පොහොට්ටුව ප‍්‍රමාද ගාස්තු ගෙවීම ජාවාරමක

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ක්ෂණික මිලදී ගැනීම් යටතේ හොර රහසේ මෙරටට ගෙන්වන ලද බොරතෙල් නෞකාවක් පසුගිය 25 වනදා පටන් දින දහයක් තිස්සේ ජාත්‍යන්තර මුහුදේ නවතා ඇතැයි ඉන්ධන විදුලි වරාය සමගි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි. එම නැව සදහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්ෂයක මුදලක් ගෙවීමට ගිවිසුම් ගතව ඇති එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. ඊට අමතරව මීට දින 37කට පෙර පැමිණි පිරිපහදු කළ ඉන්ධන සහිත නැවක් ද ජාත්‍යන්තර මුහුදේ නවතා ඇතැයිද හෙතෙම කියා සිටී. මාර්තු 28 වනදා පැමිණ ඇති මෙම නෞකාව අදාළ ඩොලර් ගෙවීමට නොහැකිවීම නිසා තවමත් ජාත්‍යන්තර මුහුදේ නවතා ගෙන ඇතැයි ද එම නැව සඳහා දිනකට ඩොලර් දහඅට දහසක් ගෙවිය යුතු බවත් පැවසූ ඔහු ඒ අනුව ඉතිහාසයේ වැඩිම ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන ඉන්ධන නැව මෙය වනු ඇති බවත් ඔහු කියා සිටියේය. බොරතෙල් නැවක ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ගෙවන්නට සිදු වන්නේ ඩොලර් විසිපන්දහසක පමණ මුදලක් වුවද අද වන විට ප්‍රමාද ගාස්තු ගෙවීම හා ක්ෂණික මිලදී ගැනීම් ජාවාරමක් බවට පත්වෙමින් තිබෙන බවත් මේ වසරේ ගෙවී ගිය කාලය තුළ නැව් 8කට පමාද ගාස්තු ගෙවා ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔවනම් තනිකර බයිල ගෙවල ගන්ඩ සල්ලි නැත්තන් හරවල යවන්ඩද කියන්නෙ?????
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව