පොළොන්නරුව UNESCO World Heritage Site

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    පොළොන්නරුව UNESCO World Heritage Site

    පුරාණ පොළොන්නරුව නගරය යුනෙස්කෝ ලෝක උරුමයට අයත් බිම



    4140870896_412f57052b_b.jpg




    ශ්‍රී ලංකාවේ රාජධානිවල දෙවැනි පුරාණ රාජධානිය වූ පොළොන්නරුව, පළමුවැනි විජයබාහු රජතුමා තම අගනුවර ලෙස ප්රලකාශයට පත් කළේය. චෝල ආක්රනමණිකයින් පරාජය කොට දේශීය රජෙකු යටතේ 1070 දී රට නැවත එක්සත් කළේ විජයබාහු රජතුමාය. විජයබාහු රජුගේ ජයග්ර හණය සහ රාජධානිය යුද්ධෝපාය වශයෙන් වඩාත් වැදගත් වූ පොළොන්නරුවට ගෙනයාම සුවිශේෂ කරුණක් විය. එහෙත් ඉතිහාස පොත්වල සඳහන් වන පරිදි පොළොන්නරුවේ සැබෑ වීරයා වශයෙන් සැළකෙන්නේ පළමු වැනි පරාක්රහමබාහු රජතුමාය. චෝල පාලනය යටතේ පැවති සුළු කාලය තුළ පොළොන්නරුව 'ජනනාථමංගලම්' වශයෙන්ද හඳුන්වා ඇත.

    රජතුමාගේ අනුග්රනහය ලැබ කෘෂි කර්මාන්තය සහ වෙළඳාම ඉතා දියුණු වීම නිසා පොළොන්නරුවේ ස්වර්ණමය යුගය ලෙස පරාක්ර මබාහු රජ සමය සළකනු ලැබේ. "අහසින් වැටෙන සෑම වැසි බිඳුවක්ම භූමියේ සංවර්ධනය සඳහා යොදා ගැනීමෙන් තොරව නාස්ති නොවිය යුතුය" යන්න රජුගේ පරම අභිලාෂය විය. පරාක්ර මබාහු රජතුමාගේ කාලයේ ඉදි කරනු ලැබූ වාරි කර්මාන්ත අනුරාධපුරයේ ඒවාට වඩා අතිශයින් උසස් වූයේය. මෙම වාරි ක්රුමයන් මගින් දරුණු නියං කාලයකදී පවා නැගෙනහිර පෙදෙසේ කුඹුරුවලට අදද ජලය සැපයේ. මෙම වාරි කර්මාන්තවලින් විශාලතම එක වන්නේ සම‍හරෙකු මුහුද ලෙස වරදවා තේරුම් ගන්නා පරාක්රරම සමුද්රල නම් අති විශාල ජලාශයයි. එය කෙතරම් විශාලදැයි කිවහොත් ජලාශයේ මේ ඉවුරේ සිටින කෙනෙකුට විරුද්ධ පැත්තේ ඉවුර නොපෙනෙයි. එය ප්රහධාන නගරය වට කොට සිටින්නේ පීත්ත පටියක් පරිද්දෙනි. එය නගරයේ ආරක්ෂක වැටක් ලෙසට මෙන්ම සාමකාමි කාලය තුළ ජනතාවගේ ජල අවශ්යදතා සපුරන ජීවන මාර්ගයක්ද වශයෙන් එක විට ප්ර යෝජනවත් කාර්යයන් දෙකක් ඉටු කළේය. පරාක්රයමබාහු රජතුමාගේ කාලයේ පොළොන්නරුව සම්පුර්ණයෙන්ම ස්වයං පෝෂිත තත්වයේ පැවතියේය.

    ඔහුගෙන් පසු රජ වූ පළමු වැනි නිශ්ශංක මල්ල හැරුණු විට පොළොන්නරුවේ රජ වූ අනෙකුත් සියල්ලෝම දුර්වල පාලකයන් වූ අතර ආරවුල් ඇති කර ගැනීමේ නැඹුරුවක් ඇත්තේ වූහ. එපමණක් නොව ඔවුහු වඩා බලවත් දකුණු ඉන්දීය රාජ්යීයන් සමග වෛවාහික සබඳතාවයන් වැඩි වශයෙන් පැවැත්වූහ. එහි ප්රඇථිඵලයක් වූයේ දේශීය රජ පරම්පරාව අභිබවමින් 1214 දී සිදුවූ කාලිංග මාඝගේ සහ ඉන් පසු 1284 දී සිදු වූ ආර්ය චක්රපවර්තී නම් පාණ්ඩ්යස රජුගේ ආක්රාමණය වැනි ආක්රරමණයන්ට අවස්ථාව ඇති වීමයි. ඉන් පසු අගනගරය දඹදෙණියට ගෙන යනු ලැබීය.

    ඉතා හොඳින් සැලසුම් කළ නගරයක ස්වභාවයද, පොළොන්නරුවේ මුල්ම රජවරුන්ගේ ශ්රේහෂ්ඨත්වයද, ශික්ෂණයද පුරාණ පොළොන්නරුව නගරයේ නටබුන්වලින් පෙන්වා දෙයි. මෙහි ඇති සුන්දරත්වය 'ඩුරන් ඩුරන්' (Duran Duran) නැමති සංගීත කණ්ඩායෙම් ෙස්ව් අ ෙප්යර් සංගීත වීඩියෝ පටය සඳහා දර්ශන ගත කරන ලද පසුබිමක් වශයෙන් යොදා ගෙන ඇත.

    පුරාණ පොළොන්නරුව නගරය ලෝක උරුම බිමක් ලෙස යුනෙස්කෝව විසින් ප්රලකාශයට පත් කර ඇත.


    See below posts to see some awesome unseen photos in Polonnaruwa... :shocked:

    Give a + Rep if you like this post ...!!!



     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    mcn ube threads hamadama wage ape rata gana wadagath yamak tbuna threads
    me wage threads post karanawata thnx
    rep+