න කියලා ඉල්ලනවා.ඒ කලින් තිබ්බ පාර අසු අටේ දී විතර බැම්මක් බැඳලා.ඒක පුද්ගලික එකක්.මට ඒවා කඩලා හදන්න බෑ.ඒවට ලක්ෂ 50ක්වත් යනවා.දැන් අයවැය හදලා ඉවරයි.දැන් වෙනස් කරන්න බෑ.ගමේ අයත් ආවා.පස්සේ මම පාරට ලක්ෂ 10 ගානේ දීලා එ්ක විසඳලා දෙන්නම් කියලා එකඟ වුණා.එහෙම එකඟ වෙලත් පස්සේ ආයේ ප්‍රශ්න දානවා.මට ජනාධිපති ලේකම් කාර්යාලයෙනුත් කතා කළා මේ සම්බන්ධයෙන්.
මට ඒ විදුහල්පතිවරයා තුන්පාරක්ම කොන්ද පණ නෑ කියලා කිව්වා.විවිධ තනතුරුවලින් කියලා කළා."
මෙම පහරදීම හෙළා දකින බව ලංකා ගුරු සංගමය නිවෙිදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.
"හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මෙම සභාපතිවරයා විසින් ලූම්බිණි රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට කරන ලද මෙම පහරදීම ලංකා ගුරු සංගමය විසින් දැඩි පිළිකුලෙන් හෙළා දකිමු."
ප්‍රදේශයේ පවතින ගැටලූවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ගිය විදුහල්පතිවරයාට මෙසේ පහරදීමෙන් පැහැදිලි වන්නේ මෙම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ජනතා ගැටලූවලට පිළිතුරු සපයන්නේ තම දේශපාලන බලයෙන් හා මැර බලයෙන් බව එම සංගමය පෙන්වා දෙයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවද එහි සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පැවසූවේ මහනුවර ලුම්බිණි විද්‍යාලයේ විදුහල්පතිවරයාට හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාපතිවරයා පහරක් ගැසූ බවට පැමිණිල්ලක් කටුගස්තොට පොලිසියට ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බවත් ය.
මෙතෙක් අදාළ ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් කටඋත්තරයක් ලබාගෙන නොමැති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
Source:
https://medialk.com/Sinhala/ReadPost/2373