Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටු මන්ත්රී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජරමර කරන කසිප්පු පෙරණ මන්ත්රී මැරයෝ

1 සැප්තැම්බර්, 2018

විශේෂාංග

රටේ මහජන නියෝජිතයන් සිටිය යුත්තේ මහජනතාවට සේවය කිරීමට මිස නොහික්මුණු, අධම ක්රියාකාරකම්වල නිරත වීමට නොවේ. ඒ අනුව රටේ නීතියට අවනතව ජනතා සුබසිද්ධිය තකා සේවය කිරීම ලොකු - පොඩි සෑම ජනතා නියෝජිතයකුගේම යුතුකම සහ වගකීමයි. එහෙත් නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතන නිලධාරීන් මෙන්ම රටේ ජනතාවගේ සුබසිද්ධියට කැපවී සිටින රාජ්ය නිලධාරීන් සමඟ ගැටුම් ඇතිකරගනිමින් කලහකාරී ලෙස හැසිරුණ ජනතා නියෝජිතයන් කීප දෙනෙක්ම පසුගිය දින කීපයේ වාර්තා විණි.

ඒ සෑම දෙනෙක්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ‘පොහොට්ටු’ මනත්රීවරුන් වීම විශේෂත්වයකි.

පසුගිය 18 වැනිදා රාත්රී 11.06ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් ඇතුළුවීමට පැමිණි 47-4309 දරන සුදු පැහැති කැන්ටර් රථයේ විදුලි ආලෝකය මඳකම නිසා අධිවේගයේ ධාවනයට නුසුදුසු බව ඒ අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියාගේ නිගමනය විය.

එහෙත් එම අණ නොතකා ධාවනය වූ රථය කඩුවෙල කොතලාවල පිවිසුමෙන් පිටවීමට සැරැසෙද්දී එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියා වාහනය නතර කළේය. නතර කර ප්රශ්න කිරීමට සූදානම් වූයේ ගැලනිගමින් ලැබුණු පණිවිඩයත් සමඟිනි.

ඒ මොහොතේ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා වන ආකාරයෙන් හැසිරුණු එම රියැදුරා පසුව පොලිස් නිලධාරියාට පහර දෙන්නට පටන් ගත්තේය. මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරදට ප්රශ්න කිරීම නිසා පොලිස් නිලධාරියකුට පහර දෙමින් මේ අශිෂ්ට හැසිරීම ප්රදර්ශන කළේ පොහොට්ටුවේ ප්රාදේශීය සභා මන්ත්රී වරයෙකි. ඔහු ගියවර පළාත් පාලන මැතිවරණයට අලව්ව ප්රාදේශීය සභාවට වඩුවාව කොට්ඨාසයේ ‘ලිස්ට්’ එකෙන් ඉදිරිපත් වූ 35 හැවිරිදි චමින්ද වීරවංශ නමැත්තාය.

මොහු මන්ත්රීවරයකු වී තිබෙන්නේද අහම්බෙනි. ඒ එම ප්රාදේශීය සභාවට නුංගමුව කොට්ඨාසයෙන් තේරී පත්වූ සේනාධීර නමැති මන්ත්රීවරයා මියයාම නිසායි. චමින්ද නමැති මේ ප්රාදේශීය සභා මන්ත්රීවරයා සභාව නියෝජනය කර තිබෙන්නේද තවම එක් දිනක් පමණක් බව එම සභාවේ මන්ත්රීවරුන් අපට කීවේය. එසේම මොහු වඩුවාව කොට්ඨාසයෙන් ඉදිරිපත් වී නුංගමුව කොට්ඨාසයේ මන්ත්රීවරයා මියයාම නිසා පුරප්පාඩු වූ මන්ත්රීකම තමා හට ලබාගෙන තිබෙන්නෙද අයථා ආකාරයෙනි. පොහොට්ටු දේශපාලන බලධාරීන්ට බැලමෙහෙවර කිරීමෙනි.

