පොළොන්නරුවේ වී මෝල් හිමියෝ මාරුවෙන් මාරුවට ලිමිටඩ් එඩිෂන් කාර් ගන්නවා. හරි උජාරුවට අපේ මිනිස්සුත් ඒවා ශෙයා කරනවා.
හැබැයි ගොඩක් දෙනෙක් දන්නෙ නෑ, කුඹුරට බැහැලා ඒ වී ටික වපුරල ගොයම් කපන පොළොන්නරුවේ ගොවියන්ට අද වෙලා තියෙන දේ.
ගිය සතියේ මම හිටියේ හිඟුරක්ගොඩ. හිඟුරක්ගොඩ, මින්නේරිය වැනි ගොවි ජනපද හදලා ගිය අවුරුද්දට අවුරුදු 90. දකුණු පළාතෙන් සහ කොත්මලේ වැනි මධ්‍යම කඳුකරයෙන් ආපු මිනිස්සුන්ට අක්කර 10,15 කියල ගොඩ සහ මඩේ ඒ කාලේ ඉඩම් බෙදලා දෙනවා.
ඊට පස්සේ ඒ මිනිස්සු ගොවිතැන් කරනවා.
තමන්ටම කියලා හදාගත්තු සමූපකාර ක්‍රම හරහා පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට එනකොට ඒ සමූපකාර සමිති ඇතුළට දේශපාලන හෙච්චයියෝ එනවා. එක පැත්තකින් සමූපකාර ක්‍රමය දේශපාලනීකරණය වෙනවා. අනිත් පැත්තෙන් ස්වාභාවික විවසන වලට ගොවියො මුහුණ දෙනවා.
ඒත් එක්කම කොහොම හරි කුඹුර බේරගන්න ණය ගන්නවා. එකපාරක් ණයකාරයෙක් වෙච්ච ගොවියෙක් ආයෙ කවදාවත් ණය නැතුව ඉඳලම නෑ. මේ ධනවාදී ක්‍රමය ඇතුළේ ගොවියො දන්නෙවත් නැතුව ඒ උගුලට අහුවෙනවා.
අක්කර ගණන් ගොවිතැන් කරපු පොළොන්නරුවෙ ගොවියෝ අද වර්ග අඩියක් වත් ඉඩමක් නැතුව 'අඳ ගොවියෝ' වෙලා ඉන්නවා.
චන්දනපොකුණේ මට මුණගැහුනු ගොවි මහත්තයෙක් කියනවා “මේ තරම් කාලයක් කුඹුරේ වැඩ කරපු අපිට කඩෙන් හාල් ගන්න මොනවද වගේ. ඒ නිසා තමයි කොහොම හරි කුඹුරට යන්නේ. කුඹුරට නොයා මම කුලී වැඩකට ගියා නම් මේ සොච්චමට වඩා මට හම්බ කරන්න පුළුවන්..”
පොළොන්නරුවේ 'ලිමිටඩ් එඩිෂන්' කාර් ගන්න මුදලාලිලට රාජ්‍ය බැංකුවලින් කිසිම ඇපයක් නැතුව මිලියන ගණන් ණය දෙනකොට, කුඹුරේ වැඩ කරන මින්නේරියේ ගොවියට තමන් ගත්තු රුපියල් 20,000 කන්න ණය ගෙවාගන්න බැරි වුණාම කොළඹ අධිකරණයේ ප්‍රකෝටි ගණන් සල්ලි තියෙන ඒ මූල්‍ය ආයතනය නඩු දානවා.
1990 ගණන්වල වගා ණය ගෙවා ගන්න බැරුව ගොවියෝ සියදිවි හානි කරගෙන තියෙනවා. අද එයාලගෙ ළමයි ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට අහුවෙලා එල්ලිලා මැරෙනවා. සමහර වෙලාවට මේ අපි දකින්නේ මඩේ බැහැල ගොවිතැන් කරන අවසාන පරම්පරාව වෙන්නත් පුළුවන්.
මේ Rolls Royce ගන්න මුදලාලිලට ඒකාධිකාරී කාටලයක් හදන්න පොඩි මෝල් හිමියන්ව ණය උගුලට අහු කරලා, අද පොඩි මෝල් එකක් වත් නැති තරමටම පොළොන්නරුව පත්වෙලා තියෙනවා.
ලංකාවේ ගොවියෝ බහුතරයක් හැමදාම හිටියේ මහ පාරේ. වී වලට නියම මිලක් නෑ, පොහොර සහනාධාරයක් නෑ, වගා බිමටයි ගමටයි අලි වැටක් නෑ, දැන් අන්තිමට ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය.
දෙසීයටත් වැඩිය ගොවියෝ මේ ප්‍රශ්න නිසාමෑත අවුරුදු දහය ඇතුළේ සියදිවි හානි කරගෙන !!
අද මේ ගොවීන්ගේ ජීවිත කිසිදු වටිනාකමක් නැතුවම පොළොවට පස් වෙලා යනවා. හැබැයි ඔවුන්ගේ ශ්‍රමය සූරකන ප්‍රාග්ධන හිමියෝ ලිමිටඩ් එඩිෂන් කාර් අරන් තමන්ගේ බල්ලවත් ඒකෙ දාගෙන කතරගම යනවා. මේක තමයි දිළිඳු බවේ විෂම චක්‍රය.
// පහළ පින්තූරයේ කවුඩුල්ල ජයතිස්ස මාම අතේ තියාගෙන ඉන්න පත්තරේ 2006 එකක්. එදත් සහතික මිලට රජය වී ගත්තේ නෑ. අදත් ඒ ප්‍රශ්නය එහෙමමයි. ඊට පල්ලෙහා තියෙන පින්තූර දෙක ඒ ප්‍රශ්නයට මොකද වුණේ කියන එක පැහැදිලි කරයි !! //
- Shabeer Mohamed