පොළොන්නරුවෙ පොඩි විජේ - RePost බුවා
මුලින් හෙමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
උඹලට මතකද මම අවුරුදු දවසට, කලින් දවසෙ උදවක් ඉල්ලුවා.
මේ thread එකට bump, comment දාපු හෙමෝටම ස්තුතියි...
djnick ගෙ උදව්වෙන් මම
RePost බුවා අදුන ගත්තා.
එදා රෑම RePost බුවා මට call කරල කිව්වා ,උඹ බය නැතුව පොළොන්නරුවෙ වරෙන්, උඹට කොහොමහරි ආපසු ගෙදර යන්න සෙට් කරල දෙන්නම් කියලා.
කිව්ව වගේම පහුවදා උදේ RePost බුවා කතා කරල කිව්ව , වැඩේ හරි ,ටිකට් 2ක් බුක් කලා කියලා. (රෑ 12 තිබුන බස් එකේ ටිකට් තිබිල නෑ.රෑ 11.30 අවුරුදු විශේෂ බස් එකක් දානව කියලා උදේ ආරංචිය ආව ගමන්, RePost බුවා ගෙ රියදුරු මහත්තය CTB එකට යවලා මට ටිකට් 2ක් බුක් කරලා තිබුනා.)
මම හවස 5 වෙන කොට පොළොන්නරුවට ගියා. RePost බුවා මාව ගන්න පොලොන්නරුව පොලහංදියට ඇවිත් හිටියා. ටිකට් එක මගේ අතට දෙන්නත් කලින්, බුවා මගෙන් ඇහුවෙ ,උඹ දවාලට කෑවද කියලා. (මම කොළබින් උදේ 10;30 නිසා දවාලට කාල හිටියෙ නෑ.) මම කිව්ව නෑ කියලා. එහෙනම් යමන් කන්න කියල , මාවත් අරන් කෑම කඩේකට ගියා. මම බත් කාලා , අත හෝදලා එනකොට, RePost බුවා සල්ලි ගෙවලත් විවරයි.මම සල්ලි දුන්න්නට සල්ලි ගත්තෙත් නෑ.
ඊට පස්සෙ මාව පොලොන්නරුවෙ පරාක්‍රම සමුද්‍රෙ පෙන්නනත් එක්කගෙන ගියා. එතනදිත් පේර වගයක් ගත්ත, ඒකටවත් මට සල්ලි දෙන්න දුන්නෙ නෑ.
බස් එක තියෙන්නෙ 11.30 නිසා ,RePost බුවා කිව්වා ,එයාලගෙ office එකට ගිහින් ඉමු කියලා.RePost බුවාට තවත් කරදර කරන්න බැරි නිසා, මම අක්ක ඉන්න තැනට ගියා.
ඊට පස්සෙ 11:30 බස් එකෙන් අපි ගාලු ආවා. ගාල්ලට එනකොට උදේ 6:30 යි.6:45 වෙනකොට ගෙදරටම අවා.
RePost බුවාට පිංසිද්ද වෙන්න කිසිම රස්තියාදුවක් නෑතුව, හිතුවටත් කලින් ගෙදර ආවා. ඒ වගේම RePost බුවාට පිංසිද්ද වෙන්න මේ පාර අපේ පවුලෙ 4 දෙනාටම එකට ඉදගෙන අවුරුදු කරන්න පුලුවන් වුනා.අක්ක ආව නිසා, අම්මට තාත්තාටත් ගොඩක් සතුටුයි මචන්.
උඹට ගොඩක් ස්තුතියි මචන්.ඒ වගේම ලැබුනා වු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුදදක් වේවා...!!! ජය වේවා...!!!
උඹලට මතකද මම අවුරුදු දවසට, කලින් දවසෙ උදවක් ඉල්ලුවා.
thread එක
Code:
[SIZE=3]පොළොන්නරුවේ ඉන්න කෙනෙකුගෙන් උදව්වක් ඕන...!!![/SIZE][/SIZE][SIZE=4]http://www.elakiri.com/forum/showthread.php?t=1736030[/SIZE]