අනතුරුව මේ මන්ත්රීවරයා නවගමුව පොලීසියේ අත්අඩංගුවට පත් විය. පසුව හෝමාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී රෝහලෙන්ද පැන යාමට තැත් කළේය. ඒ මහජන නියෝජිතයන්ගේ වගකීම ‘තිත’ට ඉටුකිරීමේ ලක්ෂණ පෙන්නුම් කරමිනි.

මේ අතරේ හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාවට බත්ගම්පත්තුව කොට්ඨාසයෙන් තේරී පත්වූ පොහොට්ටු මන්ත්රීවරයකු වූ මින්නේරිය රජඇළ පදිංචිකරුවකු වන ජයන්ත දළදාවත්ත ඇතුළු දසදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූයේ පසුගිය 28 දා රාත්රියේය. ඔහු ඇතුළු පිරිස එසේ අත්අඩංගුවට ගැනුණේ පසුගිය 26 දා මින්නේරිය ජාතික වනෝද්යානය තුළ පිහිටි මින්නේරිය වැවේ තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයකු අත්අඩංගුවට ගැනීම නිසා වනජීවි කාර්යාලය වටලා එහි සිටි නිලධාරින් සිවුදෙනෙකුට පහර දීමේ සිද්ධියක් නිසාවෙනි.

එම සිදුවීමේදී ද මහජන නියෝජිතයකුගෙන් විය යුතු සේවය පසෙකලා රාජ්ය නිලධාරින්ට පහර දෙමින් නීතිය අතට ගෙන කටයුතු කළ මෙම මන්ත්රීවරයා පෙන්වූයේ නූගත් මැරකමේ ස්වරූපය ය.

එසේ නීතිය අතට ගැනීමට පොහොට්ටු මන්ත්රීවරුන් සැරැසෙද්දී කසිප්පු ජාවාරමකටද සම්බන්ධ තවත් පොහොට්ටු මන්ත්රීවරයකු අත්අඩංගුවට පත්වූයේ පසුගිය 30 වැනිදායි. මාවනැල්ල, අලුත්නුවර, එනසාල්වත්ත ප්රදේශයේදීය. එලෙස අත්අඩංගුවට ගැනුණේ ප්රියන්ත අල්කේගම නැමැත්තෙකි.

මේ කසිප්පු කාරයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අලුත්නුවර කොට්ඨාසයෙන් මාවනැල්ල ප්රාදේශීය සභාවට තේරී පත්වූ අයෙකි. කසිප්පු ප්රියන්ත අත්අඩංගුවට පත්වන්නේ කසිප්පු බෝතල් 25ක් හා ගොඩා ලීටර 180 ක් සමඟය.

නිවෙස ඉදිරිපිට ගඩොල් පෝරණුවක් අසල කලෙක සිටම ගජරාමෙට කරගෙන ගොස් තිබූ එම කසිප්පු ජාවාරම ජනතා නියෝජිතයකු වූ පසුවවත් නතර නොකිරීමට තරම් එම මන්ත්රීවරයා ජනතා වාදී වී තිබුණේය. ඒ නිසාම ජනතාව පොලිසියට ලබා දුන් ඔත්තුවකට අනුව මේ වැටලීම සිදුකළේය.

නීතිය අතට ගැනීම්, නීති විරෝධී ක්රියා සිදුකිරීම්, රාජ්ය දේපොළ විනාශ කිරීම්, රාජ්ය සේවකයන්ට පහර දීම් සිදුකරන මහජන නියෝජිතයන් දැන් ප්රාර්ථනා කරමින් සිටින්නේ තමන්ගේ ආණ්ඩුවකි. එවැනි ආණ්ඩුවක් සහිත රටක පුරවැසිකයෙකුගේ අත්දැකීම කෙබඳු විය හැකි දැයි අප තවමත් කල්පනා කරමින් සිටින්නේය.

