පොහොසත් අයම සාර්ථක වෙන්නෙ ඇයි?
අද අපි කතාකරන්නෙ මමත් ඇතුලුව ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් ගැන. “ඇයි පොහොසත් සහ සාර්ථක අයම විතරක් දියුණු වෙන්නෙ? නැති බැරි අය හැමදාම එකම තැන ඇයි?” කියන මාතෘකාව ගැන.
මට මතක් වුනා සුනිල් පෙරේරා මහත්මයා ගායනා කරපු හාස්‍යජනක ගීතයක්.
“I don’t no why” ගීතයේ මෙන්න මෙහෙම කියනවා,
බොහෝ දෙනා එහෙම කියනවා ඔයාලත් අහලා ඇති. අපි බලමු කොහොමද මේ පොහොසත් අයම තව තවත් පොහොසත් වෙන්නෙ, මොකද්ද මේ රහස කියලා.
ඇත්තටම එහෙම වෙන්නෙ එයාලගෙ වාසනාව හින්දා විතරක්ම නෙමෙයි. ඔවුන් පොහොසත් පවුල්වල ඉපදුන නිසා හෝ ලොතරැයි දිනුමක් ඇදුනු නිසාම නෙමෙයි. තවත් ගොඩක් දේවල් බලපානවා. ඒ මොනවාද?
බොහෝ දෙනෙක්ට හිතෙනවා ඇති ඇත්තටම මේ ආර්ථික ක්‍රමය ගොඩක් අසාධාරණයි කියලා. ඒත් මේකට මූලිකම හේතුව තමයි ආදායම් පරතරය නැතිනම් විෂමතාවය. සාමාන්‍ය පුද්ගලයන් උපයන ආදායම සහ ධනවත් අය උපයන ආදායම වගේම දෙපාර්ශවයම වියදම් කරන ආකාරය.
සාර්ථක පුද්ගලයන්ගේ මේ මුල්‍ය ප්‍රවණතාව ගැන ආර්ථික විශේෂඥයින් අධ්‍යනය කරලා හොයාගත්ත කරුණු කිහිපයක් තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ.
1. ඔවුන් අවදානම් ගන්නවා.
සාර්ථක වෙන එක ඇත්තටම Highway එකක Drive කරනවා වගේ නෙමෙයි. ඉහලට ගිය පුද්ගලයෙක් කියන්නෙ ගොඩක් බාධා මැඩගෙන නොසැලී ඉදිරියට ගිය කෙනෙක්. මේ අතර අතලොස්සක් පිරිස එහෙම නොවෙන්න පුළුවන්. ඒ පිරිසව අපි අර මුලින් කියපු වාසනාව සහ උත්පත්තියෙන්ම ගෙනාපු ධනවත්කම තියෙන ගොඩට දාමු.
නිතරම අවදානමක් අරගෙන වුනත් වෙනස් පියවරක් තියන්න එයාලා මැලි වෙන්නෙ නෑ. මොකද ඔවුන් දන්නවා අවදාවමක් ගන්නෙ නැතුව දෙයක් කරන්න බෑ කියලා. Everest තරණය කරන්නත් ජීවිත අවදානමක් ගන්න ඕනෙ.
වැටෙන එක අසමත් වෙන එක සාර්ථකත්වයට යන ගමනේ බලාපොරොත්තු වෙන්නම ඕනෙ දෙයක්. ඒ දේවල් වලට මුහුණ නොදුන්නොත් තමයි ඇත්තටම ජීවිතෙන් වැටෙන්නෙ.
2. ඔවුන් තම තමන්ම ආයෝජනය කරනවා.
ධනවතුන් බොහෝ දුරට ඉතිරි කරනවා. නැත්නම් ආයෝජනය කරනවා. ඔවුන් උපක්රමශීලීව ආයෝජනය කරන ගමන් ඔවුන්ගේ කොටස්, දේපල, ආයෝජනයන් හෝ ව්‍යාපාරයන්ගෙන් වැඩි ප්‍රතිලාභයක් අරගන්න බව පේනවා.
ව්‍යාපාර වලදි වියදම් කරන්න කලින් එයින් ලැබෙන ආදායම් ගැන හොදින් හොයලා බලනවා. අවදානමට පෙර සුදානම් වෙලා ඉන්න එක කොයිකටත් හොදයිනේ.
3. ඔවුන් අනුකරණය කිරීමට කැමති අය සමඟ ඇසුරු කරනවා.
ඕයාලා දන්නවා ඇති Microsoft සමාගමේ අධිපති Bill Gates ඇසුරු කරන්නේ තමන්ට දෙයක් ගන්න පුළුවන් වැදගත් පුද්ගලයන්ව විතරයි කියලා.
ඒක බුදුරජානන් වහන්සේත් දේශනා කරපු ධර්මයක්. ” බාලයින් ඇසුරු කරන්න එපා” කියන එක.
වැඩකට නැති අය ආශ්‍රය කරන එකෙන් වෙන්නෙ ඔවුන්ගේ වගේම තමන්ගෙ වටිනා කාලයත් නාස්ති වෙන එක. ඇත්තටම දෙයක් ගන්න පුළුවන් කෙනෙක්ව ආශ්‍රය කරද්දි ඔවුන්ගේ හොද ගතිගුණ, වටිනාකම් (ඒ කියන්නෙ දියුණුවෙන්න කරන කැපකිරීම්) වගේ දේවල් තමන්ටත් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. එයාලට තමයි අපි Inspirational Peoples කියලා කියන්නේ. උදාහරණයක් තමයි Bill Gates.
මෙන්න ලස්සන Quote එකක්!
4. ඔවුන් උදෑසනින් වැඩ පටන්ගන්නවා.
ලෝකෙයේ බහුතරයක් උදේට Alarm එක වැදෙද්දී Snooze Button එක Avarage එකක් විදියට 10 වතාවක්වත් Press කරනවා කියලා තමයි සංගනණයන් පෙන්වලා දෙන්නේ. මේක ඒ තරම්ම කම්මලියෝ ඉන්න ලෝකයක්.
සාර්ථක මිනිසුන් ගොඩක් ප්‍රබෝදයෙන් දවස අරබනවා කියලා තමයි කියන්නේ. එයාලගේ Morning Routine එකට ව්‍යායාම, දවසේ තමන් කරන දේවල් ගැන හිතන එක, ඉලක්ක ගැන හිතන එක වගේ එදා දවසට අදාල Daily Goal එකක් එයාලා බොහෝ දෙනෙක් හදාගන්නවා. හොද උදේ ආහාරයක් (Morning Diet) ගන්න එකත් දවස නැවුම්ව පටන් ගන්න හොදම සාධකයක්.
5. ඔවුන් හැමතිස්සෙම ඔවුන්ගෙ ඉලක්ක ගැන හිතනවා.
කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා තමන්ගෙ ඉලක්කය ඔවුන් අතහරින්නෙ නැහැ. නිතරම තමන්ට අවශ්‍ය දේ කරන්න, තමන්ට අවශ්‍ය තැනට යන්න නුවණින් කටයුතු කරනවා. නිතරම තමන්ගේ Target එක Focus කරගන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න. මහන්සි වෙන්න.
මේ දේවල් යම්තාක් දුරකට හරි අපේ ජීවිතේට අපි එකතු කරගත්තොත් අපේ මේ පුංචි රටේ හැදිලා දියුණු වුන ආඩම්බර ශ්‍රී ලාංකිකයෙක් වෙන්න අපිටත් බැරි නෑ නේද?
ඔයාලගේ අදහස් ගැන කියන්නත් අමතක කරන්න එපා.

ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි..
නැති එකාට දෙයියො මොකුත් දෙන්නෙ නැත්තෙ ඇයි..

ඇයි එහෙම කියන්නෙ? එයින් අදහස් වෙන්නෙ නෑ පොහොසත් වෙන්න ඕනෙ කියලා තමන්ගෙ දුප්පත් අම්මව තාත්තාව අතහරින්න කියලා. පුළුවන් තරම් සුභවාදී පුද්ගලයින් ඇසුරු කරන්න කියලා තමයි අදහස් වෙන්නෙ. මොකද එහෙම කියන්නේ? හේතුව තමයි හොරු හතරදෙනෙක් ඉන්න කාමරයකට වැරදිලා හරි ඔයා ගියොත් ඔයා එතන පස් වෙනි හොරා වෙන නිසා. පැහැදිලියිනේ?If you want to be rich, hang around rich people.
ඔබට පොහොසත් වෙන්න ඕනෙනම්,පොහොසත් අයම ඇසුරු කරන්න.
4. ඔවුන් උදෑසනින් වැඩ පටන්ගන්නවා.
ලෝකෙයේ බහුතරයක් උදේට Alarm එක වැදෙද්දී Snooze Button එක Avarage එකක් විදියට 10 වතාවක්වත් Press කරනවා කියලා තමයි සංගනණයන් පෙන්වලා දෙන්නේ. මේක ඒ තරම්ම කම්මලියෝ ඉන්න ලෝකයක්.
සාර්ථක මිනිසුන් ගොඩක් ප්‍රබෝදයෙන් දවස අරබනවා කියලා තමයි කියන්නේ. එයාලගේ Morning Routine එකට ව්‍යායාම, දවසේ තමන් කරන දේවල් ගැන හිතන එක, ඉලක්ක ගැන හිතන එක වගේ එදා දවසට අදාල Daily Goal එකක් එයාලා බොහෝ දෙනෙක් හදාගන්නවා. හොද උදේ ආහාරයක් (Morning Diet) ගන්න එකත් දවස නැවුම්ව පටන් ගන්න හොදම සාධකයක්.
5. ඔවුන් හැමතිස්සෙම ඔවුන්ගෙ ඉලක්ක ගැන හිතනවා.
කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා තමන්ගෙ ඉලක්කය ඔවුන් අතහරින්නෙ නැහැ. නිතරම තමන්ට අවශ්‍ය දේ කරන්න, තමන්ට අවශ්‍ය තැනට යන්න නුවණින් කටයුතු කරනවා. නිතරම තමන්ගේ Target එක Focus කරගන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න. මහන්සි වෙන්න.
මේ දේවල් යම්තාක් දුරකට හරි අපේ ජීවිතේට අපි එකතු කරගත්තොත් අපේ මේ පුංචි රටේ හැදිලා දියුණු වුන ආඩම්බර ශ්‍රී ලාංකිකයෙක් වෙන්න අපිටත් බැරි නෑ නේද?
ඔයාලගේ අදහස් ගැන කියන්නත් අමතක කරන්න එපා.
මගේ 1st Thread එක. හැමෝටම Hi කියනවා!

Source : TopEmoney.com
http://topemoney.com/why-do-the-rich-keep-getting-richer/