පොහොට්ටුව දෙකට බෙදේ – රාජපක්‍ෂලාගේ ගැටුම&#3530

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    පොහොට්ටුව දෙකට බෙදේ – රාජපක්‍ෂලාගේ ගැටුම&#3530

    නියෝජ්‍ය කථානායකවරයකු තෝරා ගැනීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයෙන් ඍජුවම මහින්ද පිල නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ අභ්‍යන්තර අර්බුදය එළිපිටම ප්‍රකාශ කරමින් දෙපිල බෙදී ඇති අතර, මහින්ද පිලේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නියෝජ්‍ය කථානායක ධූරයට ශ්‍රී ලනිපයෙන් ඉදිරිපත් කරන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට සහාය දක්වන ලෙස මහින්ද පිලේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලත් මහින්ද, චමල්, නාමල් රාජපක්ෂ අැතුළු බැසිල් පාර්ශ්‍යවයේ මන්ත්‍රින් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ගැන ගෝඨාභය පාර්ශවයේ දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කොට ඇති බව සඳහන් වේ.

    එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනා මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය කථානායක ධූරයට යෝජනා කරන බව දැනුම් දී තිබූ අතර එම අවස්ථාවේ ඇයට සහාය දෙන බවටද ප්‍රකාශ කර ඇත. ඒ අනුව පසුගියදා පැවැති මහින්ද පිලේ පක්ෂ නායක රැස්වීමට පසුව, ඊයේ පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීද මහින්ද රාජපක්ෂ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට සහාය පළ කරන ලෙස දැනුම් දී ඇත.

    ඒ අවස්ථාවේ බැසිල් පාර්ශ්‍යවයේ ප්‍රබලයෙකු වන ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ප්‍රසන්න රණතුංග එයට විරෝධය ප්‍රකාශ කර ඇති අතර, මහින්ද රාජපක්ෂ එයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රසන්නත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් දෙදෙනාත් විරුද්ධ නම් ඡන්ද නොදී ඉන්න. අනෙක් අය සුදර්ශනීට ඡන්දය දෙන්න යනුවෙනි. එමෙන්ම මේ අතර ඊයේ පැවැති රහස් ඡන්දය මොහොතේ ඡන්ද දීමෙන් වැළකී සිටි බැසිල් පාර්ශ්‍යවය ඡන්දය දීමට පැමිණ සිටි මන්ත්‍රිවරුන්ට දුරකථනය ඔස්සේ පාර්ලිමේන්තු කැන්ටිමට කැඳවා ගෙන ගොස් කැන්ටිමේ වාඩි කරවාගෙන ඡන්දය දීමෙන් වළක්වා ගෙන ඇති බවද සඳහන් වේ.

    එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් කළ මන්ත්‍රිවරයා ජයග්‍රහණය කරවීමේ අරමුණින් මහින්ද පිලේ මන්ත්‍රිවරුන් 18 දෙනකු ඡන්දය දෙන අවස්ථාව මඟ හැර ඇති අතර, ඒ අතර මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, කංචන විජේසේකර, තාරක බාලසූරිය, කනක හේරත්, ශෙහාන් සේමසිංහ, රමේෂ් පතිරණ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, මොහාන්ද සිල්වා, ඩී.වී චානක ඇතුළු මන්ත්‍රීවරු වන බවත් සඳහන් වේ.

    දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු 16 දෙනා ශ්‍රිලනිප නියෝජිතයා වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ජන්දය දීමට එකගතාවය පලකර තිබූ නමුත් මෙම මහින්ද පිලේ බෙදීම හේතුවෙන් ඔවුන්ද ජන්දය දීමෙන් වැලකී සිට ඇති අතර අවසානයේ ආනන්ද කුමාරසිරිට ඡන්ද 97 ක් ලැබුණු අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ලැබුණේ ඡන්ද 53 ක් පමණකි.