- අමිල

- http://www.silumina.lk/2018/09/01/විශේෂාංග/ජරමර-කරන-කසිප්පු-පෙරණ-මන්ත්රී-මැරයෝ

[QUOTE="monson, post: 23601204, member: 30005"] [B][SIZE="5"]ජරමර කරන කසිප්පු පෙරණ මන්ත්රී මැරයෝ[/SIZE][/B] [SIZE="4"]1 සැප්තැම්බර්, 2018 විශේෂාංග රටේ මහජන නියෝජිතයන් සිටිය යුත්තේ මහජනතාවට සේවය කිරීමට මිස නොහික්මුණු, අධම ක්රියාකාරකම්වල නිරත වීමට නොවේ. ඒ අනුව රටේ නීතියට අවනතව ජනතා සුබසිද්ධිය තකා සේවය කිරීම ලොකු - පොඩි සෑම ජනතා නියෝජිතයකුගේම යුතුකම සහ වගකීමයි. එහෙත් නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතන නිලධාරීන් මෙන්ම රටේ ජනතාවගේ සුබසිද්ධියට කැපවී සිටින රාජ්ය නිලධාරීන් සමඟ ගැටුම් ඇතිකරගනිමින් කලහකාරී ලෙස හැසිරුණ ජනතා නියෝජිතයන් කීප දෙනෙක්ම පසුගිය දින කීපයේ වාර්තා විණි. [COLOR="Red"]ඒ සෑම දෙනෙක්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ‘පොහොට්ටු’ මනත්රීවරුන් වීම විශේෂත්වයකි.[/COLOR] පසුගිය 18 වැනිදා රාත්රී 11.06ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් ඇතුළුවීමට පැමිණි 47-4309 දරන සුදු පැහැති කැන්ටර් රථයේ විදුලි ආලෝකය මඳකම නිසා අධිවේගයේ ධාවනයට නුසුදුසු බව ඒ අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියාගේ නිගමනය විය. එහෙත් එම අණ නොතකා ධාවනය වූ රථය කඩුවෙල කොතලාවල පිවිසුමෙන් පිටවීමට සැරැසෙද්දී එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියා වාහනය නතර කළේය. නතර කර ප්රශ්න කිරීමට සූදානම් වූයේ ගැලනිගමින් ලැබුණු පණිවිඩයත් සමඟිනි. ඒ මොහොතේ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා වන ආකාරයෙන් හැසිරුණු එම රියැදුරා පසුව පොලිස් නිලධාරියාට පහර දෙන්නට පටන් ගත්තේය. මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරදට ප්රශ්න කිරීම නිසා පොලිස් නිලධාරියකුට පහර දෙමින් මේ අශිෂ්ට හැසිරීම ප්රදර්ශන කළේ පොහොට්ටුවේ ප්රාදේශීය සභා මන්ත්රී වරයෙකි. ඔහු ගියවර පළාත් පාලන මැතිවරණයට අලව්ව ප්රාදේශීය සභාවට වඩුවාව කොට්ඨාසයේ ‘ලිස්ට්’ එකෙන් ඉදිරිපත් වූ 35 හැවිරිදි චමින්ද වීරවංශ නමැත්තාය. මොහු මන්ත්රීවරයකු වී තිබෙන්නේද අහම්බෙනි. ඒ එම ප්රාදේශීය සභාවට නුංගමුව කොට්ඨාසයෙන් තේරී පත්වූ සේනාධීර නමැති මන්ත්රීවරයා මියයාම නිසායි. චමින්ද නමැති මේ ප්රාදේශීය සභා මන්ත්රීවරයා සභාව නියෝජනය කර තිබෙන්නේද තවම එක් දිනක් පමණක් බව එම සභාවේ මන්ත්රීවරුන් අපට කීවේය. එසේම මොහු වඩුවාව කොට්ඨාසයෙන් ඉදිරිපත් වී නුංගමුව කොට්ඨාසයේ මන්ත්රීවරයා මියයාම නිසා පුරප්පාඩු වූ මන්ත්රීකම තමා හට ලබාගෙන තිබෙන්නෙද අයථා ආකාරයෙනි. පොහොට්ටු දේශපාලන බලධාරීන්ට