පොහොට්‍ටුවේ ලොකුම පෙති දෙක ගැලවෙයි.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොහොට්‍ටුවේ ලොකුම පෙති දෙක ගැලවෙයි.

මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුනවර්දන ආන්ඩුවට එනවා. නිමල් ලන්සා ගත්ත එකට එකට එක කිරීමක් විදිහට. දැන් පොහොට්‍ටුව පිපෙන්න කලින් පෙති ගැලවෙනවා.පෙති නැති පොහොට්‍ටුව පිපින්නෙ නෑ.
♩ ♪ ♫ ♬පිපී පිපී රේනු මලක වනේ මලක හැප්පිලා වරෙන් වරෙන් හුලන් පොදක් අපේ ඇගේ ගෑවිලා♩ ♪ ♫ ♬
 

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුනවර්දන ආන්ඩුවට එනවා. නිමල් ලන්සා ගත්ත එකට එකට එක කිරීමක් විදිහට. දැන් පොහොට්‍ටුව පිපෙන්න කලින් පෙති ගැලවෙනවා.පෙති නැති පොහොට්‍ටුව පිපින්නෙ නෑ.
    ♩ ♪ ♫ ♬පිපී පිපී රේනු මලක වනේ මලක හැප්පිලා වරෙන් වරෙන් හුලන් පොදක් අපේ ඇගේ ගෑවිලා♩ ♪ ♫ ♬

    ආනේ ලොකුම හොරැ දෙන්නෙක් ඇවිත් හරි සෝයි හොර වැඩ කරනකොට තියෙන අප්පිරියාව.. අප්පිරියා මල පෙරේත කාලකන්නි මජර ගතිය අයියේ.. ඒක යන්නේ නෑ ඉතෙන්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආනේ ලොකුම හොරැ දෙන්නෙක් ඇවිත් හරි සෝයි හොර වැඩ කරනකොට තියෙන අප්පිරියාව.. අප්පිරියා මල පෙරේත කාලකන්නි මජර ගතිය අයියේ.. ඒක යන්නේ නෑ ඉතෙන්

    මහ එකා හොරා උනාම පොඩි අයත් නිකන් ඉන්නේ නෑනේ.දැන් මෛත්‍රී ඉන්න නිසා මේ අය කලින් වැරදි කරන එකක් නෑ. පාලකයාඅ යහපාලකයෙක් නම් පොඩි අයත් ඉබේම හැදෙනවා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ‘ඒකාබද්ධයේ මන්ත්‍රීලා දවසින් දවස ඒක අතහැර යන්නේ අනාගතයක් නැති බව තේරිලා‘ - එජාපය මහනුවර නගර සභාවට ඇප මුදල් තැන්පත් කරමින් කිරිඇල්ල කියයි


    (ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.16, ප.ව‍‍‍‍‍‍‍.10.40) පසුගිය කාලය තුළ අපි ශීලාචාර රජයක් බිහිකළා අපිට ආඩම්බර වියහැකි රටක් නිර්මාණය කරන්න අපි අත්තිවාරම දාලා තියෙනවා. මහනුවර එජාප ජනතා නියෝජිතයන් ඉහලින්ම දිනන බව දන්නවා යි පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (16) ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර මහ නගර සභාව හා කඩවත්සතර ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ ඇප මුදල් තැන්පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

    අපි චාරිත්‍රානුකුලව දළදා වහන්සේ වැඳ පුදාගෙන මේ මැතිවරණ සටන ආරම්භ කරලා තියෙනවා. ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය යහපාලන රජයට ලැබෙන එක ඒකාන්තයි. පසුගිය කාලය තුළ අපි ශීලාචාර රජයක් බිහිකරලා තියෙනවා. අපිට ආඩම්බර වියහැකි රටක් නිර්මාණය කරන්න අපි අත්තිවාරම දාලා තියෙනවා. ඉතින් මහනුවර මහනගර සභාව විතරක් නෙමෙයි ලංකාව පුරාම අපේ මැතිවරණ සටනට දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබෙන එක ඒකාන්තයි.

    ජනාධිපති මැතිවරනය අපි ඡන්ද අසූ එක්දහසකින් දිනුවා.. පාර්ලිමේන්තු මැතිවරණයත් එක්ලක්ෂ තිස්දහසකින් දිනුවා. එළඹෙන පළාත් පාලන මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා ඒ ගැන කිසිදු සැකයක් නැහැ.

    අද වෙනකොට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා දවසින් දවස ඒකාබද්ධ විපක්ෂය අත්හැරලා යනවා. අත්හැරලා යන්නේ ඒ තුළ අනාගතයක් නැති නිසා වෙන්නැති.

    පළාත් පාලන මැතිවරණය සඳහා අපි පිරිසිදු අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තියෙනවා. ජනතාවට පුළුවන් අවශ්‍ය අයට ඡන්දය දෙන්න. අවසාන වශයෙන් ජනතාවගේ ඡන්දයෙන් මහජන නියෝජිතයින් තේරී පත්වෙනවා.

    අපේ අපේක්ෂක ලැයිස්තුවේ සියළු ජාතින්, සියළු ආගම් නියෝජනය කරන අපේක්ෂකවරු ඉදිරිපත් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය විදිහට අලියා ලකුණින් අපි ඉදිරිපත් වෙනවා.

    මේ ආණ්ඩුව 2025 වෙනකම් තියෙනවා. ඉදිරි කාලයේදි අගමැතිතුමා මහනුවර නගරයට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න යනවා. ජපන් ආධාර වලින් මහනුවර නගරය දියුණු කරන්න කැපවෙලා තියෙනවා. ඒ නිසා මුළු රටේම සංවර්ධන වැඩකටයුතු කරගෙන යන්න එක්සත් ජාතික පෙරමුණ රජයක් බිහිකරන්න කියලා ජනතාවගෙන් මං ඉල්ලීමක් කරනවා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නැගිටපන් නැගිටපන් දැන් දවල් වෙලා.. මොකෝ ඊයේ රෑ එලි වෙනකම් වික්කාමසිංහ මහත්තය බඩ උඩද හිටියේ? :rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    මම හිතන්නේ දැන් ශිරන්තිගේත් වැඩිම මනාපය මයිත්‍රීට
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මේ දෙන්නා ආණ්ඩුවට යන්නේ නෑ. වැඩි පුරම ආණ්ඩුව විවේචනය කරන්නේ මේ අයනේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සංවර්ධෙන්ට නැති සල්ලි මන්ත්‍රීවරු බිලිබාන්න නම් තිෙයනවා බිලියන වලින්
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුනවර්දන ආන්ඩුවට එනවා. නිමල් ලන්සා ගත්ත එකට එකට එක කිරීමක් විදිහට. දැන් පොහොට්‍ටුව පිපෙන්න කලින් පෙති ගැලවෙනවා.පෙති නැති පොහොට්‍ටුව පිපින්නෙ නෑ.
    ♩ ♪ ♫ ♬පිපී පිපී රේනු මලක වනේ මලක හැප්පිලා වරෙන් වරෙන් හුලන් පොදක් අපේ ඇගේ ගෑවිලා♩ ♪ ♫ ♬
    maru denna ganne un gannawata wada hodai nikm inna eka