බැලමෙහෙවර කිරීමෙනි. අනතුරුව මේ මන්ත්රීවරයා නවගමුව පොලීසියේ අත්අඩංගුවට පත් විය. පසුව හෝමාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී රෝහලෙන්ද පැන යාමට තැත් කළේය. ඒ මහජන නියෝජිතයන්ගේ වගකීම ‘තිත’ට ඉටුකිරීමේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. මේ අතරේ හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාවට බත්ගම්පත්තුව කොට්ඨාසයෙන් තේරී පත්වූ පොහොට්ටු මන්ත්රීවරයකු වූ මින්නේරිය රජඇළ පදිංචිකරුවකු වන ජයන්ත දළදාවත්ත ඇතුළු දසදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූයේ පසුගිය 28 දා රාත්රියේය. ඔහු ඇතුළු පිරිස එසේ අත්අඩංගුවට ගැනුණේ පසුගිය 26 දා මින්නේරිය ජාතික වනෝද්යානය තුළ පිහිටි මින්නේරිය වැවේ තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයකු අත්අඩංගුවට ගැනීම නිසා වනජීවි කාර්යාලය වටලා එහි සිටි නිලධාරින් සිවුදෙනෙකුට පහර දීමේ සිද්ධියක් නිසාවෙනි. එම සිදුවීමේදී ද මහජන නියෝජිතයකුගෙන් විය යුතු සේවය පසෙකලා රාජ්ය නිලධාරින්ට පහර දෙමින් නීතිය අතට ගෙන කටයුතු කළ මෙම මන්ත්රීවරයා පෙන්වූයේ නූගත් මැරකමේ ස්වරූපය ය. එසේ නීතිය අතට ගැනීමට පොහොට්ටු මන්ත්රීවරුන් සැරැසෙද්දී කසිප්පු ජාවාරමකටද සම්බන්ධ තවත් පොහොට්ටු මන්ත්රීවරයකු අත්අඩංගුවට පත්වූයේ පසුගිය 30 වැනිදායි. මාවනැල්ල, අලුත්නුවර, එනසාල්වත්ත ප්රදේශයේදීය. එලෙස අත්අඩංගුවට ගැනුණේ ප්රියන්ත අල්කේගම නැමැත්තෙකි. මේ කසිප්පු කාරයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අලුත්නුවර කොට්ඨාසයෙන් මාවනැල්ල ප්රාදේශීය සභාවට තේරී පත්වූ අයෙකි. කසිප්පු ප්රියන්ත අත්අඩංගුවට පත්වන්නේ කසිප්පු බෝතල් 25ක් හා ගොඩා ලීටර 180 ක් සමඟය. නිවෙස ඉදිරිපිට ගඩොල් පෝරණුවක් අසල කලෙක සිටම ගජරාමෙට කරගෙන ගොස් තිබූ එම කසිප්පු ජාවාරම ජනතා නියෝජිතයකු වූ පසුවවත් නතර නොකිරීමට තරම් එම මන්ත්රීවරයා ජනතා වාදී වී තිබුණේය. ඒ නිසාම ජනතාව පොලිසියට ලබා දුන් ඔත්තුවකට අනුව මේ වැටලීම සිදුකළේය. නීතිය අතට ගැනීම්, නීති විරෝධී ක්රියා සිදුකිරීම්, රාජ්ය දේපොළ විනාශ කිරීම්, රාජ්ය සේවකයන්ට පහර දීම් සිදුකරන මහජන නියෝජිතයන් දැන් ප්රාර්ථනා කරමින් සිටින්නේ තමන්ගේ ආණ්ඩුවකි. එවැනි ආණ්ඩුවක් සහිත රටක පුරවැසිකයෙකුගේ අත්දැකීම කෙබඳු විය හැකි දැයි අප තවමත් කල්පනා කරමින් සිටින්නේය. - අමිල[/SIZE] - [url]http://www.silumina.lk/2018/09/01/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%A2%E0%B6%BB%C2%AD%E0%B6%B8%E0%B6%BB-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%9A%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom